21 වන ව්‍යවස්ථා සංශෝධනය බලාත්මක වූ පරිදි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 44 (3) වගන්තිය අනුව කැබිනට් අමාත්‍යධූර පිළිබඳ තීරණ ගැනීමේදී ජනාධිපතිවරයා විසින් අග්‍රාමාත්‍යවරයා සමඟ එකඟතාවය ඇති කර ගත යුතුයි.
ඒ අනුව ජනාධිපතිවරයා විසින් ආරක්ෂක අමාත්‍යාංශය, මුදල් ආර්ථික කටයුතු, ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය,තාක්ෂණ අමාත්‍යංශය, කාන්තා හා ළමා කටයුතු සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍යාංශය සහ ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යංශය යන අමාත්‍යාංශය ජනාධිපතිවරයා භාරයේ තබාගැනීම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයාගේ එකඟතාව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 44 (3) වගන්තිය ප්‍රකාරව ලබා ගැනීම සඳහා ලිඛිතව යොමු කර තිබිණ.
ඒ අනුව අග්‍රාමාත්‍යවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 44 (3) වගන්තිය ප්‍රකාරව ඒ සඳහා එකඟතාවය ප්‍රකාශ කරමින් ලිඛිතව දැනුම් දී තිබේ.
මෙය ලංකා දේශපාලන ඉතිහාසයේ මුල්වරට සිදුවූ අවස්ථාවකි. මින් පෙර අමාත්‍ය ධූර පිළිබඳ බලය වරෙක ජනාධිපතිවරයාට හෝ අග්‍රාමාත්‍යවරයාට පැවැතියා. මෙවර ඒ පිළිබඳ දෙදෙනාගේම පොදු එකඟතාවයක් ඇතිව කටයුතු කර තිබෙනවා. මෙය ප්‍රජාතන්ත්‍රවාදය හා බලකේන්ද්‍රයන් තුලනාත්මකව ශක්තිමත් කිරීමේ ඉදිරි පියවරක් ලෙස හැඳින්විය හැක .