ශ්‍රී ලංකාවේ කොරියානු තානාපති වූන්ජින් ජොන්ග් මහතා කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා (17) පාර්ලිමේන්තුවේ දී හමුවිය.
කොරියාවේ සීමෝල් පදනමේ සභාපති ලී සොන්ග් මහතා සහ සීමෝල් පදනමේ ශ්‍රී ලංකා කාර්යාලයේ අධ්‍යක්ෂ චෝයි සුන්ග් මහතා ද මෙම සාකච්ඡාවට සහභාගී වූහ.
සීමෝල් පදනම මගින් ක්‍රියාත්මක කෘෂිකාර්මික නිෂ්පාදන වැඩි දියුණු කිරීම්, ග්‍රාමීය ජනතාව සවිබල ගැන්වීම යනාදී ප්‍රජා මූලික සංවර්ධන වැඩසටහන් පිළිබඳව සීමෝල් පදනමේ සභාපතිවරයා මෙහිදී කථානායකවරයා දැනුවත් කළේය.
ඒ අනුව, කෘෂිකාර්මික ඇතුළු අනෙකුත් ක්ෂේත්‍රවල සංවර්ධන අවස්ථා තුළින් දෙරට අතර ද්වීපාර්ශ්වික සබදතා වැඩිදියුණු කරගත හැකි ආකාරය පිළිබඳව මෙහිදී පුළුල් ලෙස සාකච්ඡා විය.
රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතාද මෙම අවස්ථාවට එක්ව සිටියේය.