ඉන්දියාවේ ආදායම් බුද්ධි අංශයෙන් රේගු අධ්‍යක්ෂ ජනරාල් වෙත ලැබුණ තොරතුරක් විශ්ලේෂණය කිරීම මගින් ඉකුත් (09) ශ්‍රී ලංකා රේගුවේ මත් ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් ඉන්දියාවේ චෙන්නායි නගරයේ සිට පැමිණි ශ්‍රී ලාංකික පුද්ගලයින් සිවු දෙනෙකු පරීක්ෂා කරන ලදී. එම මගීන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි නගරයේ සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ UL126 ගුවන් යානයෙන් චෙන්නායි නගරය හරහා ශ්‍රී ලංකාවට පැමිණ තිබේ.
මෙම මගීන්ගේ ගමන් මළු පරීක්ෂා කිරීමේ දී එහි තුල ඉතා සූක්ෂ්ම ලෙස සඟවා තිබුණ ස්වර්‍ණාභරණ තොගයක් සහ ද්‍රාවණයක් ලෙස සකස් කල රන් කුඩු තොගයක් සොයා ගන්නා ලදී. මෙම ස්වර්‍ණාභරණ හඳුනා ගත නොහැකි වනසේ ඉතා සූක්ෂ්ම ලෙස වෙනත් වර්ණ ආලේප කර තිබුණ අතර ද්‍රාවණයක් ලෙස සකස් කල රන් කුඩු ඉතා සූක්ෂ්ම ලෙස කැප්සුල් වශයෙන් සකසා තිබුණා. මීට අමතරව රන් ආලේපිත ඇදුම් තිහක් ද මෙම භාණ්ඩ අතර තිබී සොයා ගෙන ඇත. මෙම භාණ්ඩ වල අඩංගු රත්තරන් වල මුළු බර කිලෝ 22 ක් පමණ වන අතර එහි මුළු වටිනාකම රුපියල් මිලියන හාරසියයක් පමණ වන බවට තක්සේරු කර තිබේ.
