පාලනමිලට වැඩිය බිත්තර අලෙවිකරන වෙළෙඳුන් සොයා අඛණ්ඩව වැටලීම් සිදුකරන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ප්‍රකාශ කරයි.
එම අධිකාරියේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් මේ සම්බන්ධයෙන් කියා සිටියේ බිත්තර මිල වැඩිකිරීමට කිසිදු අවසරයක් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ලබාදී නැති බවයි. පාලන මිලට වැඩිය බිත්තර අලෙවි කළොත් අවම දඩය රුපියල් ලක්ෂයක් බවද හෙතෙම කියා සිටියේය.