26.3 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්රුපියල් මිලියන 200ක වියදමින් ඉදිකළ ආර්ථික මධ්‍යස්ථානය තවමත් භාවිතා කර නැහැ.

රුපියල් මිලියන 200ක වියදමින් ඉදිකළ ආර්ථික මධ්‍යස්ථානය තවමත් භාවිතා කර නැහැ.

රුපියල් මිලියන 200 වියදමින් ඉදිකරනු ලැබු යාපනය මඩ්ඩුව්ල් ව්ශේෂිත ආර්ථික මධ්‍යස්ථානය නිරීක්ෂණය සදහා ගරු ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද හා ග්‍රාමීය ආර්ථික රාජ්‍ය අමාත්‍ය කාදර් මස්තාන් යන මහත්වරු (02) සහභාගී වූහ.

මේ වසරේ මාර්තු මස මෙම ආර්ථික මධ්‍යස්ථානය විවෘත කලත් විවිධ ගැටලු හේතුවෙන් අද වන විට භාවිතයෙන් තොරව පවතී.
ජලය,විදුලිය ,මල ප්‍රවාහන පද්ධතියේ අඩුපාඩු හා නරක් වන අපද්‍රව්‍ය ඉවත් කිරීමේ ගැටලු නිසා මෙම ආර්ථික මධ්‍යස්තානය වැසී තිබුනි.
නමුත් කාදර් මස්තාන් ඇමැතිවරයාගේ ඉල්ලීම මත නිරීක්ෂණය කරනු ලැබූ අතර අඩුපාඩු සකස් කර ලබන ජනවාරි මාසයේ සිට ජනතාවගේ ජීවනාලිය නංවාලීමට උපරිම දායකත්වය ලබා දීමට වෙළෙඳ අමාත්‍යාංශය හා යාපනය දිස්ත්‍රික් ලේකම් එකග විය.

මෙම අවස්ථාව සදහා යාපනය දිස්ත්‍රික් ලේකම් ,වෙළෙඳ අමාත්‍යාංශයේ අතිරේක ලේකම් තිලකරත්න මහතා ,ග්‍රාමීය ආර්ථික අමාත්‍යාංශයේ අතිරේක ලේකම් අමලනාදන් මහතා ඇතුළු පිරිසක් සහභාගි වූහ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments