23.2 C
Sri Lanka
Monday, June 23, 2025
Homeදේශීය පුවත්police newsනීති විරෝධි ලෙස මෙරටට ගෙන්වන ලැබු දුම්වැටි, නීතිවිරෝධි මත්ද්‍රව්‍ය හා අවිආයුධ...

නීති විරෝධි ලෙස මෙරටට ගෙන්වන ලැබු දුම්වැටි, නීතිවිරෝධි මත්ද්‍රව්‍ය හා අවිආයුධ ළඟතබාගත් ජාවාරමුන් එස්.ටී.එෆ්.අත්අඩංගුවට.

හොර පාරෙන් මෙරටට ගෙන්වන ලැබු නීති විරෝධී දුම්වැටි සමග පුද්ගලයෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය නිලධාරින් අත්අඩංගුවට ගෙන තිබේ.

විශේෂ කාර්ය බලකාය අක්කරපත්තුව කඳවුරේ නිලධාරීන්ට ලැබු තොරතුරකට අනුව විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි සහකාර පොලිස් අධිකාරී බන්දුසිරි මහතාගේ මගපෙන්වීම මත විශේෂ කාර්ය බලකාය අක්කරපත්තුව කඳවුරේ උප පොලිස් පරීක්ෂක ඩී.පී.එම්. මධුසංඛ ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (28) අක්කරපත්තුව පොලිස් වසමේ පාලමුනේ 01, ප්‍රදේශයේ රෆික් ස්ටෝස් වෙළද සැල තුල දී වැටලීමක් සිදුකර නීති විරෝධී ලෙස තිරු බදු රහිතව මෙරටට ගෙන්වන ලද Manchester වර්ගයේ දුම්වැටි 440 ක් සන්තකයේ තබාගෙන සිටි අංක 67 මත්රාසා පාර, කල්මුනයිකුඩි 09 ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 44 ක් වන පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා අක්කරපත්තුව පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.
හෙරොයින් ජාවාරමේ යෙදී සිටි පුද්ගලයෙකු විශේෂ කාර්ය බලකායේ අත්අඩංගුවට

අයිස් මත්ද්‍රව්‍ය සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයෙකු හා කාන්තාවක් පොලිස් විශේෂ කාර්ය බලකායේ අත්අඩංගුවට

විශේෂ කාර්ය බලකාය මන්නාරම කඳවුරේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව (27) පෙසාලේ පොලිස් වසමේ සිරිතොප්පු ප්‍රදේශයේ දී අයිස් මත් ද්‍රව්‍ය ග්‍රෑම් 10 ක් සන්තකයේ තබාගෙන සිටි පේසාලෙයි ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 23 ක පුද්ගලයෙකු හා වයස අවුරුදු 18 කාන්තාවක් අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා පෙසාලේ පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.
ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී යාපනය ඩී.ඩී.ඩී.කේ. හෙට්ටිආරච්චි මහතාගේ අධීක්ෂණය යටතේ විශේෂ කාර්ය බලකාය යාපනය කඳවුරේ උප පොලිස් පරීක්ෂක එම්.ඩී. සඳරුවන් ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම වැටලීම සිදුකර ඇත.

හෙරොයින් ජාවාරමේ යෙදී සිටි පුද්ගලයෙකු විශේෂ කාර්ය බලකායේ අත්අඩංගුවට

විශේෂ කාර්ය බලකාය ගෝනහේන කඳවුරේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව (26) සීදුව පොලිස් වසමේ සීදුව, ස්පාර් සුපිරි වෙළද සැල ඉදිරිපිට දී හෙරොයින් ග්‍රෑම් 90, මිලි ග්‍රෑම් 170 ක්, ජාවරමින් උපයාගත් රුපියල් 339,910.00 ක් මුදලක් හා විද්‍යුත් තරාදියක් සන්තකයේ තබාගෙන ජාවාරම් කරමින් සිටි සීදුව, අම්බලම්මුල්ල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 30 ක පුද්ගලයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා සීදුව පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.
ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජේ.ආර්. සේනාධීර මහතාගේ අධීක්ෂණය යටතේ සහකාර පොලිස් අධිකාරී එච්.එම්. කීර්ති විජේසිංහ මහතාගේ මගපෙන්වීම යටතේ විශේෂ කාර්ය බලකාය ගෝනහේන කඳවුරේ පොලිස් පරීක්ෂක එච්.පි.එම්.එස්.කේ. වීරක්කොඩි ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම වැටලීම සිදුකර ඇත.

හෙරොයින් සන්තකයේ තබාගෙන ත්‍රිරෝද රථයක් මගින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයන් තිදෙනෙකු විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගෙන ඇත.

විශේෂ කාර්ය බලකාය ගෝනහේන කඳවුරේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව (26) සීදුව පොලිස් වසමේ දඩුගම පාලම අසල දී හෙරොයින් ග්‍රෑම් 10, මිලි ග්‍රෑම් 970 ක් සන්තකයේ තබාගෙන ත්‍රිරෝද රථයක් මගින් ප්‍රවාහනය කරමින් සිටි ගණේමුල්ල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 25,27,38 පසුවන පුද්ගලයන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා සීදුව පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.
ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජේ.ආර්. සේනාධීර මහතාගේ අධීක්ෂණය යටතේ සහකාර පොලිස් අධිකාරී එච්.එම්. කීර්ති විජේසිංහ මහතාගේ මගපෙන්වීම යටතේ විශේෂ කාර්ය බලකාය ගෝනහේන කඳවුරේ පොලිස් පරීක්ෂක එස්.ඩි.පි.එන්. දේශප්‍රිය ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම වැටලීම සිදුකර ඇත.

ඇක් ඇක් උණ්ඩ (ගුවන් යානා නාශක උණ්ඩ )හා කඩු දෙකක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයෙකු විශේෂ කාර්ය බලකාය නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබේ.

විශේෂ කාර්ය බලකාය දෙනියාය කඳවුරේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව (26) වැලිගම පොලිස් වසමේ අංක 14, මෙත්සර, ජයවික්‍ර‍පුර, දෙනිපිටිය ප්‍රදේශයේ දී ඇක් ඇක් උණ්ඩ 04 ක් (ගුවන් යානා නාශක අවි සඳහා යොදන උණ්ඩ), කඩු 02 ක් හා බලපත්‍ර නොමැතිව වෙඩිබෙහෙත් මිලි ග්‍රෑම් 14,550 ක් සන්තකයේ තබාගෙන සිටි දෙනිපිටිය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 42 ක පුද්ගලයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා වැලිගම පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.
ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී විදුර දිසානායක මහතාගේ අධීක්ෂණය යටතේ සහකාර පොලිස් අධිකාරී සම්පත් මහතාගේ මගපෙන්වීම යටතේ විශේෂ කාර්ය බලකාය දෙනියාය කඳවුරේ කඳවුර අණදෙන නිලධාරී පොලිස් පරීක්ෂක පි.කේ.ඩි. ගයාන් ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම වැටලීම සිදුකර ඇත.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments