25.7 C
Sri Lanka
Monday, May 5, 2025
Homeක්‍රීඩා පුවත්එංගලන්තයට ජය

එංගලන්තයට ජය

ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ ඉරානයට එරෙහිව අද පැවති තරගයෙන් ගෝල 2ට 6ක් ලෙස විශිෂ්ට ජයක් හිමිකරගැනීමට එංගලන්තය සමත්විය.

එහිදී එංගලන්තය වෙනුවෙන් bukayo saka එංගලන්තය වෙනුවෙන් ගෝල 2ක් ලබාගැනීමට සමත්විය.

ඒ තරගයේ 43 වන සහ 62වන මිනිත්තුවේදීය.

තරගයේ 35 මිනිත්තුවේදී Jude Bellingham එංගලන්තය වෙනුවෙන් ප්‍රථම ගෝලය වාර්තාකිරීමට සමත්විය.

පසුව තරගයේ පළමු අර්ධය අවසානයේ Raheem Sterlin එංගලන්ත කණ්ඩායම වෙනුවෙන් ගෝලයක් වාර්තා කළේය.

ඉරානය වෙනුවෙන් ප්‍රථම ගෝලය වාර්තා කිරීමට Mehdi Taremi සමත් වූයේ තරගයේ 65 වන මිනිත්තුවේදීය.

Marcus Rashford තරගයේ 71 වන මිනිත්තුවේදීත් Jack Grealish විසින් තරගයේ 89 වන මිනිත්තුවේදීත් එංගලන්තය වෙනුවෙන් තවත් ගෝල දෙකක් වාර්තා කිරීමට සමත්විය.

කෙසේ වෙතත් තරගයේ අමතර කාලයේදී දඬුවම් පහරක් මගින් Mehdi Taremi ඉරානය වෙනුවෙන් තවත් ගෝලයක් වාර්තා කිරීමට සමත්විය.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments