මහ එලිය රක්ෂිතය අක්කර 25ක් වනසමින් මැණික් ගැරූ ජාවාරම්කරුවන් සියලු දෙනා පොලිස් විශේෂ කාර්ය බලකාය නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබේ.
විශේෂ කාර්ය බලකාය මස්කෙලිය කඳවුරේ නිලධාරීන්ට ලද බුද්ධි තොරතුරකට අනුව විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි මේ සියලු වැටලීම් සහ අත්අඩංගුවට ගැනීම් සිදුකර ඇත. ඒ් අනුව මහනුවර කලාප භාරව කටයුතු කරන ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ආර්.ඒම්.පී.ජී.ඒස්. රත්තෙපිටිය මහතාගේ අධීක්ෂණය යටතේ සහකාර පොලිස් අධිකාරී සිල්වා මහතාගේ මග පෙන්වීම මත විශේෂ කාර්ය බලකාය මස්කෙලිය කඳවුරේ කඳවුර අණදෙන නිලධාරී පොලිස් පරීක්ෂක ඩී.එච්.එම්.එස්. දිසනායක ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (15) බගවන්තලාව පොලිස් වසමේ දී වැටලීම් 03 ක් සිදුකර බලපත්‍ර නෙමැතිව කාලාන්තරයක් තිස්සේ ස්වාභාවික සුන්දර පරිසරයකින් හෙබි මා ඔය රක්ෂිතය වනසමින් ස්වාභාවික සම්පත් වලට දැඩි බලපෑමක් කරමින් කුඩාරම් ඉදිකරමින් රක්ෂිතයේ රැදී සිටිමින් මහා පරිමානයෙන් මැණික් ගැරූ ජාවාරම්කරුවන් 19 දෙනෙකු මැණික් ගැරීමට යොදාගන්නා භාණ්ඩ සමඟ අත්අඩංගුවට ගැනීමට පොලිස් විශේෂ කාර්ය බලකාය සමත් විය. මෙයට පෙරද විවිධ අවස්ථා වලදී මාධ්‍ය මගින් මෙම රක්ෂිතය තුල සිදුවන මහාපරිමාන නීති ව්රෝධි මැනික් ජාවාරම්කරුවන් හෙලිදරව් කල ද අක්කර 25 ක ස්වාභාවික පරිසරයක් විනාශ කරමින් ජෛව විවිධත්වය ට හානි සිදුකරමින් සිදුකරන ලද මෙම පරිසර හානිය වැලක් වීමට නිරතුරුවම විමසිලිමත් ව සිටි පොලිස් විශේෂ කාර්ය බලකාය ට හැකි විය. අත්අඩංගුවට ගන්නා ලද ජාවාරම්කරුවන් 19 වැඩිදුර විමර්ශන කටයුතු සඳහා හැටන් අඩවි වන නිළධාරී කාර්යාලය වෙත භාර දී ඇත.
මාකේවිට සියඹලාපිටිය ප්‍රදේශයේ පුද්ගලයකුට වෙඩි තබා තුවාල සිදු කිරීමේ සිද්දියට ආධාර අනුබල දුන් පුද්ගලයකු හෙරොයින්ළඟ තබාගෙන සිටිය දී පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් අත්අඩංගුවට ගෙන ඇත.
විශේෂ කාර්ය බලකාය ගෝනහේන කඳවුරේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජේ.ආර්. සේනාධීර මහතාගේ අධීක්ෂණය යටතේ සහකාර පොලිස් අධිකාරි එච්.එම්.කේ. විජේසිංහ මහතාගේ මෙහෙයවීම යටතේ විශේෂ කාර්ය බලකාය ගෝනහේන කඳවුරේ කඳවුර අණදෙන නිලධාරී ප්‍රධාන පොලිස් පරීක්ෂක එම්.එම්.එන්.කේ. මාරසිංහ ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (15) ගම්පහ පොලිස් වසමේ මාකේවිට – බටපොත මාර්ගයේ දී වැටලීමක් සිදුකර මාකේවිට සියඹලාපිටිය ප්‍රදේශයේ දී පුද්ගලයකුට වෙඩි තබා තුවාල සිදු කිරීමේ සිද්දියට ආධාර අනුබල දුන් මාකේවිට ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 33 ක පුද්ගලයකු හෙරොයින් ග්‍රෑම් 05 යි මිලි ග්‍රෑම් 120 ක් සමඟ අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ගම්පහ පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.
යුධ හමුදාවෙන් පැන ආ පුද්ගලයකු අයිස් මත්ද්‍රව්‍ය සමඟ පොලිස් විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගෙන ඇත.
විශේෂ කාර්ය බලකාය ත්‍රිකුණාමලය කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව වව්නියාව කලාප භාරව කටයුතු කරන ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී එම්.කේ.බී.එස්.එන්. ගුණරත්න මහතාගේ අධීක්ෂණය යටතේ සහකාර පොලිස් අධිකාරී රිල්වාන් මහතාගේ මග පෙන්වීම මත විශේෂ කාර්ය බලකාය ත්‍රිකුණාමලය කඳවුරේ කඳවුර අණදෙන නිලධාරී පොලිස් පරීක්ෂක එච්.ඩී.ඒ.එම්. හපුආරච්චි ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් 2022.11.15 වන දින චීන වරාය පොලිස් වසමේ නාච්චිකුඩා ශ්‍රී සිද්ධාර්ථ විද්‍යාලය ඉදිරිපිට දී වැටලීමක් සිදුකර ඇත.
එහි දී පැය 1630 ට රුපියල් ලක්ෂයකට ආසන්න වටිනාකමින් යුත් අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 08 ක් සන්තකයේ තබාගෙන සිටි ශ්‍රී ලංකා යුධ හමුදාවෙන් පැන ආ පුද්ගලයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා චීන වරාය පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.