29.2 C
Sri Lanka
Monday, May 5, 2025
Homeකලා පුවත්ජාතියේ ටෙලිමහා මංගල්‍ය ‌19වරටත්....

ජාතියේ ටෙලිමහා මංගල්‍ය ‌19වරටත්….

ජාතියේ ටෙලි මහා මංගල්‍යය ලෙස සැලකෙන රයිගම් ටෙලීස් (2022) සම්මාන උළෙල 19වෙනිවරටත් අති උත්කර්ෂවත් අයුරින් පැවැත්වීමට සියලු කටයුතු යොදා තිබේ.

මේ සම්බන්ධයෙන් ඉකුත්(29) ශ්‍රී ලංකා පදනම් ආයතනයේ පැවැති මාධ්‍ය හමුවේදී අදහස් දැක්වු රයිගම් සමූහ ව්‍යාපාරයේ සභාපති ආචාර්ය රවි ලියනගේ මහතා මහතා කියා සිටියේ වසර 19ක් අඛණ්ඩව මෙම සම්මාන උළෙල පවත්වා තිබෙන අතර මෙවර සම්මාන උළෙල සඳහා රුපියල් මිලියන හැටක් පමණ වැයවන බව කීවේය. මෙම සම්මාන උළෙල මගින් නිර්දේශිත නාම උත්කර්ෂන උළෙලක් හඳුන්වාදුන් අතර එය මෙම සම්මාන උළලේ සුවිශේෂි බවක් යැයි පෙන්වාදුන්නේය. එය ලබන පෙබරවාරි (24) බත්තරමුල්ල වෝටර්ස්ඒ්ජ් පරිශ්‍රයේ පැවැත්වේ. ප්‍රධාන සම්මාන රාත්‍රී උළෙල ලබන මාර්තු (25) කොළඹ කොළඹ ෂැංග්‍රි-ලා හෝටලයේදී පැවැත්වීමට කටයුතු යොදා තිබෙන බව දැනුම් දුන්නේය. මෙවර තේමාව ලෙස යළිපිබිදෙමු ලෙස හැඳින්වූයේ ටෙලි හා සිනමා කර්මාන්ත පවතින ආර්ථික අර්බුදය හමුවේ ඉතා දුෂ්කරතාවයකට පත්ව තිබෙන මේ අවස්ථාවේදි යළි අපි නැඟි සිටිමු යන අදහස ලබාදීමට බවට ලියනගේ මහතා පැවසීය.

2022 වර්ෂය තුළ විකාශය වූ ටෙලි නිර්මාණ අගයමින් සිදුකෙරෙන 19 වැනි රයිගම් ටෙලීස් සම්මාන උළෙලේදි වඩාත් ජනගත ටෙලිනාට්‍යය, රූපවාහිනී වැඩසටහන සහ රූපවාහිනී ප්‍රවෘත්ති විකාශය නමින් නව සම්මාන කුලකයක් රයිගම් ටෙලීස් විසින් හඳුන්වා දී ඇත. වසරේ ජනප්‍රියතම ටෙලිනාට්‍යය, ටෙලිනාට්‍ය නඵවා සහ නිළිය පාඨක මනාපය අනුව තීරණය කළද ඒවා ජනතාව අතර වඩාත් මුල්බැසගත් නිර්මාණ ඒවා නොවන්නට ඉඩ ඇත. මේ අනුව වඩාත් ජනගත නිර්මාණ තීරණය කිරීම සඳහා ප්‍රවීණ ප්‍රජාවිද්‍යාවේදීයෙකු වූ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ලක්‍ෂමන් දිසානායකයන්ගේ අධීක්‍ෂණය යටතේ දීපව්‍යාප්ත ජනතා සමීක්‍ෂණයක් පැවැත්වෙනු ඇත. මෙම නව කුලකය ශ්‍රී ලංකාවේ ටෙලි සම්මාන සංස්කෘතියේ පාර්ශවකරුන් අතර ඉහළ පිළිගැනීමක් හිමිකරගෙන ඇත.මේ සඳහා 2023 පෙබරවාරි මස 23 වන දිනට පෙර තම අයුදුම්පත් යොමු කරන ලෙස සියලු රූපවාහිනී නාලිකාවන්ගෙන් ඉල්ලා සිටිමු.

මෙහිදි සම්මාන කුලක හතක් යටතේ සම්මාන පිදෙන අතර ඒ් අනුව ටෙලි නාට්‍ය විශිෂ්ටතා සම්මාන,රූපවාහිනී මාධ්‍ය විශිෂ්ටතා සම්මාන,ජනප්‍රිය සම්මාන,ජනගත සම්මාන කුලකය හා ප්‍රණාම සම්මාන යන අංශයන්ගෙන් සම්මාන ලබාදෙනු ඇත.

රයිගම් ටෙලීස් 2022 උළෙල සඳහා අයදුම්පත් හා නිර්මාණ භාරගැනීම මේ වන විට ආරම්භ වී ඇති අතර එය 2022 ජනවාරි මස 15 වන දිනෙන් අවසන් වේ. මෙවර සම්මාන උළෙල සඳහා නිර්මාණ ඉදිරිපත් කිරිමට අපේක්‍ෂිත නිර්මාණකරුවන් හැකි ඉක්මනින් 0707 061 508 හෝ 0707 061 602 අංක මඟින් රයිගම් ටෙලීස් ලේකම් කාර්යාලය අමතන ලෙස ඉල්ලා සිටී.

උළෙල සඳහා ඉදිරිපත් කරන නිර්මාණ නිසිපරිදි සම්පූර්ණ කල අයදුම් පත්‍රයක්ද සමග යොමු කළ යුතුවන අතර අයදුම්පත් තම නාලිකාවලින්, ඉහත සඳහන් දුරකථන අංක ඇමතීමෙන් හෝ www.raigamtelees.lk පිටුවට පිවිසීමෙන් ලබාගත හැකිය.

අයදුම්පත් සමඟ තම නිර්මාණ VOB හෝ MPEG වර්ගයේ සංයුක්ත තැටි (CD) සංක්‍යාත වීඩියෝ තැටි (DVD) මඟින් පහත සඳහන් ලිපිනය වෙත භාරදිය යුතුය,

රයිගම් ටෙලීස් නිර්මාණ බාරගැනීමේ විශේෂ කාර්යාල, Lapro Technologies, අංක 25, බිම් මහල, ලකී ප්ලාසා ගොඩනැගිල්ල,කොළඹ 03.,Fox ප්‍රදර්ශනාගාරය, හොරණ පාර, කොට්ටාව. (කොට්ටාව Keells Super ඉදිරිපිට)

මෙහිදි අනුග්‍රාහකත්ව සංකේත හුවමාරු කිරීම සඳහා අනුගග්‍රාහකත්ව ආයතන නියෝජනය කරමින් සම්පත් බැංකුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිතාරක රන්වල, ප්‍රධාන විධායක නිළධාරී මොබිටෙල්චන්දික විතාරණ,අලියාන්ස් රක්‍ෂණ සමාගමේ කලාපීය කළමාණාකරු නිශාන්ත වෙදගෙදර , ඉමැජින් එන්ටර්ටෙන්මන්ට් කළමණාකාර අධ්‍යක්‍ෂක – සජිත් කොඩිකාර , රයිගම් ආර්යා ප්ලස් වෙනුවෙන් සහකාර සන්නාම කළමණාකාරිනී – නිරූෂී තියෝඩර් මෙනවිය, සැලෝන් නයනා වෙනුවෙන් එහි ආරම්භක සභාපතිනී – නයනා කරුණාරත්න , ස්ටොන් ඇන්ඩ් ස්ට්‍රිං වෙනුවෙන් එහි මොස්තර නිමැවුම් හා ආයතනික කළමණාකාර – දීමාල් ජයසූරිය යන මහත්ම මහත්මිහු සහභාගිවූහ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments