28.8 C
Sri Lanka
Tuesday, May 6, 2025
Homeදේශීය පුවත්police newsකැලණි ගඟේ අනවසරයෙන් මැණික් ගැරු ජාවාරමුන් හා නීතිවිරෝධි මත්ද්‍රව්‍ය තොගයක් එස්.ටී.එෆ්.අත්අඩංගුවට.

කැලණි ගඟේ අනවසරයෙන් මැණික් ගැරු ජාවාරමුන් හා නීතිවිරෝධි මත්ද්‍රව්‍ය තොගයක් එස්.ටී.එෆ්.අත්අඩංගුවට.

නීති විරෝධී මත්පැන් තොගයක් සමඟ පුද්ගලයකු ඌරුවල ප්‍රදේශයේ දී පොලිස් විශේෂ කාර්ය බලකාය නිලධාරීන් අත්අඩංගුවට ගෙන ඇත.

විශේෂ කාර්ය බලකාය පූගොඩ කඳවුරේ නිලධාරින්ට ලැබුණු තොරතුරකට අනුව විශේෂ කාර්ය බලකායේ අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි මෙම වැටලීම් සහ අත්අඩංගුවට ගැනීම් සිදුකර තිබේ. ඒ් අනුව විශේෂ කාර්ය බලකාය පූගොඩ කඳවුරේ දෙවන කඳවුර අණදෙන නිලධාරී පොලිස් පරීක්ෂක එච්.ඩී. සංජීව ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (30) කොස්ගම පොලිස් වසමේ ඌරුවල ප්‍රදේශයේ දී වැටලීමක් සිදුකර නීති විරෝධී මත්පැන් ලීටර් 33.75, මත්පැන් නිෂ්පාදනය කිරීමට යොදා ගන්නා ගෝඩා ලීටර් 550 ක් හා මත්පැන් නිෂ්පාදනය කිරීමේ උපකරණ සන්තකයේ තබාගෙන සිටි වග ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 49 ක පුද්ගලයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කොස්ගම පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.

කැළණි ගඟේ අනවසරයෙන් මැණික් ගරමින් සිටි පුද්ගලයින් තිදෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබේ.
විශේෂ කාර්ය බලකාය විශේෂ මෙහෙයුම් අංශය (i) හි නිලධාරින්ට ලැබුණු තොරතුරකට අනුව සහකාර පොලිස් අධිකාරී සාගර කුලසේකර මහතාගේ මෙහෙයවීමෙන් විශේෂ කාර්ය බලකාය විශේෂ මෙහෙයුම් අංශය (i) හි ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එච්.වී.එල්. විජයරත්න ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (30) කිරිඳිවැල පොලිස් වසමේ කොග්ගල තොටුපල ප්‍රදේශයේ දී වැටලීමක් සිදුකර කැළණි ගඟේ අනවසරයෙන් මැණික් ගරමින් සිටි පූගොඩ ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 43, 45 හා 52 වියේ පසුවන පුද්ගලයින් තිදෙනෙකු කැණීම් කටයුතු සඳහා යොදාගන්නා කම්ප්‍රෙෂර් යන්ත්‍රයක්, වතුර මෝටරයක් හා තවත් භාණ්ඩ කිහිපයක් සමඟ අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ඇහැළියගොඩ ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය වෙත භාර දී ඇත.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments