21.4 C
Sri Lanka
Tuesday, May 6, 2025
Homeදේශීය පුවත්police newsපාසැල් ආරම්භයේදීම බෙදාහැරීමට සූදානම්කර තිබු මත්කරල් තොගයක් එස්.ටී.එෆ්.අත්අඩංගුවට.

පාසැල් ආරම්භයේදීම බෙදාහැරීමට සූදානම්කර තිබු මත්කරල් තොගයක් එස්.ටී.එෆ්.අත්අඩංගුවට.

පාසල් විවෘත කරනවාත් සමගම බෙදාහැරීමට සුදානම් කරතිබු මත්කරල් සමග පුද්ගලයෙකු වැල්ලම්පිටිය ප්‍රදේශයේ දී විශේෂ කාර්ය බලකාය නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබේ.

විශේෂ කාර්ය බලකාය බස්ණාහිර පාළාත් විශේෂ මෙහෙයුම් ඒකකයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි බස්නාහිර පාළාත් විශේෂ මෙහෙයුම් (ඩී) කළාපයේ අදීක්ෂණ නිළධාරි පොලිස් පරික්ෂක‍ ජෙ.එම්.එස්.එස්. ජයසුන්දර ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (02) ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ වැල්ලම් පිටිය, සේදවත්ත, ප්‍රදේශයේදි වැටලීම සිදුකර ඇත.
එහිදී පාසල් විවෘත කරනවාත් සමගම පාසැල් දරුවන් ඉලක්කකර මත්පෙති අලෙවි කිරීමට සැලසුම්කර සිටි කිසිදු වෛද්‍ය නිර්දේශයක් හෝ බලයලත් සෞඛ්‍ය නිළධාරියෙකුගේ නිර්දේශයක් නොමැතිව Pregabalin 150mg ප්‍රමාණයේ (මත්) කරල් 80 සමග වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 62 ක පුද්ගලයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ග්‍රෑන්ඩ්පාස් පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.
මොහු දීර්ඝ කාලයක් තිස්සේ පාසල් ලමුන්ට මෙම මත්කරල් අලෙවි කරමින් සිටි බවට ලද තොරතුරකට අනුව විශේෂ කාර්ය බලකාය විසින් මෙම පුද්ගලයා අත්අඩංගුවට ගන්නා ලදි .

හෙරොයින් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයෙකු වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ දී විශේෂ කාර්ය බලකාය නිලධාරීන් අත්අඩංගුවට ‌ගෙන තිබේ.
විශේෂ කාර්ය බලකාය උඩවලව කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව (01) විශේෂ කාර්ය බලකාය අම්බලන්තොට කඳවුරේ නිලධාරීන්ගේ ද සහය ඇතිව තණමල්විල පොලිස් වසමේ වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ, කිතුල්කොට්ටේ රත්න ආරයආර සේනාසනයට හැරේන හන්දියේ හෙරොයින් ග්‍රෑම් 886, මිලි ග්‍රෑම් 20 ක් සන්තකයේ තබාගෙන සිටි අම්බන්තොට ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 20 ක පුද්ගලයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා තණමල්විල පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.
විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී විදුර දිසානායක මහතාගේ අධීක්ෂණය යටතේ සහකාර පොලිස් අධිකාරී සම්පත් මහතාගේ මගපෙන්වීම යටතේ විශේෂ කාර්ය බලකාය උඩවලව කඳවුරේ දෙවන කඳවුර අණදෙන නිලධාරී පොලිස් පරීක්ෂක ඒ.පී.ආර්. අල්විස් ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම වැටලීම සිදුකර ඇත.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments