25.7 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්දේශීයව යතුරුපැදි එකලස් කිරීම සහ අමතර කොටස් නිෂ්පාදනය කිරීම දිරිමත් කිරීම්

දේශීයව යතුරුපැදි එකලස් කිරීම සහ අමතර කොටස් නිෂ්පාදනය කිරීම දිරිමත් කිරීම්

දේශීයව යතුරුපැදි එකලස් කිරීම සහ යතුරු පැදි අමතර කොටස් නිෂ්පාදනය කිරීම දිරිමත් කිරීම සදහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම කඩිනම් කරන ලෙස ඊයේ (24) යතුරුපැදි එකළස්කරුවන් සහ කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා අතර පැවති සාකච්ජාවකදී අමාත්‍යවරයා අදාළ අංශ වෙත උපදෙස් ලබා දුන්නේය.

2019 වසරේ යතුරුපැදි ආනයනය සදහා ශ්‍රී ලංකාව රුපියල් බිලියන 42ක් වැයකර ඇති අතර අමතර කොටස් සදහාත් විශාල වියදම් දරා තිබේ. යතුරුපැදි දේශියව එකලස් කිරීම සහ අවශ්‍ය උපාංග නිෂ්පාදනය දේශීය වශයෙන් සිදුකිරීම තුළින් එම ආනයන වියදම ඉතිරි කරගත හැකි බවත් ඒ සදහා තමන්ට හැකියාව ඇති බවත් යතුරුපැදි එකළස් කරන්නන් සහ උපාංග නිෂ්පාදකයින් අමාත්‍යවරයාට පෙන්වා දෙන ලදි. ඒ සදහා ඔවුන්ට අවශ්‍ය සහාය ලබාදෙන ලෙස ඔවුන් අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටියේය.

උපාංග ආනයනය කිරීමට මාස 06ක කාලයකට අවසර ලබාදෙන ලෙස එකළස් කරන්නන් යෝජනා කලද යතුරුපැදි එකළස් කිරීම සහ උපාංග මෙරට තුලදී නිෂ්පාදනය කිරීම රජයේ ප්‍රතිපත්තිය සහ දිරිමත් කිරීම බව අමාත්‍යවරයා පෙන්වා දෙන ලදි. ඔවුන්ට අවශ්‍ය සියලු සහය ලබාදීමට මෙම සාකච්ජාවේදී අමාත්‍යවරයා පොරොන්දු විය.
මෙම අවස්ථාවට ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ සභාපති උපසේන දිසානායක, මුදල් අමාත්‍යංශයේ නිලධාරිහු, ආනයන අපනයන පාලන අංශයේ නිලධාරින්, යතුරුපැදි එකළස්කරුන්, යතුරු පැදි උපාංග නිෂ්පාදකයින් ඇතුළු පිරිසක් සහභාගී වූ හ.
RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments