26.3 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්police newsනීති විරෝධි මත්ද්‍රව්‍ය ඇතුළු විවිධ අපරාධ සිදුකරන ජාවාරමුන් එස්.ටී.එෆ්.අත්අඩංගුවට.

නීති විරෝධි මත්ද්‍රව්‍ය ඇතුළු විවිධ අපරාධ සිදුකරන ජාවාරමුන් එස්.ටී.එෆ්.අත්අඩංගුවට.

පිස්තෝල අවියක් විකුණන මුවාවෙන් ගනුදෙනු කරුවන් ගෙන්වාගෙන ඔවුන් ළඟ ඇති මුදල් කොල්ල කෑමට සැරසෙමින් සිටි සංවිධානාත්මක අපරාධ කරුවන් සිවු දෙනෙකු විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබේ.

විශේෂ කාර්ය බලකාය සංවිධානාත්මක අපරාධ මර්ධන ඒකකය ii හි නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි අධ්‍යක්ෂක බුද්ධි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී වී.ජී. රොහාන් කරුණාරත්න මහතාගේ අධීක්ෂණය යටතේ (බුද්ධි/විශේෂ මෙහෙයුම් හා මත්ද්‍රව්‍ය නාශක) සහකාර පොලිස් අධිකාරී සාගර කුලසේකර මහතාගේ මගපෙන්වීම යටතේ උප පොලිස් පරික්ෂක එස්.කේ. කාහිංගල ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (06) වෙන්නප්පුව පොලිස් වසමේ අංක 751, ජයවීදිය මාවත වෙන්නප්පුව යන ලිපිනය ආසන්න මාර්ගයේ දී වැටලීමක් සිදු කර රුපියල් 250,000 ක මුදලකට පිස්තෝල අවියක් අලෙවි කිරීමට සුදානම්ව ඇති බවට ලද තොරතුරකට අනුව සංවිධානාත්මක අපරාධ මර්ධන ඒකකය ii හි නිලධාරීන් ඉමහත් පරිශ්‍රමයක් දරා උපාය දූතයෙකු යොදවා එම පුද්ගලයා අත්අඩංගුවට ගත් අතර එහිදී ඔහු සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 12, මිලි ග්‍රෑම් 800 ක් ජංගම දුරකථනයක් සහ ඔහු පැමිණි යතුරු පැදියක් අත්අඩංගුවට ගත් අතර මොහු වයස අවුරුදු 40 ක වෙන්නප්පුව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු කරුණු අණාවරණය වී ඇත.
මොහුගෙන් වැඩිදුර ප්‍රශ්ණ කිරීමේ දී පිස්තෝල අවියක් විකුණන මුවාවෙන් ගනුදෙනු කරුවන් ගෙන්වාගෙන ඔවුන් සන්තකයේ ඇති මුදල් කොලල්කෑම සදහා සැලසුම් කර ඇති බවට තොරතුරු අනාවරණය වී ඇති අතර මෙයට තවත් පුද්ගලයන් තිදෙනෙකු සම්බන්ධ බවට කරුණු අනාවරණය විය. පසුව එම තිදෙනා වෙන්නප්පුව, ඊෆුම් පීටර් මාවතේ තුම්මන් හංදිය අසල දී හෙරොයින් ග්‍රෑම් 37, මිලි ග්‍රෑම් 990 ක් ජංගම දුරකථන දෙකක් සමග අත්අඩංගුවට ගත් අතර මොවුන් අවුරුදු 44, 45 වයසේ පසුවන වෙන්නප්පුව, කටුනේරිය ප්‍රදේශයේ පදිංචි කරුවන් වේ. දීර්ඝ කාලයක පටන් මෙම සිවිදෙනා එක්ව මෙලෙස මුදල් මංකොල්ල කෑමි සිදුකර ඇති අතරසැකකරුවන් සිව්දෙනා වැඩිදුර විමර්ශන කටයුතු සඳහා වෙන්නප්පුව පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.

පොඩි ලැසීගේ ගෝලයකු හෙරොයින් සමග පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබේ.
විශේෂ කාර්ය බලකාය දකුණු පලාත් විශේෂ මෙහෙයුම් ඒකකයේ නිලධාරින්ට ලැබුණු තොරතුරකට අනුව සහකාර පොලිස් අධිකාරී සාගර කුලසේකර මහතාගේ මෙහෙයවීම යටතේ විශේෂ කාර්ය බලකාය දකුණු පලාත් විශේෂ මෙහෙයුම් ඒකකයේ වැඩ බලන ස්ථානාධිපති උ.පො.ප. එස්.පී.කේ. බොතේජු ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් කොක්මාදූව උප කඳවුරේ නිලධාරීන් කණ්ඩායමක් සමඟ ඒකාබද්ධව (05) වන දින බටපොල පොලිස් වසමේ ඊරියගහදොල හංදිය, බටපොල ක්‍රිඩාංගනය අසල දී වැටලීමක් සිදුකර හෙරොයින් ග්‍රෑම් 07 යි මිලි ග්‍රෑම් 760 ක් සන්තකයේ තබාගෙන සිටි බටපොල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 31 ක පුද්ගලයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා බටපොල පොලිස් ස්ථානය වෙත භාර දී ඇත. තවද මෙම අත්අඩංගුවට ගන්නා ලද සැකකරු දැනට බන්ධනාගාර ගතකර සිටින පොඩි ලැසී නැමැති සංවිධානාත්මක අපරාධකරුගේ සමීපතමයකු ලෙස ඔහුගේ වෙඩික්කරුවකු වශයෙන් කටයුතු කර ඇති අතර ඊට අමතරව සැකකරු වෙඩි තබා මනුෂ්‍ය ඝාතන 03 ක් සිදු කිරීම සහ වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයක් සිදු කිරීමට තැත්කිරීම යන චෝදනා සඳහා බන්ධනාගාර ගතව සිට පැමිණ ඇති පුද්ගලයකි.

රධාන පෙලේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන කිඹුලාඇළ ගුණාගේ ගෝලයකු කෝටි එකහමාරක් පමණ වටිනා අයිස් මත්ද්‍රව්‍ය සමග පොලිස් විශේෂ කාර්ය බලකාය නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබේ.

විශේෂ කාර්ය බලකාය ව්ශේෂ මෙහෙයුම් අංශය III හි නිලධාරින්ට ලැබුණු තොරතුරකට අනුව සහකාර පොලිස් අධිකාරී සාගර කුලසේකර මහතාගේ මෙහෙයවීම යටතේ විශේෂ කාර්ය බලකාය ව්ශේෂ මෙහෙයුම් අංශය III හි ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඒ.එන්.ටී. කුමාර් ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (04) කිරිබත්ගොඩ පොලිස් වසමේ අංක 11, වේවැල්දූව පාර, හුනුපිටිය, වත්තල ලිපිනයේ දී වැටලීමක් සිදුකර කෝටි එකහමාරක් පමන වටිනාකමින් යුත් අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 01 යි ග්‍රෑම් 16 ක් සන්තකයේ තබාගෙන සිටි විදේශ ගතව සිට මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවනු ලබන කුඩු රජු ලෙස හදුන්වන ප්‍රධාන පෙලේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන සින්නයියා ගුණසේකර හෙවත් කිඹුලාඇළ ගුණා යන අයගේ සමීපතමයකු හා මෙම මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ බවට සැකපිට තවත් පුද්ගලයන් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට (05) වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කිරිබත්ගොඩ පොලිස් ස්ථානය වෙත භාර දී ඇත. මොවුන් වයස 29, 30 හා 49 වියේ පසුවන කොළඹ 14, කොළඹ 09 හා කොළඹ 12 යන ප්‍රදේශ වල පදිංචි කරුවන් වේ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments