26.4 C
Sri Lanka
Tuesday, May 6, 2025
Homeදේශීය පුවත්police newsඋපකාරක පන්තිවල සිසුන්ට මාවා නැමැති මත්ද්‍රව්‍ය අලෙවි කළ අයෙක් එස්.ටී.එෆ්.අත්අඩංගුවට.

උපකාරක පන්තිවල සිසුන්ට මාවා නැමැති මත්ද්‍රව්‍ය අලෙවි කළ අයෙක් එස්.ටී.එෆ්.අත්අඩංගුවට.

දීර්ඝ කාලයක පටන් පාසල් ළමුන්ට හා උපකාරක පන්ති සිසුන්ට මාවා නැමති මත්ද්‍රව්‍ය අලෙවි කල පුද්ගලයකු පොලිස් විශේෂ කාර්ය බලකාය නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබේ.

විශේෂ කාර්ය බලකාය කල්මුණ කඳවුරේ නිලධාරින්ට ලැබුණු තොරතුරකට අනුව විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සිල්වෙස්ටර් විජේසිංහ මහතාගේ මග පෙන්වීම හා අධීක්ෂණය මත විශේෂ කාර්ය බලකාය කල්මුණ කඳවුරේ කඳවුර අණදෙන නිලධාරී පොලිස් පරීක්ෂක ආර්.ඒ.ඩී.සී.එස්. රත්නායක ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (25) පෙරියනීලාවනි පොලිස් වසමේ අංක 121 ප්‍රධාන වීදිය, පාණ්ඩිරිප්පු 01 යන ලිපිනයේ පිහිටි SK Video Center යන වෙළදසැල තුල දී වැටලීමක් සිදුකර ඇත.
එහි දී පාසල් ළමුන් හා උපකාරක පන්ති සිසුන් ඉලක්ක කර ගනිමින් දුම්කොල මිශ්‍ර මාවා නැමති මත්දුව්‍ය අලෙවි කරමින් සිටි පිහිලිලාදෙනිය, මඩවල බසාර් ප්‍රදේශයේ වයස අදුරුදු 25 ක පුද්ගලයකු දුම්කොළ මිශ්‍ර මාවා නැමති මත්ද්‍රව්‍ය කිලෝ 01, ග්‍රැම් 440 ක් සහ දුම්කොළ වලට මිශ්‍ර කිරිමට භාවිතා කරන ලදැයි සැක සහිත Maharaja Katha ලෙස සදහන් ටින් 18 ක් ද සමග අත්අඩංගුවට ගෙන ඇත. මොහු විසින් රටෙි ජිවනාලිය බදු පාසල් දරුවන්ට මෙම මත්ද්‍රව්‍ය අලෙවි කරමින් සිටි බවට ලද තොරතුරු අනුව අත්අඩංගුවට ගත් අතර වැඩිදුර විමර්ශන කටයුතු සඳහා පෙරියනීලාවනි පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments