මේ දිනවල ස්වර්ණවාහිණි රූපවාහිනි නාලිකාවේ විකාශයව ‘මැස්සා’ ටෙලිනාට්‍යයේ කාන්තා පොලිස් කොස්තාපල්වරියක ලෙස රඟපාන වෘත්තීයෙන් භාෂා පරිවර්තකයෙකුවු ෂෙරින් එදිරිසංහ යන අය ‘දිනමිණ රසමණ්ජරි කලා සංග්‍රහය සමග එක්වුණු අවස්ථාවකීමේ.
ඔබ රඟපෑම වැනි ක්ෂේත්‍රයක් තෝරා ගත්තේ ඇයි? ඇත්තෙන්ම ඒ්ක අහඹු සිදුවීමක් මනාලියන් හැඩගැන්වීම සිදුකරමින් සිටියේ. එය සිදුකළේ හින්දු මනාලියන් තමයි වැඩිවශයෙන් හැඩගැන්වූයේ. එම කාලය තුල කොලොන්නාවේදී ඒ් ගැන වැඩිදුරටත් හදාරමින් කටයුතු කරන අවස්ථාවක ඉරේෂ් ලොකුබණ්ඩාර කියන ටෙලි නාට්‍ය අධ්‍යක්ෂවරයා මා ගැන දැනගෙන මගෙන් විමසුවා රඟපාන්න කැමැතිද කියලා මේ ආරාධනයට සුවිශේෂි කාරණයක්වූයේ මම හොඳින් දෙමල භාෂාව කතා කිරීමයි. එම ටෙලි නාට්‍යයේ නම ‘රෑන’ ඇඟලුම් කම්හලක සේවය කරන ගැහැණු ළමයෙන් ඒ් චරිතය දෙමල හා සිංහල භාෂා දෙකම හොඳට කතා කරනවා. මෙම භාෂා දෙකම හොඳට කතා කිරීම තමයි මට රඟපාන්න අවස්ථාව උදාකළේ.
ඔබ මෙතරම් දෙමල භාෂාව පිළිබඳ දැනුවත් වුණේ කොහොමද? අපේ තාත්තා වටවල වැවිලි සමාාගමේ වතු අධිකාරිවරයෙක් ලෙස සේවය කළේ. තාත්තාගේ කාර්ය මණ්ඬලය දෙමල ජාතිකයින්. තාත්තා විතරයි සිංහල ඉතින් මම පොඩිකාළේ සිටම දෙමලෙන් තමයි වැඩි වශයෙන් කතා කරන්න පෙළඹුණේ. මගේ උපන්ගමත් වටවලයි. වටවලි සිංහල කණිෂ්ඨ විද්‍යාලයේ ඉගෙන ගෙන සාමාන්‍ය පෙල හා උසස් පෙළ හැදෑරීමට ගිණිගත්හේන මධ්‍ය මහා විද්‍යාලයට ඇතුළත් වුණා. පසුව තාත්තා මිය යනවා ඉන්පසු අම්මා මාව කොළඹ කැඳවාගෙන පැමිණියා. පසුව අපි බොල්ලෑගල තමයි ජීවත්වුණේ. පසුකළෙක මම දෙමල සිංහල භාෂා පරිවර්තන කටයුතු ආරම්භ කර එම කටයුතු සිදුකරමින් සිටියා. අදටත් මම වෘත්තීයක් ලෙස එම කටයුතු සිදුකරමින් සිටිනවා.
ඔබ දෙමල පන්ති කරනවාද? මගේ අයිති ගෙවල් තිබෙන්නේ දෙල්ගොඩ ඒ් ප්‍රදේශයේ මම දෙමල පන්ති කළා. රඟපෑම් කටයුතු නිසා ටිකක් කාල වේලාව හිරවුණා. නමුත් මම ඔන් ලයින් පන්ති හරි ආරම්භ කිරීමට බලාපොරොත්තු වෙනවා. මගේ කලා කටයුතු පහසු කරගැනිම සඳහා දැන් මම ඉන්නේ මහරගමයි.
රෑන ටෙලි නාට්‍යයෙන් පසු කොහොමද ඔබේ කලාගමන ආරම්භ වෙන්නේ? ඒ් වනවිට මට ඉන්දියාවට යන්න අවස්ථාව ලැබෙනවා තවදුරටත් දෙමල භාෂාව හදාරන්න. ඒ් චෙන්නායිවල පසුව ලංකාවේ දෙමල වේදිකා නට්‍ය දෙකකට සම්බන්ධවුණා. එහිදි ‘පොරුක්කු පින්නාල්’ නාට්‍යක් සඳහා මම 2018 වසරේදී රජ්‍ය නාට්‍ය සම්මාන උළලේ හොඳම නිළිය ලෙස සම්මාන ලැබුවා.

සිනමා ක්ෂේත්‍රයට මම පිවිසුණේ හැටහතරමායම් චිත්‍රපටයෙන් පසුව අතුරුමිතූරු, හරි අපූරු , අප්පටසිරි යන චිත්‍රපටවල රඟපෑවා. එමෙන්ම සරත් දික්කුඹුරගේ මරුකතර, දැනට වැඩආරම්භ කර තිබෙන ගමිණි හේවාවිතාරණගේ බඹසර දැහැන චිත්‍රපටයෙත් රඟපෑමට නියමිතයි. ඊට අමතරව ශක්ති රූපවාහිනියේ තවත් දෙමල රූපනාට්‍යයක රඟපාමින් සිටින විට එහි වේෂනිරුපණ ශිල්පියා ලෙස කටයුතු කළ ප්‍රේමතිලක යන අයට දකුණු ඉන්දියානු චිත්‍රපටයක කටයුතු කරන්න ලැබි තිබෙන අතර මට දෙමල භාෂාව හැකි නිසා එහි රඟපාන්න ප්‍රේමතිලක සහෝදරයා හරහා මටත් අවස්ථාවක් උදාවුණා. ඒ් චිත්‍රපටයන ලංකාවේ දෙමල නළුනිළියන්ට අවස්ථාවක් ලැබි තිබෙන අතර මටත් ඒ් අවස්ථාව ලැබුණා. මෙම චිත්‍රපටය ලංකාවේ තමයි රූගත කරන්නේ මහනුවර ප්‍රදේශයේදී. ඊට අමතරව ප්‍රසන්න ජයකොඩිගේ අලුත් ටෙලිනාට්‍ය, තවත් සෙවණැලි කියලා ටෙලිනාට්‍යක් එහි ප්‍රධාන චරිතය ලැබි තිබෙනවා. චරිත තෝරාබේරලා තමයි කටයූතු කරන්නේ.
දෙමළ භාෂාව උපයෝගි කරගෙන තවත් සිදුකරන කාර්යන් මොනවාද? තිරපිටපත් පරිවර්තන කටයුතු කරන්නේ මමයි. නිවේදන කටයුතුත් අවස්ථාවක් ලැබුණොත් කරනවා. දැනට දෙමල භාෂා උපාධියක් කිරීමේ මූලික කටයුතු ආරම්භ කර තිබෙනවා. ඇකඩමි මට්ටමින් ඉදිරියේදී දෙමල භාෂා උපදේශිකාවක් ලෙස කටයුතු කරන්නත් බලාපොරොත්තුවෙනවා.
ඉදිරියේදී මගේ නිර්මාණ කටයුතු හා වෘත්තීය කටයුතු දියුණු කරගෙන සෑම දෙනාටම උපකාර කරගෙන ජීවත්වීමට තමයි මම බලාපොරෙත්තු වෙන්නේ.


