29.2 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්police newsහෙරොයින් සමග අටදෙනකුගේ කල්ලියක් එස්.ටී.එෆ්.අත්අඩංගුවට.

හෙරොයින් සමග අටදෙනකුගේ කල්ලියක් එස්.ටී.එෆ්.අත්අඩංගුවට.

කාන්තාවක් සහ පුද්ගලයන් අට දෙනකුගේ කල්ලියක් හෙරොයින් සමඟ පොලිස් විශේෂ කාර්ය බලකාය නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබේ.

විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි මෙම සියලු වැටලීම් සහ අත්අඩංගුවට ගැනීම් සිදුකර ඇත. ඒ් අනුව අම්බලන්තොට කඳවුරේ නිලධාරින්ට ලැබුණු තොරතුරකට අනුව හම්බන්තොට කලාප අණදෙන නිලධාරී ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී එච්.ඒ.වී. දිසානායක මහතාගේ සෘජු අධීක්ෂණය පරිදි හම්බන්තොට ප්‍රාදේශිය අණදෙන නිලධාරී සහකාර පොලිස් අධිකාරි ඩබ්.ඒ.ඒ.පී.එස්. කුමාර මහතාගේ මෙහෙයවීම යටතේ විශේෂ කාර්ය බලකාය අම්බලන්තොට කඳවුර අණදෙන නිලධාරී පොලිස් පරීක්ෂක ඒ. පියතිලක ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (19) අම්බලන්තොට පොලිස් වසමේ කිරිහඩු රජමහා විහාරස්ථානය ඉදිරිපිට දී සහ බෙලිගහගොඩ පාරේ, තනෝජි හාඩ්වෙයාර් වෙළදසැල ඉදිරිපිට දී සහ බෙලිගහගොඩ පාරේ, විදුම අධ්‍යාපන ආයතනය ඉදිරිපිට දී වැටලීම් සිදුකර අම්බලන්තොට සහ සූරියවැව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 19 ත් 43 ත් වයසේ පසුවන පුද්ගලයන් 08 දෙනෙකු සහ වයස අවුරුදු 39 ක කාන්තාවක් දීර්ඝ කාලයක් තිස්සේ මෙම මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදී සිටි අතර අත්අඩංගුවට පත්වෙන අවස්ථාවෙිදී හෙරොයින් ග්‍රෑම් 19 මිලි ග්‍රෑම් 770 ක් සන්තකයේ තිබි ඇත. වැඩිදුර විමර්ශන කටයුතු සඳහා අම්බලන්තොට පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.
එහිදි හෙරොයින් ග්‍රෑම් 19 මිලි ග්‍රෑම් 770 යි,සිම්පතක්, දුරකථනයක්, මත්ද්‍රව්‍ය පාවිචිචි කිරීම සඳහා යොදාගන්නා බුම් යන්ත්‍රයක්, යතුරු පැදි යක්, ත්‍රී රෝද රථයක් අත්අඩංගුවට ගෙන ඇත.

අයිස් සමඟ පුද්ගලයකු පොලිස් විශේෂ කාර්ය බලකාය නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබේ.

විශේෂ කාර්ය බලකාය සංවිධානාත්මක අපරාධ මර්ධන ඒකකය 1 හි නිලධාරින්ට ලැබුණු තොරතුරකට අනුව සහකාර පොලිස් අධිකාරි (බුද්ධි/විශේෂ මෙහෙයුමි/ මත්ද්‍රව්‍ය නාශක) සාගර කුලසේකර මහතාගේ සෘජු අධීක්ෂණය සහ මෙහෙයවීම යටතේ විශේෂ කාර්ය බලකාය සංවිධානාත්මක අපරාධ මර්ධන ඒකකය 1 හි පොලිස් පරීක්ෂක ඒ.ආර්.ජි.එච්.යු. බංඩාර ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (19) වැල්ලම්පිටිය පොලිස් වසමේ වැල්ලම්පිටිය සම්පත් බැංකුව අසල දී වැටලීමක් සිදුකර අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 10 ක් සන්තකයේ තබාගෙන සිටි වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 25 වයසේ පසුවන පුද්ගලයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා වැල්ලම්පිටිය පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.
පාතාල,මත්ද්‍රව්‍ය ජාවාරම්,මනුෂ්‍ය ඝාතනයන් සිදු කිරීම,අවි ආයුධ ජාවාරම් කිරීම හා සංවිධානාත්මක අපාරාධ කණ්ඩායම් සමග සම්බන්ධතා පැවත්විම සමිබන්ධයෙන් අවශ්‍යව සිටි පුද්ගලයකු අනුරාධපුර ප්‍රදේශයේ දී පොලිස් විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගෙක ඇත.

විශේෂ කාර්ය බලකාය ගෝනහේන කඳවුරේ නිලධාරින්ට ලැබුණු තොරතුරකට අනුව (18) පාතාල, මත්ද්‍රව්‍ය ජාවාරම්, මනුෂ්‍ය ඝාතනයන් සිදු කිරීම, අවි ආයුධ ජාවාරම් කිරීම හා සංවිධානාත්මක අපාරාධ කණ්ඩායම් සමග සම්බන්ධතා පැවත්වීම සමිබන්ධයෙන් අවශ්‍යව සිටි මැල්ලවගෙදර ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 27 ක පුද්ගලයකු හෙරොයින් ග්‍රෑම් 11, මිලි ග්‍රෑම් 80 ක් සන්තකයේ තබාගෙන යතුරු පැදියකින් ගමන් කරමින් සිටිය දී අනුරාධපුරය පොලිස් වසමේ ලෝලුගස්වැව ක්‍රිඩාංගනය අසල මාර්ගයේ දී අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා අනුරාධපුරය පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.
විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජේ.ආර්. සේනාධීර මහතාගේ අධීක්ෂණය යටතේ සහකාර පොලිස් අධිකාරී එච්.එම්. කීර්ති විජේසිංහ මහතාගේ මගපෙන්වීම යටතේ විශේෂ කාර්ය බලකාය ගෝනහේන කඳවුරේ කඳවුරේ පොලිස් පරීක්ෂක එස්.පි. ගුණතිලක ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් මෙම වැටලීම් සිදුකර ඇත.

නිධන් සොයා පුරා විද්‍යා වටිනාකම් ඇති ස්ථානයක් කැණිම් කරමින් සිටි පුද්ගලයන් දෙදෙනෙකු විශේෂ කාර්ය බලකායේ නිලධාරීන්ගේ අත්අඩංගුවට

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සිල්වෙස්ටර් විජේසිංහ මහතාගේ අධීක්ෂණය යටතේ සහකාර පොලිස් අධිකාරී කේ.ජී. නලින් පෙරේරා මහතාගේ මගපෙන්වීම මත උප පොලිස් පරීක්ෂක ආර්.එම්.එම්. ලක්මාල් ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් ඉගිණියාගල පොලිස් වසමේ ජයන්තිපුර වැව අසල රක්ෂිත වන ප්‍රදේශයේ දී වැටලීමක් සිදු කර ඇත.
එහි දී ප රක්ෂිතයට ඇතුලු වී පුරාවිද්‍යාත්මක වටිනාකමක් සහිත ස්ථානයක නිධන් සොයා කැණිම් කරමින් සිටි වයස අවුරුදු 36 හා 46 වන හපුතලේ සහ වඩිනාගල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයන් දෙදෙනෙකු එම උපකරණ සමග අත්අඩංගුවට ගෙන විමර්ශන කටයුතු සඳහා ඉගිණියාගල පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.
මෙවැනි පෞරාණික වටිනා කම් ඇති ස්ථාන නිධන් හොරුන්ගෙන් ආරක්ෂා කර ගැනීම සදහා විශේෂ කාර්ය බලකාය නිරන්තර අවධානයෙන් සිටී.
ගල් විදින යන්ත්‍රයක්, හිල්ටි කටුවක්, අඩි 170 ක් වන වයර් රෝලක්, පූජා වට්ටියක්, පිපිරීම සදහා භාවිතා කරන ලද වයරයක් සහ වෙඩි බෙහෙත් කරල් 07 අත්අඩංගුවට ගෙන ඇත.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments