24.6 C
Sri Lanka
Tuesday, May 6, 2025
Homeදේශීය පුවත්මෙරට නිෂ්පාදන කර්මාන්තය ප්‍රවර්ධනය කරවමින් අපනයන ආදායම ඉහළ නංවාගැනීම රජයේ ප්‍රමුඛ අරමුණයි...

මෙරට නිෂ්පාදන කර්මාන්තය ප්‍රවර්ධනය කරවමින් අපනයන ආදායම ඉහළ නංවාගැනීම රජයේ ප්‍රමුඛ අරමුණයි – කර්මාන්ත ඇමති

කර්මාන්ත හා වැවිලි කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා මේ බව සදහා කළේ නව ව්‍යවසායකයින් බිහිකිරීමේ අරමුණෙන් ගාල්ල අක්මීමන ප්‍රාදේශීය ලේකම් කාර්යාල පරිශ්‍රයේදී ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය විසින් පවත්වන ලද විශේෂ උත්සව අවස්ථාවකට එක්වෙමිනි.

එහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කළේ මෙරට ආනයන වියදම අඩුකොට,ආනයන ආදේශන නිෂ්පාදනයන් වැඩිකොට,ප්‍රවර්ධනය කරන නිෂ්පාදන කර්මාන්තයන් තුළින් අපනයන ආදායම වැඩිකරගැනීම රජයේ ප්‍රමුඛ අරමුණ බවත් ඒ වෙනුවෙන් රජය උපරිමව කටයුතු කරන බවත්ය.

එමෙන්ම අලුතින් රටට හදුන්වා දෙන ජාතික කර්මාන්ත ප්‍රතිපත්තිය හරහා ඊට අවශ්‍ය නිෂ්පාදන ආර්ථිකය ආරක්ෂා කෙරෙන ආරක්ෂනවාදී පරිසරය නිර්මාණය කරන බවත් සදහන් කළේය. එයට අමතරව නිෂ්පාදන ක්‍රියාවලියේදී අගය එකතුකල නිෂ්පාදනයන් වෙත යොමුවීම හරහා අපනයන ආදායම ඉහළ නංවාගත හැකි ආකාරයත් පෙන්වාදුන් අමාත්‍යවරයා මෝටර් රථ ආශ්‍රිත නිෂ්පාදන කර්මාන්තය , ඖෂධ කර්මාන්තය , ඛනිජ සම්පත් ආශ්‍රිත අගය එකතුකල නිෂ්පාදන කර්මාන්තයන් ආදී කර්මාන්ත ක්ෂේත්‍රයන් ඉහළ අපනයනය ආදායම් වෙනුවෙන් වැඩි විභවයක් පවතින බවත් සදහන් කළේය.

මෙම උත්සව අවස්ථාවේදී ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ මෙහෙයවීමෙන් පැවැත්වූ මහන මැෂින් අලුත් වැඩියාව ප්‍රමුඛ ඇගළුම් කර්මාන්ත ක්ෂේත්‍රය ආශ්‍රිත තාක්ෂණික පාඨමාලාවන් සාර්ථකව නිමකළ අයට සහතික පත්‍ර ප්‍රදානය සහ ජාතික කර්මාන්ත විශිෂ්ටතා තරගයේ ගාල්ල දිස්ත්‍රික් ජයග්‍රාහකයන් ඇගයීමද කර්මාන්ත අමාත්‍යවරයා අතින් සිදුකෙරිණි.

එමෙන්ම මෙහිදී විශේෂ කාර්යක් ලෙස ගාල්ල දිස්ත්‍රික්කය තුළ ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය යටතේ ඇගළුම් ක්ෂේත්‍රයට අදාළ තාක්ෂණික දැනුම ලබාගනිමින් දැනට ඇගළුම් කර්මාන්තය සුළු පරිමාණයෙන් සිදුකරමින් සිටින තෝරාගත් ව්‍යවසායකයින් හතලිස් දෙනෙකුට ඔවුන්ගේ ඇගළුම් නිෂ්පාදන කාර්යයේ තත්වය උසස් කරගැනීම වෙනුවෙන් ඊට අදාළ මැෂින් සහ උපකරණ ලබාදීමද සිදුකෙරිණි.

කර්මාන්ත අමාත්‍යංශය යටතේ ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය ආයතන කිහිපයක සහයෝගීතාවයෙන් මේ වනවිට ව්‍යවසායකයින් වීමට කැමති පිරිස් වෙත මෙන්ම දැනට ඊට අවතීර්ණව සිටින ව්‍යවසායකයින්ගේ තත්වය උසස් කිරීම වෙනුවෙන් තාක්ෂණික පුහුණුව ලබාදීම, ඩිජිටල් මාර්කටින් ක්‍රමවේද පිළිබඳව දැනුවත් කිරීම,ව්‍යාපාර ආරම්භ කිරීමට පහසුකම් සැපයීම,අලෙවි ප්‍රවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම ,අලෙවිපොළ සොයාදීම ආදී කටයුතු රැසක් දීප ව්‍යාප්තව ක්‍රියාත්මක කරමින් සිටියි.

මෙම උත්සව අවස්ථාවට ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ සභාපති වෛද්‍ය සාරංග අලහප්පෙරුම, අක්මීමන ප්‍රාදේශීය ලේකම් පූර්ණිමා අබේසිරිගුණවර්ධන ඇතුළු රාජ්‍ය නිළධාරින්,හිටපු පලාත් සභා මන්ත්‍රී චානක මාදුගොඩ ,අක්මීමණ ප්‍රාදේශීය සභාවේ සභාපති සේන කලහේවත්ත ඇතුළු ප්‍රාදේශීය දේශපාලන අධිකාරිය ඇතුළු ප්‍රදේශයේ ජනතාව විශාල පිරිසක් එක්ව සිටියහ

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments