ප්‍රථම විද්‍යුත් ඡන්ද ක්‍රමයෙන් පත්වූ ශිෂ්‍ය පාර්ලිමේන්තුව (04) ඇහැලියගොඩ ජාතික පාසැලේදී රැස්විණි. එයට සමගාමීව ප්‍රජාතන්ත්‍රවාදය , ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ක්‍රියා පටිපාටිය සහ සම්ප්‍රදාය පිළිබදව විශේෂ දැනුවත් කිරීමේ වැඩසටහනක්ද පාසැලේදී උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි.
මෙම ශිෂ්‍ය පාර්ලිමේන්තු සභිකයන් තෝරාපත් කර ගැනීමේ ඡන්ද විමසීම මීට පෙර දිනකදී ඇහැලියගොඩ ජාතික පාසැලේදී පැවැත්විණි.
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කළ මෙම මහජන සේවා දැනුවත් කිරීමේ වැඩසටහන පැවැත්වූයේ ඇහැලියගොඩ ජාතික පාසැලේ, විදුහල්පතිනි ඩබ්.ඒ. එම්.එච්. එම්. රාජගුරු මහත්මිය විසින් පාර්ලිමේන්තුවෙන් කළ විශේෂ ඉල්ලීමකට අනුවය.
මෙම දැනුවත් කිරීමේ වැඩසටහන සඳහා පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථාදායක සේවා අධ්‍යක්ෂ සහ වැඩබලන සන්නිවේදන අධ්‍යක්ෂ ජනකාන්ත සිල්වා මහතා ඇතුළු පාර්ලිමේන්තුවේ නිලධාරීහු සම්පත් දායකත්වය ලබා දුන්හ.
ඇහැලියගොඩ ජාතික පාසැලේ, විදුහල්පතිනි ඩබ්.ඒ. එම්.එච්. එම්. රාජගුරු මහත්මිය, සහකාර විදුහල්පති නිහාල් රණවීර මහතා, එම විදුහලේ ශිෂ්‍ය පාර්ලිමේන්තු සමිබන්ධීකාරක ආචාර්ය දසුන් ගමගේ මහතා, තොරතුරු තාක්ෂණ ආචාරිනී තමාරා ජයසේන මහත්මිය ඇතුළු ආචාර්ය භවතුන් රැසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
මෙම ශිෂ්‍ය පාර්ලිමේන්තු සභිකයන්, ඇහැලියගොඩ ජාතික පාසැලේ ශීෂ්‍යයන් කණ්ඩායමක් සමග ඉදිරියේදී ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව නැරඹීමට ද නියමිතය.
පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව හා සම්බන්ධවීමේන් ඔබේ පාසැලේද ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව පිළිබඳ මෙවන් සුවිශේෂී මහජන සේවා වැඩසටහන් සංවිධානය කිරීමේ හැකියාව තිබේ.

