25.7 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්police newsසඟාවා තිබු ඩොලර් තොගයක් එස්.ටී.එෆ්.අත්අඩංගුවට.

සඟාවා තිබු ඩොලර් තොගයක් එස්.ටී.එෆ්.අත්අඩංගුවට.

සැඟවුණු ඩොලර් පොලිස් විශේෂ කාර්ය බලකාය මගින් සොයා ගනියි .

විශේෂ කාර්ය බලකාය යාපනය කඳවුරේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි කලාප අණදෙන නිලධාරි ජේෂ්ඨ පොලිස් අධිකාරි දීප්ත හෙට්ටිආරච්චි මහතාගේ අධීක්ෂණය යටතේ සහකාර පොලිස් අධිකාරී කොඩිතුවක්කු මහතාගේ මගපෙන්වීම යටතේ පොලිස් විශේෂ කාර්ය බළකාය යාපනය කඳවුරේ කදවුර අණදෙන නිලධාරී ප්‍රධාන පොලිස් පරීක්ෂක මෙන්ඩිස් මහතාගේ සෘජු අධීක්ෂණය යටතේ උප පොලිස් පරික්ෂක ටි.එම්.පි.බි. තෙන්නකොන් ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (09) යාපනය පොලිස් වසමේ අංක 22/සි, පොන්නම්බලම් විදය, යාපනය යන ලිපිනයේ පිහිටි කුලි නිවසක දී වැටලීමක් සිදුකර මුල්‍ය වංචාවක් සම්බන්ධයෙන් නීතියේ ඇසට වැලි ගසමින් සිටි යාපනය පොලිස් ස්ථානයට අත්‍යවශ්‍යව සිටි අනුරාධපුරය, ත්‍රිකුණාමලය, දහයියාගම, වටගොඩ, ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 33, 35, 55, 50 වන පුද්ගලයින් සිව් දෙනෙකු අත්අඩංගුවට ගන්නා ලදී. මෙම පුද්ගලයින් සන්තකයේ තිබි ශ්‍රි ලංකා රුපියල් 2,815,000.00 යි. (විසිඅට ලක්‍ෂ පහලොස් දහසයි) සහ අමරිකා එක්සත් ජනපද ඩොලර් 825 ක් සමග මෝටර් රථයක් අත්අඩංගුවට ගෙන ඇත.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments