ලංකාවේ පළමු මුද්දරය ඇතුළු ඉහළ වටිනාකමකින් යුතු මුද්දර ළඟ තබාගෙන සිටින අයට ඒවා අන්තර්ජාලය හරහා අලෙවි කිරීමේ හැකියාව පවතින බව තැපැල් දෙපාර්තමේන්තුව සදහන් කරයි.
වික්ටෝරියා රැජිනගේ උඩුකය රුව සහිත පැන්ස හයකින් යුතු මුද්දරය ශ්‍රී ලංකාවේ පළමු මුද්දරය වන අතර, එය 1857 වසරේ අප්‍රේල් මස පළමුවැනිදා නිකුත් කළේය.
එහි වර්තමාන වටිනාකම ස්ටර්ලින් පවුම් 7,500 ක් බවට තක්සේරු කර ඇති අතර ඊයේ (31) වන විට එහි වටිනාකම රුපියල් තිස් එක්ලක්ෂ පනස් හත් දහසකි.