25.3 C
Sri Lanka
Wednesday, May 7, 2025
Homeදේශීය පුවත්police newsතීරුබදු නොගවා ගෙන්වා තිබෙන වල් හා කෘමිනාශක තොගයක් එස්.ටී.එෆ්. තොගයක් අත්අඩංගුවට ගෙන...

තීරුබදු නොගවා ගෙන්වා තිබෙන වල් හා කෘමිනාශක තොගයක් එස්.ටී.එෆ්. තොගයක් අත්අඩංගුවට ගෙන තිබේ.

තීරුබදු නොගෙවා මෙරටට ගෙන්වන ලැබු වල් නාශක සහ කෘමි නාශක අලෙවිකල පුද්ගලයකු මිණුවන්ගොඩ ප්‍රදේශයේ දී විශේෂ කාර්ය බලකාය නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබේ.

විශේෂ කාර්ය බලකාය ගෝනහේන කඳවුරේ නිලධාරීන්ට ඒකල ගුවන් හමුදා බුද්ධි අංශයෙන් ලැබුණු තොරතුරකට අනුව විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි හා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජේ.ආර්. සේනාධීර මහතාගේ අධීක්ෂණය මත ගෝනහේන කඳවුරේ පොලිස් පරික්ෂක‍ එච්.පී.එම්.එස්.කේ. වීරක්කොඩි ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (04) වන දින මිණුවන්ගොඩ පොලිස් වසමේ පොහොර ස්ටෝර්ස්, දිවුලපිටිය පාර, මිණුවන්ගොඩ, ලිපිනයේ පිහිටි වෙළදසැල තුල දී වැටලීම සිදුකර තීරුබදු නොගෙවා මෙරටට ගෙන්වන ලද Manco 80% වර්ගයේ 500g අඩංගු කෘමි නාශක පැකට් 07, Carbofuran 03% වර්ගයේ 01kg අඩංගු කෘමි නාශක පැකට් 20, High-Nitro Nitrugen වර්ගයේ 01kg අඩංගු කෘමි නාශක පැකට් 09, Anu71 වර්ගයේ 100g අඩංගු වල්නාශක පැකට් 40, Image වර්ගයේ 05g අඩංගු කෘමි නාශක පැකට් 48 හා Prison වර්ගයේ 05g අඩංගු කෘමි නාශක පැකට් 63 ක් ඇතුළුව වල් නාශක සහ කෘමි නාශක පැකට් 187 ක් බලපත්‍ර නොමැතිව අලෙවි කිරීම සඳහා සන්තකයේ තබාගෙන සිටි මිණුවන්ගොඩ ප්‍රදේශයේ වයස අවුරුදු 42 ක පුද්ගලයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මිණුවන්ගොඩ පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments