30.8 C
Sri Lanka
Friday, June 27, 2025
Homeදේශීය පුවත්පළාත් පාලන මැතිවරණය සඳහා නාමයෝජනා භාරගැනීම ලබන 18දා ආරම්භවේ.

පළාත් පාලන මැතිවරණය සඳහා නාමයෝජනා භාරගැනීම ලබන 18දා ආරම්භවේ.

පළාත් පාලන මැතිවරණය සඳහා නාමයෝජනා භාරගැනීම ලබන 18 වනදා ආරම්භ කරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

එහි සභාපති නීතිඥ නිමල් ජී. පුංචිහේවා මහතා පැවසුවේ, 18 වනදා සිට 21 වනදා දහවල් 12.00 දක්වා නාමයෝජනා භාරගැනීම සිදුකරන බවය.

එමෙන්ම මැතිවරණයට ඉදිරිපත් වන ස්වාධීන කණ්ඩායම් සඳහා ඇප මුදල් තැන්පත් කිරීමට ද හෙට (05) සිට අවස්ථාව සලසා දී ඇති බව සභාපතිවරයා කියා සිටියේය.

ගාල්ල දිස්ත්‍රික්කයේ ඇල්පිටිය ප්‍රාදේශීය සභාව හැර මහනගර සභා 29ක්, නගර සභා 36ක් හා ප්‍රාදේශීය සභා 275ක් සඳහා නගරාධිපති,නියෝජ්‍ය නගරාධිපති, සභාපති , නියෝජ්‍ය සභාපති සහ සභිකයින් තෝරාපත් කර ගැනීම සඳහා නාමයෝජනාභාර ගැනීමට අදාළ නිවේදන මේනවවිට පළාත් පාලන ආයතනවල ප්‍රසිද්ධ කර ඇතිබවද මැතිවරණ කොමිෂන් සභාව කියා සිටියි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments