22.4 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්ආරක්ෂක පුවත්ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 20 වන ගුවන් හමුදාපති සුභ මොහොතින් වැඩ...

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 20 වන ගුවන් හමුදාපති සුභ මොහොතින් වැඩ අරඹයි…

ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවේ 20 වන ගුවන් හමුදාපති ලෙස පත්විම් ලද ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් බන්දු එදිරිසිංහ නිළධාරීතුමන් හට ගුවන් හමුදා සම්ප්‍රදායානුකූල උත්තමාචාර පෙළපාලියක් (29) ගුවන් හමුදා මුලස්ථානයේදි පවත්වන ලදි. එම උත්තමාචාර පෙළපාලියෙන් අනතුරුව නව ගුවන් හමුදාපතිතුමන් ආගමික වතාවත් සිදුකරමින් නිළ වශයෙන් සිය ධුරයේ රාජකාරි ආරම්භ කිරිම ගුවන් හමුදා මුලස්ථානයේදි සිදුවීය.
අභිනවයෙන් රාජකාරී ආරම්භ කල ගුවන් හමුදාපතිවරයා මුලික කරුණු පහක් යටතේ සිය සාමාජිකයින් අමතමින් සඳහන් කරනු ලබුවේ සිය නායකත්වය යටතේ ශ්‍රි ලංකා ගුවන් හමුදාවේ මෙහෙයුම් හැකියාව වැඩිදියුණු කිරීම, නව තාක්ෂණික දැනුම භාවිතයට ගැනීම, ගෝලීය ක්‍රියාකාරකම් මත ස්වකීය මෙහෙයුම් යාවත්කාලීන කරවීම, සමුද්‍රීය ආරක්ෂාව හා ජාතික සංවර්ධනය කෙරෙහි දැඩි අවධානයක් යොමුකරන බවයි.
ගුවන් හමුදාවේ ගුවන්යානා බලඝණ තව දුරටත් ශක්තිමත් කරමින් ගුවන් බලය සඵලව භාවිතා කොට මාතෘ භූමියේ අවශ්‍යතාවන් අනුව සෑම විටම ක්‍රියාකිරීමට හැකි ගුවන් හමුදාවක් බවට පරිවර්ථනය කරන බවටත්, ගුවන් ආරක්ෂණ යාන්ත්‍රණය තව දුරටත් ශක්තිමත් කිරීම මගින් අප ගුවන් කලාපයේ ආරක්ෂාව සහතික කොට, ආවේක්ෂණ රාජකාරීන් මතින් කලාපීය ගුවන් ආරක්ෂාව පිළිබඳ වැඩි අවධානයක් යොමුකිරීම තම මූලික අභිලාශය බවට පත්කර ගන්නා බවට තව දුරටත් සදහන් කරන ලදී.
තාක්ෂණික හමුදාවක් ලෙස ගුවන් හමුදාව තුළ ඇති තාක්ෂණික ශක්තිය මගින් නවෝත්පාදනයන් ඉහළ නැංවීම සදහා ගතහැකි සියළු ක්‍රියාමාර්ග හා තීන්දු තීරණ ගනිමින් ගුවන් ආරක්ෂණ පද්ධතිය තරකීරීම, ඩ්‍රෝන තාක්ෂණය සහ නියමුවන් රහිත ගුවන් යානා තාක්ෂණය තව දුරටත් වැඩි දියුණු කිරීම තුලින් අනාගත ගුවන් හමුදාව තාක්ෂණික ප්‍රවේශයකට සූදානම් කර වීමට බලාපොරොත්තු වන බව ප්‍රකාශ කරන ලද අතර එක්සත් ජාතීන්ගේ සාම සාධක මෙහෙයුම් තව දුරටත් පුළුල් කරමින් ජාත්‍යන්තර සංග්‍රාමීය අවශ්‍යතා වෙනුවෙන් සෑම අතින්ම සන්නද්ධ ගුවන් හමුදාවක් බවට පත්කිරීමට අවශ්‍ය කටයුතු සිදු කරන බවද ප්‍රකාශ කරන ලදී.
ජාතික ආරක්ෂක හා ආර්ථික සංවර්ධන වැඩ පිළිවෙළ හා අනුගත වෙමින් ඉන්දියානු සාගර කළාපීය සමුද්‍රීය ආරක්ෂණය තහවුරු කිරීම ගුවන් හමුදාවේ භාරදුර වගකීමක් බවත් එය සිදුකිරීමේදී ජාතික හා ජාත්‍යන්තර සහයෝගීතාවය මත පදනම්ව රටේ ආරක්ෂාව වෙනුවෙන් කැප වෙමින් ආවේක්ෂණ මෙහෙයුම් සඳහා වැඩි අවධානයක් ලබා දීමට බලාපොරොත්තු වන බව පවසන ලදී.

තවද, 2025 වර්ෂය තුළදී රජය ආරම්භ කර ඇති ජාතික වැඩසටහනක් ලෙස ක්‍රියාත්මක වන Clean Sri Lanka වැඩසටහන සදහා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ පූර්ණ සහයෝගය ලබා දීමට ක්‍රියා කරන අතර ගුවන් හමුදාවේ ප්‍රමිතිගත ප්‍රවේශයන් තුලින් මේ රටේ පොදු යහපත් අරමුණු වෙනුවෙන් කැප වී කටයුතු කරන බවත් ඕනෑම අවස්ථාවක ඒ සදහා සූදානම් බවත් සඳහන් කරන ලදී.20 වන ගුවන් හමුදාපති ලෙස පත්විම් ලද ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් බන්දු එදිරිසිංහ නිළධාරීතුමන් පිළිබඳ සංෂිප්ත විස්තරය
නව ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් බන්දු එදිරිසිංහ මහතා මහනුවර සාන්ත සිල්වෙස්තර විද්‍යාලයේ කිර්තිමත් ආදි ශිෂයකු ලෙස පාසල් අධ්‍යාපන කටයුතු හදාරා 1991 වසරේ මැයි මස 03 වන දින අංක 24 වන අධුනික කෙඩෙට් නිළධාරී පාඨමලාවේ කෙඩෙට් නිළධාරියකු ලෙස ශ්‍රී ලංකා ගුවන් හමුදාවට එක්වන ලදි.
එයාර් මාර්ෂල් බන්දු එදිරිසිංහ මහතා 1993 වසරේ ජුලි මස 03 වන දින ගුවන් නියමු නිළධාරියකු ලෙස අධිකාරියට පත්ව ගුවන් නියමුවෙකු ලෙස ඔහු සිය වෘත්තිය හමුදා ජිවිතය ආරම්භකරනු ලැබු මෙතුමන් ඇමරිකා එක්සත් ජනපදයේ ඇලබාමා හි පිහිටි ගුවන් විශ්ව විද්‍යාලයන් ගුවන් මාණ්ඩලික පාඨමාලාවද චිනයේ ජාතික ආරක්ෂක විද්‍යාලයෙන් ndc පාඨමාලාවද හදාරා ඇත.
අති දක්ෂ හෙලිකොප්ටර් නියමුවෙකු මෙන්ම පලපුරුදු සුදුසුකම් ලත් හෙලිකොප්ටර් පුහුණු උපදේශයකයකු වන නව ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් බන්දු එදිරිසිංහ මහතා ගුවන් පැය 7000 කට අධික ප‍්‍රමාණයක් පියාසර කර ඇති අත්දැකිම් බහුල හෙලිකොප්ටර් ගුවන් නියමුවෙකු වන අතර ඔහු ශ‍්‍රි ලංකා ගුවන් හමුදාව වර්ථමානයේ භාවිතා කරන හෙලිකොපටර් වන Bell 206, Bell 212, Bell 412, MI 17, යන ප්‍රවාහන හෙලිකොප්ටර් මෙන්ම MI 24 ප්‍රහාරක හෙලිකොප්ටර් යානාවල ප්‍රධාන ගුවන් නියමුවෙකු ලෙසත් සියලූම හෙලිකොප්ටර් යානාවන්හි සුදුසුකම්ලත් පියාසර උපදේශකයකු ලෙසත් කටයුතු කර ඇත. ගුවන් හමුදා අංක 4 විශේෂ ප්‍රභූ ප්‍රවාහන බලඝණයේ, අංක 6 හෙලිකොප්ටර් ප්‍රවාහන බලඝණයේ, අංක 7 හෙලිකොප්ටර් ප්‍රවාහන බලඝණ ත්‍රිත්වයේම අණදෙන නිළධාරිවරයා ලෙසද කටයුතු කර ඇත. එමෙන්ම උපකරණ ආධාරයෙන් පියාසර කිරීමේ මෙහෙයුම් පිළිබඳ විශේෂඥයෙකු වන මෙතුමා හෙලිකොප්ටර් විෂය පථයේ උපකරණ ආධාරයෙන් පියාසර කිරීම පිළිබඳ ශ්‍රේණිගත කිරීමේ පරීක්ෂකයෙකු ලෙස විශිෂ්ට දක්ෂතා දක්වා ඇත. විශේෂයෙන් ඔහු නයිට් විෂන් ගොගල් (NVG) ආධාරයෙන් හෙලිකොප්ටර් පියාසර කිරීම පිළිබඳ විශේෂඥයෙකු වන අතර උසස් සංචලන (Advance Navigation) මෙහෙයුම් සඳහා ද විශේෂ සුදුසුකම් ලබා ඇති දක්ෂ ගුවන් නියමුවෙකි.
ඔහුගේ සුවිශේෂී නිර්භීතකම, විශිෂ්ට සේවය සහ රාජකාරිය සඳහා වූ නොසැලෙන කැපවීම අගයමින් විශිෂ්ඨ සම්මාන කිහිපයක් පිරිනමන ලදී. මෙම සම්මාන අතර තම ජීවිතය පරදුවට තබමින් ක්‍රියාකාරී සේවයේ ස්වේච්ඡාවෙන් සිදු කරන ලද නිර්භීත ක්‍රියාවන් සහ නිර්භීතකම වෙනුවෙන් ඔහුට “වීර වික්‍රම විභූෂණ” සම්මානය පිරිනමන ලදී. සතුරා ඉදිරියේ ස්වේච්ඡාවෙන් සිදු කරන ලද නිර්භීත ක්‍රියාවන් වෙනුවෙන් ඔහුට න්දු එදිරිසිංහ මහතා ගුවන් හමුදාවේ ක්‍රීඩා උපදේශක කමිටුවේ සාමාජිකයෙකු සහ ශ්‍රී ලංකා ගුවන් හමුදා හොකී සභාපති ලෙස සේවය කර ඇත. ක්‍රිෂාන්ති එදිරිසිංහ ඔහුගේ ආදරණිය බිරිද වේ

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments