කුෂ් නැමති මත්ද්‍රව්‍ය අලෙවි කිරීම සඳහා සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය නිලධාරීන් අත්අඩංගුවටගෙන තිබේ.
විශේෂ කාර්ය බලකාය ගෝනහේන කඳවුරේ නිලධාරින්ට ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී පී.ජේ. සිල්වෙස්ටර් විජේසිංහ මහතාගෙන් ලැබුණු තොරතුරකට අනුව විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජේ.ආර්. සේනාධීර මහතාගේ අධීක්ෂණය යටතේ සහකාර පොලිස් අධිකාරි එච්.එම්.කේ. විජේසිංහ මහතාගේ මෙහෙයවීම යටතේ පොලිස් පරීක්ෂක එච්.පී.එම්.එස්.කේ. වීරක්කොඩි ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (10) කොල්ලුපිටිය පොලිස් වසමේ අංක 48/A, ෆර්ක් විදිය, කොළඹ 02 ලිපිනයේ පිහිටි පුද්ගලික ආයතනය ඉදිරිපිට දී වැටලීමක් සිදුකර කුෂ් නැමති මත්ද්‍රව්‍ය ග්‍රෑම් 270 ක් ජාවරම් කිරීම සඳහා සන්තකයේ තබාගෙන සිටි ලක්ෂපති, මොරටුව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 52 ක පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය වෙත භාර දී ඇත.
මැණික් මල්ලක් සමග පුද්ගලයෙකු ගල්ලෑල්ල තමන්කඩුව ප්‍රදේශයේ දී විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබේ.
විශේෂ කාර්ය බලකාය කලවංචිකුඩි කඳවුරේ නිලධාරීන්ට ලැබුණු බුද්ධි තොරතුරකට අනුව අම්පාර කලාප භාරව කටයුතු කරන ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සිල්වෙස්ටර් විජේසිංහ මහතාගේ අධීක්ෂණය යටතේ සහකාර පොලිස් අධිකාරී ඩී.සී. වෑවිට විධාන මහතාගේ මග පෙන්වීම මත පොලිස් පරීක්ෂක අයි.කේ.අයි. ඉලුක්කුඹුර ඇතුළු කලවංචිකුඩි කඳවුරේ ස්ථාපිත ප්‍රචණ්ඩ අන්තවාදය වැලක්වීම හා උපදේශණය පිළිබද ඒකකයේ නිලධාරීන් හා සේනාංක බුද්ධි ඒකකයේ නිලධාරීන් සිදු කරන ලැබු ඒකාබද්ධ මෙහෙයුමක (10) කාර්තිවු පොලිස් වසමේ කාර්තිවු අක්කරපත්තු ප්‍රධාන මාර්ගයේ පිහිටි ලංකා බැංකුව හා ප්‍රාදේශීය ලේකම් කාර්යාලය අසල ප්‍රදේශයේ දී වැටලීමක් සිදුකර මැණික් යැයි සැක සිතිය හැකි විවිධ වර්ණයෙන් යුතු පාෂාණ 188 ක් මැණික් ගල් පරික්ෂා කිරිමේ උපකරණයක් සන්තකයේ තබාගෙන සිටි වයස අවුරුදු 27 ක් වන ගල්ලෑල්ල, තමන්කඩුව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන විමර්ශන කටයුතු සඳහා කාර්තිවු පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.
නීත්‍යානුකූල බලපත්‍ර නොමැතිව විදේශීය නිෂ්පාදිත ගිණි අවියක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයකු පොලිස් විශේෂ කාර්ය බලකාය මගින් අත්අඩංගුවට ගෙන ඇත.
විශේෂ කාර්ය බලකාය අනුරාධපුර කඳවුරේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව කලාප අණදෙන නිලධාරී ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී එම්.කේ.බී.එස්.එන් ගුණරත්ත මහතාගේ අධීක්ෂණය යටතේ ප්‍රාදේශිය අණදෙන නිලධාරී සහකාර පොලිස් අධිකාරී ඩබ්.ආර්.වී.එම් අබේසේකර මහතාගේ මගපෙන්වීම යටතේ විශේෂ කාර්ය බලකාය අනුරාධපුර කඳවුරේ පොලිස් පරීක්ෂක ජී.ජී.වයි.ආර්. දයාරත්න ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (10) ගිරිබාව පොලිස් වසමේ අංක 04, වරාවැව ග්‍රාමසේවා වසමේ වරාවැව වැව් රක්ෂිත ප්‍රදේශයේ දී වැටලීමක් සිදුකර නීත්‍යානුකූල බලපත්‍ර නොමැතිව විදේශිය රටක නිෂ්පාදිත බෝර 12 වර්ගයේ ෂොට්ගන් අවියක් හා බෝර 12 ජීව උණ්ඩ 05 ක් සන්තකයේ තබාගෙන සිටි වයස අවුරුදු 42 ක් වන වරාවැව, ගිරිබාව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ගිරිබාව පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.