රජයෙ රක්ෂිතයෙ අනවසරයෙන් දිගු කලෙක පටන් මැණික් ගැු දෙනෙකු විගේෂ කාර්ය බලකායේ අත්අඩංගුවට අනවසරයෙන් රක්ෂිතයට ඇතුළු වී දිගු කලෙක පටන් නීති විරෝධී ලෙස මැණික් ගැරිමේ යෙදී සිටි සැකකරුවන් 09 පොලිස් විශේෂ කාර්ය බලකායේ අත්අඩංගුව.
විශේෂ කාර්ය බලකාය නුවරඑළිය කඳවුරේ නිලධාරින්ට ලද තොරතුරකට අනුව විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී තුමාගේ නියෝග හා උපදෙස් පරිදි සහකාර පොලිස් අධිකාරි ඩබ්.සි.ඒස්. ද සිල්වා මහතාගේ මග පෙන්වීම හා අධීක්ෂණය මත කඳවුර අණදෙන නිලධාරි පොලිස් පරීක්ෂක ජි.යු. සමරසිංහ ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (02) පට්ටිපොල පොලිස් වසමේ පැරකුම්පුර, සිරිසමන්ගම, මීනගොල්ල රජයේ රක්ෂිත භූමියේ දී වැටලීම් දෙකක් සිදුකර ඇත.
අනවසරයෙන් රක්ෂිතයට ඇතුළු වී නීති විරෝධී ලෙස දිගු කලෙක පටන් මැණික් ගැරිමේ යෙදී සිටි අඹේවල, කහවත්ත, පැල්මඩුල්ල, මහනුවර, ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 50, 42, 41, 33, 42, 44, 29, 31, 50 වන සැකකරුවන් 09 දෙනෙකු,මැණික් ගැරීම සදහා භාවිතා කරන උපකරණ සහ පතල් වලින් ලබා ගන්නා පස් සාමිපල්ද සමග අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා පට්ටිපොල පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.