22.1 C
Sri Lanka
Wednesday, May 7, 2025
Homeදේශීය පුවත්කොළඹ වරාය නගරයේ තීරුබදු රහිත වෙළෙඳ සංකීර්ණය විවෘත කිරීමට කටයුතු යෙදේ.

කොළඹ වරාය නගරයේ තීරුබදු රහිත වෙළෙඳ සංකීර්ණය විවෘත කිරීමට කටයුතු යෙදේ.

කොළඹ වරාය නගරයේ තීරුබදු රහිත වෙළෙඳ සංකීර්ණය අප්‍රේල් මාසයේදී විවෘත කිරීමට නියමිතව තිබේ.

කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභාවේ ක්‍රියාකාරී අධ්‍යක්ෂ ආචර්යය ප්‍රියත්බන්දු වික්‍රම මහතා පැවසුවේ, එම සංකීර්ණයේ මූලික කටයුතු වැඩි ප්‍රමාණයක් මේ වන විට අවසන් කර ඇති බවය.

එම තීරුබදු රහිත වෙළෙඳ සංකීර්ණය ක්‍රියාත්මක කරන සමාගම ලොව ප්‍රමුඛතම ක්‍රියාකාරීන් තිදෙනෙකුගෙන් සමන්විත වන අතර දකුණු ආසියානු කලාපයේ විශාලතම තීරු බදු රහිත වෙළෙඳ සංකීර්ණය මෙය වන බව ද ඔහු පැවසීය.

තීරුබදු වෙළෙඳ සංකීර්ණය සඳහා මෙරටට පනවා ඇති භාණ්ඩ ආනයන තහනම බල නොපාන බව ආචාර්යය ප්‍රියත්බන්දු වික්‍රම මහතා පැවසුවේය.

සිංගප්පූරුවේ මුස්තාෆා සංකීර්ණයට වඩා විශාල වන කොළඹ වරාය නගර තීරු බදු රහිත වෙළෙඳ සංකීර්ණය ඉන්දියාව ඇතුළු විදෙස් රටවල සංචාරකයින්ගේ වැඩි ආකාර්ෂණයක් දිනාගනු ඇති බවට විශ්වාසය පළ වේ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments