දියනෑමට ගිය රැදවියන් දෙපිරිසක් අතර ‘ජලබාල්දියක්’ නිසා සිදුවු බහින්බස්වීමක් (ගාලල් සහ කොළඹ ප්‍රදේශයට අයත් රැදවියන් දෙපිරිසක් අතර) දුරදිගයෑම හේතුවෙන් මෙය සවස ( 07) විශාල ගැටුමක් දක්වා වර්ධනය වී ඇත.
කළහාකාරි ලෙස හැසිරෙන රැදවියන් පුනුරුත්තාපන කඳවුරු තුළ ඇති 9 ශ්‍රීලකාහ අයත් අවි ගබඩාවට පැමිණ එහි අවි ගැනීමට තැත් කිරිමේදී වහාම ක්‍රියාත්මක වූ සොල්දාදුවන් අහසට වෙඩි තබා තත්ත්වය පාලනය කීරිමට කටයුතු කළ අතර, පසුව සියලු අවි එම ස්ථානයෙන් යුද්ධ හමුදාව ඉවතට ගෙන ගොස් තිබේ.
කළහාකාරි ලෙස හැසිරෙන රැදවියන් එම පුනුරුත්තාපන කඳවුර තුළ ඇති ගබඩාවෙහි දොරගුලු කඩා කැති පොරෝ, මන්නා ගෙන කළහාකාරි ලෙස හැසිරෙමින් සිටින අතර, කඳවුර තුළ ඇති දෙපලවලටද ගිණි තබා විනාශ කරමින් සිටි.
මේ වන විට එක් රැදවියෙකු හා යුද්ධ හමුදා සොල්දාදුවෙකු පොළොන්නරුව රෝහල වෙත ඇතුලත් කර ඇත.
පහර කෑමට ලක්වන රැදවියන් 150ක් පමණ පලාගොස් ඇත. ඔවුන් එම ස්ථානය අසල සෝමාවතිය කන්දකාඩු මාර්ගයෙහි යුද්ධ හමුදාව මගින් තාවකාලිව ස්ථානගත කර ඇති මාර්ග බාදකයට පැමිණ භාර වෙමින් පවති.
තවද, පුනුරුත්තාපන කඳවුරු තුළ පහරකෑමට ලක්වෙමින් සිටි රැදවියන් 100 දෙනෙකු පමණ යුද්ධ හමුදාව මැදිහත් වීමෙන් කඳවුරෙන් එළියට ගෙන ඇත.මෙිවන විට යුද්ධ හමුදා පුහුණු පාසල මාදුරුඔය, පාබල පුහුනු පාසල මින්නේරිය, 07 ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාව, 09 වන ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාව, 6 වන ගජබා රෙජිමේන්තුව, 12 වන ගැමුණු හේවා බලඇණිවල භටපිරිස් එක්ව තත්ත්වය පාලනය කිරීමට උත්සහා දරමින් සිටිති.
කළහාකාරි ලෙස හැසිරෙන රැදවියන් මේවන විට කඳවුරු භූමිය තුළ ඇති 09 වන කාලතුවක්කු හමුදාවට අයත් සලාක ගබඩාව කඩා එහි ඇති ආහාර ද්‍රව්‍ය අනිසි ලෙස භාවිතා කළ බවට
පුනුරුත්තාපන කඳවුර තුළ නුරුත්තාපනය වෙමින් සිටින සම්පූර්ණ රැදවියන් ගණන 537ක් පමණ වේ.