21.5 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්ආරක්ෂක පුවත්විශේෂ බලකා පුහුණු පාඨමාලාවේ විසිරයෑමේ පෙළපාලි උත්සවය

විශේෂ බලකා පුහුණු පාඨමාලාවේ විසිරයෑමේ පෙළපාලි උත්සවය

“අධිෂ්ඨානයෙන් අභීතව අරමුණ කරා” යන ආදර්ශ පාඨය පෙරදැරි කරගෙන ශ්‍රී ලංකා යුද හමුදාවේ අතිවිශිෂ්ට රෙජිමේන්තුවක් වන ශ්‍රී ලංකා යුධ හමුදා විශේෂ බලකායේ මූලික පුහුණු පාඨමාලා අංක 52 සහ 53 සාර්ථකව හැදෑරූ නිලධාරීන් 19 දෙනෙකු සහ සෙසු නිලයන් 595 දෙනෙකු විශේෂ බලකා ලාංඡන පැළඳීමෙන් පසු (29) මාදුරුඔය පිහිටි විශේෂ බලකා පුහුණු පාසල වෙතින් විසිර යන ලදී.

ශ්‍රී ලංකා යුද හමුදා විශේෂ බලකායේ රෙජිමේන්තු අධිපති වන මේජර් ජෙනරාල් සුජීව සෙනරත් යාපා ගේ ආරාධනයෙන් මෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ශ්‍රී ලංකා යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ මේ අවස්ථාව සඳහා සහභාගී වන ලදී.

මෙම විසිරයාමේ පෙළපාලියේ 52 වන පාඨමාලාවේ දක්ෂතම සිසුවාට හිමි සම්මානය දිනා ගනු ලැබුවේ කපිතාන් DHMTM හේරත් විසිනි, එම පාඨමාලාවේ දක්ෂතම ශාරීරික අභ්‍යාස සිසුවාට හිමි සම්මානය දිනා ගනු ලැබුවේ ලුතිනන් TAKS රත්නායක විසින් වන අතර දක්ෂතම වෙඩි තබන්නාට හිමි සම්මානය දිනාගනු ලැබුවේ ලාන්ස් කෝප්‍රල් කුමාර JTP විසිනි.

එසේම, මෙම විසිරයාමේ පෙළපාලියේ 53 වන පාඨමාලාවේ දක්ෂතම සිසුවාට හිමි සම්මානය දිනා ගනු ලැබුවේ දෙවන ලුතිනන් JSSM ජයකොඩි විසිනි, එම පාඨමාලාවේ දක්ෂතම ශාරීරික අභ්‍යාස සිසුවාට හිමි සම්මානය දිනා ගනු ලැබුවේ ලාන්ස් කෝප්‍රල් චන්ද්‍රසිරි RM විසින් වන අතර දක්ෂතම වෙඩි තබන්නාට හිමි සම්මානය දිනාගනු ලැබුවේ ලාන්ස් කෝප්‍රල් දේශප්‍රිය UBRP විසිනි.

මෙම විසිරයාමේ පෙළපාලියේ අණ දෙන්නා ලෙස විශේෂ බලකායේ මේජර් දර්ශන මාසිංහ විසින් කටයුතු කරන ලද අතර ශ්‍රී ලංකා යුදහමුදා විශේෂ බලකා පුහුණු පාසලේ සේනාවිධායක ලෙස කර්නල් සංජීව හොරවලවිතාන කටයුතු කරනු ලබයි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments