28.8 C
Sri Lanka
Tuesday, May 6, 2025
Homeදේශීය පුවත්දේශපාලන පුවත්ශිෂ්‍ය ක්‍රියාකාරීන්ගේ නිදහස හා මර්දනයට එරෙහි අන්තරේ සටනට, 43 සේනාංකයේ සහාය

ශිෂ්‍ය ක්‍රියාකාරීන්ගේ නිදහස හා මර්දනයට එරෙහි අන්තරේ සටනට, 43 සේනාංකයේ සහාය

(21) දින  43 සේනාංකයේ තරුණ අංශය හා අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය අතර සාකච්ජාවක් පැවතින.

ඒ ත්‍රස්තවාදී පනත යොදාගනිමින් තවමත් රඳවාගෙන සිටින අන්තර් විශ්ව විද්‍යාලීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ හා භික්ෂු බලමණ්ඩලයේ කැඳවුම්කාර ගල්වැව සිරිධම්ම හිමියන් නිදහස් කරගැනීමේ ඉදිරි වැඩසටහන් පිළිබඳව සාකච්ජා කිරීම සඳහාය.

මේ සඳහා 43 සේනාංකයේ තරුණ අංශයේ ජාතික කැඳවුම්කරු තීක්ෂණ ගම්මන්පිල මහතා ඇතුළු පිරිසක් හා අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ වැඩ බලන කැදවුම්කරු ඇතුළු පිරිසක් සහභාගී විය.

එහිදී අදහස් දැක්වූ 43 සේනාංකයේ තරුණ අංශයේ ජාතික කැඳවුම්කරු තීක්ෂණ ගම්මන්පිල මහතා පවසා සිටියේ තම සංවිධාන අතර දේශපාලන මත පිළිබඳව වෙනස්කම් පැවතියද රටේ සිසු පරපුර වෙනුවෙන් කටයුතු කරන සංවිධානයක් ලෙස 43 සේනාංකය, වසන්ත මුදලිගේ හා ගල්වැව සිරිධම්ම හිමියන් නිදහස් කරගැනීමට පුර්ණ සහාය අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයට ලබාදෙන බවයි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ තීක්ෂණ ගම්මන්පිල මහතා:

“අපිට පේනවා ආණ්ඩුව උත්සහ කරනවා තවත් ක්‍රම වලට මේ පිරිස අත්අඩංගුවේ තියාගන්න. අපි අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයත් එක්ක මේ මර්දනය ගැන විතරක් නෙමෙයි විශ්ව විද්‍යාල පද්ධතියේ තියෙන අධ්‍යාපනික ප්‍රශ්න, සිසුන්ගේ සුබසාධන ගැටලු ගැනත් අපි සාකච්ඡා කරා. ඔවුන්ට ඒ සඳහා මැදිහත් වෙන්න අවශ්‍ය කාරණා අපි යෝජනා විදිහට දීලා තියෙනවා. ආණ්ඩුවට පැහැදිලිව කියන්න කැමතියි, මර්දනයට විරුද්ධව එකතු වෙන්න අපිට බාධාවක් නැහැ. ඒ සඳහා අවශ්‍ය දේශපාලන සහාය අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයට අපෙන් ලැබෙනවා. අද අනීතිකයි, යුක්තිසහගත පරිසරයක් නෙමෙයි තියෙන්නේ. ඒ පරිසරය අවසන් කිරීම හා තරුණයන්ගේ අනාගතය උදෙසා 43 සේනාංකය විදියට අපි අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයත් එක්ක ඒකාබද්ධව කටයුතු කරන්න සූදානම්. අපි දකින්නේ වසන්ත සහෝදරයාව අන්තරේ සභාපති විදිහට නෙමෙයි. අපි දකින්නේ අරගල භූමියේ අපිත් එක්ක අරගල කරපු සහෝදරයෙක් විදියට. ඒ බැඳීම අපිට තියෙනවා. රට වෙනුවෙන් කැපවෙන මිනිස්සු වෙනුවෙන් 43 සේනාංකය පෙනී හිටිනවා.”

එමෙන්ම මෙම සාකච්ජාව සඳහා සම්බන්ධ වූ අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ වැඩ බලන කැදවුම්කරු පවසා සිටියේ මර්දනය අවසන් කොට සිරකොටගෙන සිටින සහෝදරවරුන් නිදහස් කරගැනීමට මෙන්ම රටේ ඉදිරි ක්‍රියාමාර්ග සඳහාත් 43 සේනාංකයේ සහෝදරවරුන් සමඟ කටයුතු කරන බවයි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ වැඩ බලන කැදවුම්කරු;

“වසන්ත මුදලිගේ සහෝදරයා වගේම ගල්වැව සිරිධම්ම හිමිත් දින 90 රඳවා තබාගෙන ඉඳලා හොර රහසේම උසාවියට ඉදිරිපත් කරලා මේ වෙනකොට රිමාන්ඩ් බන්ධනාගාර ගත කරලා තියෙනවා. තව මාස කිහිපයක් මේ සහෝදරවරු හිර කරලා දාන්න කියන ආණ්ඩු ප්‍රවේශයක් තුළ මේ වෙනකොට කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ රඳවා තබාගෙන ඉන්නවා. ඉතින් ඒ නිසා අපි මේ විදියට දේශපාලන පක්ෂ හමුවී අදාළ මැදිහත් කිරීම් සිදුකළා. අද දවසේදී 43 සේනාංකයේ සහෝදරවරුත් එක්ක අපි සාකච්ඡා කරා. නීතිපතිගේ උපදෙස් ලැබෙනකම් තමයි ආණ්ඩුවේ ප්‍රවේශය තියෙන්නේ. ඒ නිසා නීතිපතිගේ උපදෙස් පරක්කු නොකර වහාම උසාවියට ඉදිරිපත් කරලා, කඩිනමින් මේ සහෝදරයෝ නිදහස් කරගැනීමට අදාළ ප්‍රවේශය විදිහට 43 සේනාංකය ප්‍රගතිශීලි පාර්ශවයක් ලෙස අද සාකච්ජා කළා. එහිදී මේ සහෝදරවරු වහාම නිදහස් කරගැනීමට අදාළවත්, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වහා අකුලා ගැනීමටත්, එතනින් එහාට ගිහිල්ලා ජනතා ජයග්‍රහණ  ලබා ගැනීම දක්වා මේ අරගලය මෙහෙයවීමට අදාළව ඒ මැදිහත් කිරීම ලබාදිය යුතුයි කියන සාකච්ඡාව ගොඩනගා ගත්තා.”

මෙය ඔබගේ මාධ්‍යයේ පළකරන ලෙස ගෞරවයෙන් යුතුව ඉල්ලා සිටිමි

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments