29.5 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්police newsතහනම් වල්නාශක,ගජමුතු ජාවාරමුන්,නීතිවිරෝධි දුම්වැටි එස්.ටී.එෆ්.අත්අඩංගුවට.

තහනම් වල්නාශක,ගජමුතු ජාවාරමුන්,නීතිවිරෝධි දුම්වැටි එස්.ටී.එෆ්.අත්අඩංගුවට.

නීති විරෝධිව ශ්‍රී ලංකාවේ භාවිතයට තහනම් කරන ලද විදේශීය නිෂ්පාදිත වල්නාශක හා කෘමිනාශක තොගයක් අලෙවි කිරීම සඳහා තබාගෙන සිටි පුද්ගලයකු කින්නියා ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබේ.

විශේෂ කාර්ය බලකාය ත්‍රිකුණාමලය කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ගුණරත්න මහතාගේ මග පෙන්වීම හා සහකාර පොලිස් අධිකාරී එම්.ටි.එම්. රිල්වාන් මහතාගේ අධීක්ෂණය මත විශේෂ කාර්ය බලකාය ත්‍රිකුණාමලය කඳවුරේ කඳවුරු අණදෙන නිලධාරී පොලිස් පරීක්ෂක එච්.ඩී.ඒ.එම්. හපුආරච්චි ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (13) කින්නියා පොලිස් වසමේ කච්චකොඩිතිව් 05 කින්නියා ප්‍රදේශයේ දී වැටලීමක් සිදුකර නීති විරෝධිව ශ්‍රී ලංකාවේ භාවිතයට තහනම් කරන ලද විදේශීය නිෂ්පාදිත වල්නාශක හා කෘමිනාශක තොගයක් අලෙවි කිරීම සදහා සන්තකයේ තබාගෙන සිටි කින්නියා ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 34 පුද්ගලයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ගොවිජන සේවා මධ්‍යස්ථානය කුරිඥ්ඥන්කේනි නීති නිලධාරි රවුෆ් මුහම්මදු රසින් හා කෘෂි උපදේශක මුහම්මදු කරීම් මර්සුක් යන නිලධාරීන් වෙත භාර දී ඇත.

මිල අධික ගජමුතු සන්තකයේ තබාගෙන ඒවා විශාල මුදලකට අලෙවි කිරීමට සිටි පුද්ගලයින් තිදෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරින් අත්අඩංගුවට ගෙන ඇත.

විශේෂ කාර්ය බලකාය සියඹලාණ්ඩුව කඳවුරේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව සහකාර පොලිස් අධිකාරී ඒ.සි.එම්. දයාරත්න මහතාගේ අධීක්ෂණය මත විශේෂ කාර්ය බලකාය සියඹලාණ්ඩුව කඳවුරේ කඳවුරු අණදෙන නිලධාරී ප්‍රධාන පොලිස් පරීක්ෂක. ඩබ්.එම්.ටී. රත්නායක ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (14) මොණරාගල පොලිස් වසමේ තුරුලිය ගෙස්ට් හවුස් ස්ථානයේ දී වැටලීමක් සිදුකර ඇත.
එහි දී පැය 1720 ට නීති විරෝධි ලෙස(ගජමුතු) සන්තකයේ තබාගෙන සිටි මාවනැල්ල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 56, 57, 47 ක් වන පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මොණරාගල පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.

තිරු බදු නොගෙවා මෙරටට ගෙන්වන ලද විදෙස් රටවල නිෂ්පාදිත දුම්වැටි සමඟ පුද්ගලයකු කින්නියා ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරින් අත්අඩංගුවට ගෙන නතිබේ.

විශේෂ කාර්ය බලකාය රත්ගම කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි විශේෂ කාර්ය බලකාය රත්ගම කඳවුරේ උප පොලිස් පරීක්ෂක ජේ.ඒ. දසුන් චන්ද්‍ර ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (13) හික්කඩුව පොලිස් වසමේ හික්කඩුව බස් නැවතුම්පොලේ දී වැටලීමක් සිදුකර තිරු බදු නොගෙවා මෙරටට ගෙන්වන ලද විදෙස් රටවල නිෂ්පාදිත දුම්වැටි 280ක් සමඟ හික්කඩුව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 65 පුද්ගලයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා හික්කඩුව පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments