23.3 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්වෙළෙඳපොලට නිකුත් කරන සනීපාරක්ෂක තුවා වල පවත්නා මිළ වෙනසක් නැහැ

වෙළෙඳපොලට නිකුත් කරන සනීපාරක්ෂක තුවා වල පවත්නා මිළ වෙනසක් නැහැ

පැවැති යහපාලන රජය විසින් පනවන ලද 30% ක සනීපාරක්ෂක තුවා සඳහා වන බදු ප්‍රමාණය මෙවර අයවැය මඟින් 15%කින් අඩු කරන ලද අතර ඉතිරි ප්‍රමාණය 15%ක සෙස් බද්දක් ලෙස පැවතීම තුළ  වෙළෙඳපොලට නිකුත් කරන සනීපාරක්ෂක තුවා වල පවත්නා මිළ ගණන් ඒ ආකාරයෙන්ම ස්ථාවරව පවතින බව දේශීය සනීපාරක්ෂක තුවා නිෂ්පාදකයින් ප්‍රකාශ කළහ. 

 අමාත්‍යවරයා සිදු කරන ලද විමසීමකදී එම නිෂ්පාදකයන් විසින් මේ බව සඳහන් කර සිටියහ.  

එම නිෂ්පාදකයින් මේ බව සඳහන් කළේ ඊයේ (25)වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ආරාධනය පරිදි ඒ මහතාගේ මූලිකත්වයෙන් පැවති සාකච්ඡාවකදීය. ඒ සඳහා දේශීය සනීපාරක්ෂක තුවා නිෂ්පාදකයන් සහභාගී වූහ.

එමෙන්ම 2018 වසරේදී පනවා තිබූ සනීපාරක්ෂක තුවා කිලෝග්‍රෑමයක් සඳහා රු.300 ක ආනයන බද්ද නැවත පනවන මෙන් නිෂ්පාදකයන් විසින් සිදු කරන ලද ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින් ඉල්ලුමට සරිලන සැපයුම 100%ක්ම සිදු කිරීමට මෙම දේශීය නිෂ්පාදකයින්ට ඇති හැකියාව තුළ සනීපාරක්ෂක තුවා ආනයනය සඳහා කිසිදු අවශ්‍යතාවයක් නොමැති බව මෙහිදී අමාත්‍යවරයා අවධාරණය කරන කළේය.

ඒ අනුව නිෂ්පාදකයන්ගේ ඒකමතික අදහස ලෙස මෙම සෙස් බද්ද හරහා කිසිසේත්ම නිෂ්පාදනයන්ගේ පවත්නා මිළෙහි කිසිදු වෙනසක් සිදු නොවන බව සාකච්ඡාවේ දී පැහැදිලි විය.
 
මෙම අවස්ථාව සඳහා වෙළෙඳ අමාත්‍යාංශ ලේකම් භද්‍රාණී ජයවර්ධන මහත්මිය, අතිරේක ලේකම් ගිල්මා දහනායක මහත්මිය සහ දේශීය සනීපාරක්ෂක තුවා නිෂ්පාදකයන් හා සන්නාම කළමනාකරුවන් ඇතුළු නිලධාරීන් පිරිසක් සහභාගී වී සිටියහ.
RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments