28.1 C
Sri Lanka
Tuesday, May 6, 2025
Homeදේශීය පුවත්police newsජාවාරම් රැසක සුලමුල සොයා ගනිමින් ඊට වගකිව යුතු පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමට එස්.ටී.එෆ්.සමත්වෙයි.

ජාවාරම් රැසක සුලමුල සොයා ගනිමින් ඊට වගකිව යුතු පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමට එස්.ටී.එෆ්.සමත්වෙයි.

රත්තරං, මැණික්, රිදි, ලෝහ ද්‍රව්‍ය, තිබෙන ස්ථාන පරික්ෂා කිරීමේ යන්ත්‍රයක් සන්තකයේ තබාගනිමින් මෝටර් රථයතික් ගමන් කරමින් සිටි පුද්ගලයින් සිව්දෙනෙකු ලාහුගල ප්‍රදේශයේ දි විශේෂ කාර්ය බලකාය නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබේ.

විශේෂ කාර්ය බලකාය අරුගම්බේ කඳවුරේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි මෙම සියලු වැටලීම් හා අත්අඩංගුවට ගැනීම් සිදුකර තිබේ. ඒ් අනුව කලාප අණදෙන නිලධාරී ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඒ.ඩි.ඩි. නෙත්තසිංහ මහතාගේ අධීක්ෂණය යටතේ සහකාර පොලිස් අධිකාරී එස්.ඩි. බන්දුසිරි මහතාගේ මඟ පෙවන්වීම මත විශේෂ කාර්ය බලකාය අරුගම්බේ කඳවුරේ පොලිස් පරීක්ෂක කේ.ජි. ලක්මාල් කුමාර ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (23) පොතුවිල් පොලිස් වසමේ ලාහුගල කදවුර ඉදිරිපිට ප්‍රධාන මාර්ගයේ දී රත්තරං, මැණික්, රිදි, ලෝහ ද්‍රව්‍ය, තිබෙන ස්ථාන පරික්ෂා කිරීමේ යන්ත්‍රයක් සන්තකයේ තබාගනිමින් මෝටර් රථයතික් ගමන් කරමින් සිටි පුද්ගලයින් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා පොතුවිල් පොලිස් ස්ථානය වෙත භාර දී ඇත. මේ සමග පහත භාණ්ඩද අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කර ඇත.කන්චුක 01ක්, ගිරයක්, රෙදි බෑගයක්, දුරකථන 06ක්, හදුනානොගත් පාශාණයක් අත්අඩංගුවට ගෙනතිබේ.

දිගු කලෙක පටන් පාසල් ළමුන් ඉලක්ක කරගනිමින් නිතී විරෝධී මත්පෙති ජාවාරම සිදුකල පුද්ගලයින් දෙදෙනෙකු විශේෂ කාර්ය බලකාය නිලධාරින්ගේ අත්අඩංගුවට.

විශේෂ කාර්ය බලකාය යාපනය කඳවුරේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව කලාප අණදෙන නිලධාරී ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඩි.ඩි.ඩි.කේ. හෙට්ටිආරච්චි මහතාගේ අධීක්ෂණය යටතේ සහකාර පොලිස් අධිකාරී ඩි.පි.යු. කොඩිතුවක්කු මහතාගේ මඟ පෙන්වීම මත විශේෂ කාර්ය බලකාය යාපනය කඳවුරේ උප පොලිස් පරීක්ෂක ටි.එම්.පි.බි. තෙන්නකොන් ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (23) චුන්නාගම් පොලිස් වසමේ මයිලන්කාඩු, අරසඩි ශ්‍රි නාගපුසනී කෝවිල අසල දී නිතී විරෝධී මත්පෙති සන්තකයේ තබාගෙන සිටි චුන්නාගම් ප්‍රදේශයේ පදිංච් වසය අවුරුදු 25, 44 වන පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා චුන්නාගම් පොලිස් ස්ථානය වෙත භාර දී ඇත. මෙම පුද්ගලයින් දිර්ඝ කාලයක් පුරා ප්‍රදේශයේ පාසල් ළමුන් ඉලක්ක කරගනිමින් මෙම ජාවාරම සිදුකර ඇත.
රක්ෂිතයේ සරුවටවගා කර තිබූ ගංජා වගාවක් විශේෂ කාර්ය බලකාය නිලධාරීන්ගේ අත්අඩංගුවට

විශේෂ කාර්ය බලකාය සූරියවැව කඳවුරේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව කලාප අණදෙන නිලධාරී ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී එච්.ඒ.වි. දිසානායක මහතාගේ අධීක්ෂණය යටතේ සහකාර පොලිස් අධිකාරී අයි.එස්.ටී. පෙරේරා මහතාගේ මඟ පෙවන්වීම මත විශේෂ කාර්ය බලකාය සූරියවැව කඳවුරේ දෙවන කඳවුර අණදෙන නිලධාරී පොලිස් පරීක්ෂක ඩී.එම්.ජී.ආර්. වීරසිංහ ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (22) තණමල්විල පොලිස් වසමේ නික වැව, සූරියආර රජයේ රක්ෂිත ප්‍රදේශයේ ඉතාම සුක්ෂමව සහ රහසිගතව වගාකර තිබු අඩි 05 යි අඟල් 06 ක් උස ගංජා ගස් 6,760 ක් සහිත වගාවක් අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා සාම්පල් වශයෙන් ගංජා ගස් 10 ක් තණමල්විල පොලිස් ස්ථානය වෙත භාර දී ඇත. ඉතිරි ගංජා ගස් ගිණි තබා විනාශ කර ඇත. පොලිස් විශේෂ කාර්ය බලකාය නිරන්තරයෙන්ම නවිණ තාක්ෂණික ක්‍රමවෙිදයන්ට අනුව එනම් ⁣ඩ්‍රෝනා කැමරා උපයෝගි කරගනිමින් ගංජාවගාන් පිහිටි ස්ථානයන් නිරීක්ෂණය කරමින් ඒවා අත්අඩංගුවට ගැනීම නිරන්තරයෙන්ම සිදුකරමින් පවතී.

විෂ මත්ද්‍රව්‍ය වන අයිස්, හෑෂ් යන මත්ද්‍රව්‍ය හා තියුණු කඩුවක් සමග පුද්ගලයෙකු පොලිස් විශේෂ කාර්ය බලකායේ අත්අඩංගුවට

විශේෂ කාර්ය බලකාය මොරටුව කඳවුරේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව අධ්‍යක්ෂක බුද්ධි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී වී.ජී. රොහාන් කරුණාරත්න මහතාගේ අධීක්ෂණය යටතේ (බුද්ධි/විශේෂ මෙහෙයුම් හා මත්ද්‍රව්‍ය නාශක) සහකාර පොලිස් අධිකාරී සාගර කුලසේකර මහතාගේ මගපෙන්වීම යටතේ මොරටුව කඳවුර අණදෙන නිලධාරී ප්‍රධාන පොලිස් පරීක්ෂක එච්.එම්.ඒ. මනෝහර ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (22) දෙහිවල පොලිස් වසමේ අංක 09 ධීවර නිවාස යෝජිත ක්‍රමය, ඕර්බන් පෙදෙස, දෙහිවල යන ස්ථානයේ දී අත්අඩංගුවට ගැනීමක් සිදුකර විෂ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 22, මිලි ග්‍රෑම් 370 ක්, හෑෂ් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 06, මිලි ග්‍රෑම් 500 ක් හා තියු කඩුවක් සන්තකයේ තබාගෙන සිටි දෙහිවල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 37 ක පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා දෙහිවල පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.

මෙරට නිශ්පාදිත ගිණි අවි 05 සමග පුද්ගලයන් පස්දෙනෙකු වාකරේ දී පොලිස් විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගෙන ඇත.

විශේෂ කාර්ය බලකාය වාකරේ කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව වව්නියාව කලාප භාරව කටයුතු කරන ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී එම්.කේ.බී.එස්.එන්. ගුණරත්න මහතාගේ අධීක්ෂණය යටතේ සහකාර පොලිස් අධිකාරී රිල්වාන් මහතාගේ මග පෙන්වීම මත විශේෂ කාර්ය බලකාය වාකරේ කඳවුරේ කඳවුර දෙවන අණදෙන නිලධාරී පොලිස් පරීක්ෂක පි. ධනපාල ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (22) වාකරේ පොලිස් වසමේ ඌත්තමඩිහේන ප්‍රදේශයේ දී වැටලීමක් සිදුකර බලපත්‍ර නොමැතිව මෙරට නිෂ්පාදිත වෙඩිබෙහෙත් කොටන අවි 05 ක් සමග කදිරවේලි ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 25 ත් 50 ත් අතර පුද්ගලයන් පස්දෙනෙකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා වාකරේ පොලිස් ස්ථානය වෙත භාර දී ඇත. මෙසෙ ⁣මෙම ගිණි අවි ලග තබාගනිමින් යමි අපරාධයකට සුදානම් වීද යන්න පිලිබද විමර්ශනයක් සිදුකරමින් පවතී.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments