ඉන්දියාවේ සිට මෙරටට හොර රහසේ රැගෙන පැමීණි රුපියල් ලක්ෂ දහතුනකට අධික වටිනාකමක් ඇති කේරළ ගංජා තොගයක් පොලිස් විශේෂ කාර්ය බලකාය නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබේ.
විශේෂ කාර්ය බලකාය පරයනාලන්කුලම් කඳවුරේ නිලධාරින්ට ලද තොරතුරකට අනුව විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඩී.ඩී.ඩී.කේ හෙට්ටිආරච්චි මහතා මහතාගේ මග පෙන්වීම හා සහකාර පොලිස් අධිකාරී ඩී.පී.යු. කොඩිතුවක්කු මහතාගේ අධීක්ෂණය මත විශේෂ කාර්ය බලකාය පරයනාලන්කුලම් කඳවුරේ දෙවන කඳවුරු අණදෙන නිලධාරී පොලිස් පරීක්ෂක එච්.එම්.වී.ජි.ටී. බණ්ඩාර ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (11) කිලිනොච්චිය පොලිස් වසමේ වට්ටකච්චි විල්සන් පාර, බහිරව කෝවිල අසල දී වැටලීම් සිදුකර කාලාන්තරයක් තිස්සේ ඉන්දියාවේ සිට ඉතාම රහසිගතව මෙරටට ගෙන්වා ජාවාරම් කිරීම සඳහා කේරළ ගංජා කිලෝ ග්‍රෑම් 10 ග්‍රෑමි 290 ක් සහ ජංගම දුරකථනයක් සන්තකයේ තබාගෙන සිටි වයස අවුරුදු 63 ක යොනූර්, වට්ටකච්චි ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කිලිනොච්චිය පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.
රජය තහනම් කර තිබෙන වල් නාශක හා කෘමිනාශක තොගයක් අලෙවි කරමින් සිටි පුද්ගලයන් දෙදෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය නිලධාරීන් අත්අඩංගුවට ගෙන ඇත.
විශේෂ කාර්ය බලකාය අරන්තලාව කඳවුරේ නිලධාරින්ට ගුවන් හමුදා බුද්ධි අංශ නිලධාරීන්ගෙන් ලැබුණු තොරතුරකට අනුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී පි.ජේ.එස් විජේසිංහ මහතාගේ මග පෙන්වීම හා සහකාර පොලිස් අධිකාරී කේ.ඡී.එන් පෙරේරා මහතාගේ අධීක්ෂණය මත විශේෂ කාර්ය බලකාය අරන්තලාව කඳවුරේ කඳවුරු අණදෙන නිලධාරී පොලිස් පරීක්ෂක එම්.එම්.කේ. පීරිස් ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් සහ අම්පාර නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂ කාර්යාලයේ නිලධාරීන් කණ්ඩායමක් සමඟ එකාබද්ධව (11) උහන පොලිස් වසමේ උහන නගරයේ නිව් දිසානායක කෙමිකල්ස් වෙළදසැලේ දී සහ උවනි ඇග්‍රෝ වෙළදසැලේ දී වැටලීම් සිදුකර රජය විසින් තහනම් කරන ලද වල්නාශක හා කෘමිනාශක තොගයක් අළෙවි කරමින් සිටි වයස අවුරුදු 33, 38 වයසේ පසුවන උහන ප්‍රදේශයේ පදිංචි පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා අම්පාර නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂ කාර්යාලය වෙත භාර දී ඇත. තව දුරටත් ප්‍රශ්න කිරීමේ දී මෙම තහනම් වල්නාශක හා කෘමිනාශක ඉන්දියාවේ සිට මෙරටට හොර රහසේ රැගෙන ආ පසු ඔවුන්ගෙන් මිලදී ගත් බවට තොරතුරු අනාවරණය කරගෙනතිබේ. එහිදි Anu 71 (100g) පැකට් 76ක්, Image (5g) පැකට්150ක්, Rocket (10g) පැකට් 250ක්, Kohomba (20g) පැකට් 100ක්, M-Liller (කුරේටර් 1kg) පැකට් 57ක්, M-Liller (කුරේටර් 100g) පැකට් 28ක්, M-Liller (කුරේටර් 500g) පැකට්10ක්, Destroy (1L) බෝතල්18ක් අත්අඩංගුවට ගෙන තිබේ.
රුපියල් එක් ලක්ෂ විසි දහසකට අධික වටිනාකමක් ඇති අයිස් මත්ද්‍රව්‍ය සමග පුද්ගලයකු පොලිස් විශේෂ කාර්ය බලකායේ අත්අඩංගුවට
විශේෂ කාර්ය බලකාය බුද්ධි කොට්ඨාශයේ නිලධාරින්ට ලැබුණු තොරතුරකට අනුව සහකාර පොලිස් අධිකාරි (බුද්ධි/විශේෂ මෙහෙයුමි/ මත්ද්‍රව්‍ය නාශක) සාගර කුලසේකර මහතාගේ සෘජු අධීක්ෂණය යටතේ විශේෂ කාර්ය බලකාය බුද්ධි කොට්ඨාශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නදීක සිල්වා මහතාගේ මෙහෙයවීම පරිදි පොලිස් පරීක්ෂක ආර්.එම්.ඒ.පී.බී. රාජනායක ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (11) මෝදර පොලිස් වසමේ මෝදර වීදිය, කොළඹ 15 ප්‍රදේශයේ දී වැටලීමක් සිදුකර රුපියල් එක් ලක්ෂ විසි දහසකට අධික වටිනා අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 10 මිලි ග්‍රෑම් 150 ක් සන්තකයේ තබාගෙන සිටි මෝදර වීදිය, කොළඹ 15 ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 26ක පුද්ගලයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මෝදර පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.