28.8 C
Sri Lanka
Tuesday, May 6, 2025
Homeදේශීය පුවත්ශ්‍රී ලංකාවේ ආර්ථිකය සංවර්ධනය කිරීම සඳහා කැනඩාවේ ව්‍යාපාරික ප්‍රජාවගේ සහයෝගය ලබාදීමට එකඟතාව

ශ්‍රී ලංකාවේ ආර්ථිකය සංවර්ධනය කිරීම සඳහා කැනඩාවේ ව්‍යාපාරික ප්‍රජාවගේ සහයෝගය ලබාදීමට එකඟතාව

ශ්‍රී ලංකාවේ වර්තමානයේ පවතින ආර්ථික අර්බුදය ජයගැනීම සඳහා සහයෝගය ලබාදීමට කැනඩාවේ ව්‍යාපාරිකයින්ගේ සහයෝගය ලබාදීමට එකඟතාව පළ විය.

මෙම එකඟතාව පළ වූයේ කැනඩාවේ ව්‍යාපාරික ප්‍රධානීන් පිරිසක් පාර්ලිමේන්තුවේ කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා (03) පාර්ලිමේන්තුවේදී හමු වූ අවස්ථාවේදී ය. මෙහිදී ශ්‍රී ලංකාව සමඟ මිත්‍රත්වය වැඩිකරගනිමින් කටයුතු කිරීමට බලාපොරොත්තු වන බවද එම ව්‍යාපාරිකයින් සඳහන් කළ අතර මෙරට තරුණ ව්‍යවසායකයින්ට තම ව්‍යවසායන් ගොඩනගා ගැනීමට සහයෝගය ලබාදීමටද කැමැත්ත පළ කළේය.

මෙම ව්‍යාපාරිකයින් අමතමින් අදහස් දැක්වූ කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා සඳහන් කළේ රටේ සංවර්ධනය ඇති කිරීමට ඉක්මනින් කටයුතු කරන බවයි. මේ සඳහා කැනඩාවේ ව්‍යාපාරික ප්‍රධානීන්ගේද සහය වැදගත් වන බව පෙන්වූ කථානායකවරයා දෙපාර්ශ්වය සහයෝගයෙන් කටයුතු කිරීමේ අවශ්‍යතාවයද පෙන්වා දුන්නේය.

එසේම විදේශගත ශ්‍රී ලාංකිකයින්ගේ  සම්බන්ධීකරණ ලේකම් කාර්යාලයක් ලංකාවේ පිහිටුවීමට කටයුතු කරන බවත් ඒ වෙනුවෙන් අවශ්‍ය සාකච්ඡා මේ වන විට සිදු වන බවත් මෙහිදී කථානායකවරයා පැමිණ සිටි ව්‍යාපාරිකයින්ට ප්‍රකාශ කළ අතර  ඒ මගින් ආර්ථික සංවර්ධනය සඳහා ඒ ඒ පාර්ශ්ව වල සහය ලබාගැනීමට බලාපොරොත්තු වන බව ද පැවසීය.

තවද  පාර්ලිමේන්තුවේ සභානායක සහ අධ්‍යපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතාද මෙම අවස්ථාවට සම්බන්ධ වූ අතර දෙපාර්ශවය අතර මිත්‍රත්වය වැඩිකරගැනීමේ අවශ්‍යතාව හෙතෙම පෙන්වා දුන්නේය. එසේම මෙරට පාසල් පද්ධතියේ ඇති කිරීමට බලාපොරොත්තු වන නව වැඩසටහන් සඳහා කැනඩාවේ ව්‍යාපාරික ප්‍රජාව සම්බන්ධකරගැනීමේ අවශ්‍යතාවයද පෙන්වා දුන්නේය.

මෙහිදී අදහස් දැක්වූ පාර්ලිමේන්තුවේ මහ ලේකම් දම්මික දසනායක මහතා සඳහන් කළේ පාර්ලිමේන්තු කටයුතු සඳහා තරුණ සහභාගීත්ව වැඩි කරගැනීමට කටයුතු කරන බවයි. මේ සඳහා ස්ථාවර නියෝග වල අවශ්‍ය වෙනස්කම් මේ වන විට සිදු කරමින් සිටින බවත් මහ ලේකම්වරයා සඳහන් කළේය.

ඊට අමතරව මෙම ව්‍යාපාරික පිරිස සමග පැමිණ සිටි කැනඩා පාර්ලිමේන්තු මන්ත්‍රී රේචල් තෝමස් මහත්මිය සමග සුහද පිළිසඳරක යෙදෙමින් පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා විසින් පාර්ලිමේන්තුවේ පිහිටීම සහ ‌ඓතිහාසික වැදගත් කම පිළිබඳවද පෙන්වා දෙන ලදි.

මෙහිදී මෙම ව්‍යාපාරික නියෝජිත පිරිස පාර්ලිමේන්තුවේ සභාගර්භයේ නිරීක්ෂණ චාරිකාවකද නිරත විය.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments