22.4 C
Sri Lanka
Tuesday, May 6, 2025
Homeදේශීය පුවත්ජනපති සහ ලෝක බැංකු සභාපති අතර හමුවක්

ජනපති සහ ලෝක බැංකු සභාපති අතර හමුවක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ලෝක බැංකු සභාපති ඩේවිඩ් මල්පාස් (David Malpass) මහතා අතර හමුවක් COP 27 දේශගුණික විපර්යාස පිළිබඳ සමුළුවට සමගාමීව ෂාම් එල්-ෂීක් හිදී පැවැත්විණ.
ශ්‍රී ලංකාවේ සාර්ව ආර්ථික සහ සමාජීය තත්ත්වය මෙන්ම ආර්ථිකය ස්ථාවර කිරීමේ හදිසි අවශ්‍යතාව පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරිණ. දැනට පවතින ණය අර්බුදය කාලෝචිත සහ ඵලදායි ලෙස විසඳා ගැනීමේ වැදගත්කම මල්පාස් මහතා මෙහිදී අවධාරණය කළ අතර ණය ප්‍රතිව්‍යුහගතකරණයට කඩිනමින් එකඟ වීම සඳහා ශ්‍රී ලංකාවේ නිල ද්විපාර්ශ්වික සහ පෞද්ගලික අංශයේ ණය හිමියන් සමඟ අඛණ්ඩව සම්බන්ධවීමේ වැදගත්කම පැහැදිළි කළේය.
විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ රාජ්‍ය අංශයේ ඉහළ ධාරිතාව සැලකිල්ලට ගෙන, රාජ්‍ය වියදම් කළමනාකරණය සහ රාජ්‍ය ව්‍යවසායන් සඳහා අවශ්‍ය ප්‍රතිසංස්කරණ වැඩිදියුණු කිරීමේ ක්‍රම පිළිබඳව මල්පාස් මහතා සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සාකච්ඡා කළහ.
ශ්‍රී ලාංකීය ජනතාවගේ ආර්ථිකය ශක්තිමත් කිරීම සහ පෞද්ගලික ව්‍යවසාය සංවර්ධනය උදෙසා අඩිතාලම සැපයීමට ජාත්‍යන්තර සංවර්ධන සංගමයේ (IDA) සහනදායි මුල්‍ය කරණය, තාක්ෂණික සහය , ප්‍රතිපත්ති උපදෙස්වලට අනුකූලව ලෝක බැංකු සමුහයේ සහය ලබාදීමට ද සභාපතිවරයා සහතික විය.
කෘෂිකර්මාන්තයේ ඵලදායීතාව වැඩිකර ගැනීම සදහා පොහොර භාවිතය මෙන්ම ඊට අදාළ අගය දාමයන් වැඩිදියුණු කිරිමේ අවස්ථා පිළිබඳවත්, සංචාරක හා අධ්‍යාපන මෙන්ම සේවා අංශයේ ශ්‍රී ලංකාවට ඇති ඉහළ හැකියාවන් පිළිබඳවත් මෙහිදී සාකච්ඡා කෙරිණි.
දේශගුණික විපර්යාස සහ බලපෑම් සහගත අනුවර්තනය සහ අවම කිරීමේ ආයෝජන සඳහා සංවර්ධනය වෙමින් පවතින රටවල මූල්‍ය අවශ්‍යතා පිළිබඳව ද මෙහිදී වැඩිදුරටත් සාකච්ඡා විය.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments