26.3 C
Sri Lanka
Monday, May 5, 2025
HomeUncategorizedහදිසි අනතුරැ හා අපදාවන්ට ලක්ව මොළය මියගිය පුද්ගලයින්ගේ අවයව ගුවනින් ප්‍රවාහනය කිරීමෙ...

හදිසි අනතුරැ හා අපදාවන්ට ලක්ව මොළය මියගිය පුද්ගලයින්ගේ අවයව ගුවනින් ප්‍රවාහනය කිරීමෙ අවබෝධතා ගිවිසුමකට.

හදිසි අනතුරැ හා අපදාවන්ට ලක්ව මොළය මියගිය පුද්ගලයින්ගේ අවයව වෙනත් පුද්ගලයකුට බද්ධ කිරීම සදහා ගුවනින් ප්‍රවාහනය කිරීමට අදාල වූ අවබෝධතා ගිවිසුමකට ආරක්ෂක අමාත්‍යාංශයේ පූර්ණ අනුමැතියට යටත්ව ශ්‍රී ලංකා ගුවන් හමුදාව වෙනුවෙන් ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතා සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෙනුවෙන් එහි ලේකම් ජානක ශ්‍රී චන්ද්‍රගුප්ත මහතා වීසින් අත්සන් තැබිම 2022 දෙසැම්බර් 21 දින ගුවන් හමුදා මූලස්ථානයේදී සිදු කරන ලදි.

මෙහිදි මුලික වශයෙන් සිදුකරනු ලබන්නේ හදිසි ආපදාවකින් හෝ අනතුරකින් මොළය මියගිය පුද්ගලයෙකු,භාරකරැවනගේ කැමැත්ත මත ඔහුගේ වැදගත් ශරීර අවයව ලබාගැනීමට ඉතා ඉක්මනින් රොහලක් වෙත ගුවන් මගින් ඉතා ආරක්ෂිතව ප‍්‍රවාහනය කිරිමයි. සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉල්ලීම මත අත්සන් තබන ලද මෙම ගිවිසුම ප්‍රකාරව ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් C-130, AN-32, MA-60, Y-12, MI-17, Bell-412, Bell-212 සහ Bell-206 යන ගුවන් යානා මගින් මෙම රෝගි පුද්ගලයන් හා අවයව ප්‍රවාහන කටයුතු සිදුකිරිමට නියමිතව ඇත.

මෙම අවස්ථාව සදහා ගුවන් මෙහෙයුම් අධ්‍යක්ෂ එයාර් වයිස් මාර්ෂල් බන්දු එදිරිසිංහ, නීති අධ්‍යක්ෂ එයාර් කොමඩෝර් සුරේකා ඩයස්, ගුවන් මෙහෙයුම් අධ්‍යක්ෂ කාර්යාලයේ මාණ්ඩලික නිලධාරී මෙහෙයුම් ගෲප් කැප්ටන් දිනේෂ් කසගල, නීති නිලධාරී ප්‍රසම්පාදන විංග් කමාන්ඩර් හර්ෂනී කටුගම්පොල, සෞඛ්‍ය අමාත්‍යාංශ අතිරේක ලේකම් වෛද්‍ය සුනිල් ද අල්විස්, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය අයන්ති කරුණාරත්න, ජ්‍යෙෂ්ඨ රෙජිස්ට්‍රාර් (සෞඛ්‍ය සේවා) වෛද්‍ය අවන්ති රූපසිංහ සහ ප්‍රධාන නීති නිලධාරී ඒ ආර් අහමඩ් යන මහත්ම මහත්මීන් සහභාගී වී සිටියහ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments