දිගු කලෙක පටන් පාසල් ලමුන්ට ගංජා මිශ්‍ර මදන මෝදක විකුණු පුද්ගලයකු පොලිස් විශේෂ කාර්ය බලකායේ අත්අඩංගුවට
විශේෂ කාර්ය බලකාය කටුකුරුන්ද පුහුණු පාසලේ මෙහෙයුම් අංශයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි කටුකුරුන්ද පුහුණු පාසලේ අධ්‍යක්ෂ ජේෂ්ඨ පොලිස් අධිකාරී අතුල රත්නායක මහතාගේ මගපෙන්වීම මත ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චමිල මාරපන ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (03) වැලිපැන්න පොලිස් වසමේ වලගෙදර ප්‍රදේශයේ දී වැටලීමක් සිදුකර පාසල් සිසුන් ඉලක්කකර සිදු කරගෙන යනු ලබන ගංජා මිශ්‍ර මදන මෝදක ග්‍රෑම් 325 ක් සන්තකයේ තබාගෙන මුදලට අලෙවි කිරීම සිදු කරන ලද කොස්ගහදෙනිය, වලලෙදර ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 48 ක් වන පුද්ගලයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා වැලිපැන්න පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.