21.9 C
Sri Lanka
Tuesday, June 24, 2025
HomeUncategorizedනව සුරාබදු කොමසාරිස් වැඩභාරගැනීම.

නව සුරාබදු කොමසාරිස් වැඩභාරගැනීම.

ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුවේ අභිනව සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා ලෙස ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරියෙකු වන සමන් ජයසිංහ මහතා (02) රාජගිරියේ පිහිටි ශ්‍රී ලංකා සුරාබදු මූලස්ථානයෙහිදී පැවති චාම් උත්සවයකදී සිය ධුරයෙහි රාජකාරි ආරම්භ කළේය.

ශ්‍රී ලංකාවේ බදු ආදායම් කළමනාකරණ දෙපාර්තමේන්තු අතරින් තුන්වන ආයතනය වන ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුවේ 2023 වසර සඳහා වන බදු ආදායම් ඉලක්කය රුපියල් බිලියන 217 ක් වන අතර එය සුරාබදු දෙපාර්තමේන්තුව වෙත මෙතෙක් දෙන ලද විශාලතම ආදායම් ඉලක්කය වෙයි. මෙම ආදායම 2023 අය වැය ඇස්තමේන්තු අනුව මත්පැන් ඇතුළු මධ්‍යසාරය, දුම්කොළ හා බීඩි මත පනවනු ලබන හා අය කරනු ලබන සුරාබදු හා දුම්කොළ බදු වලින් රැස්කරගත යුතු වෙයි. ඒ සඳහා කාර්යක්ෂම මෙන්ම ප්‍රායෝගික වූ ක්‍රමවේදයන් ක්‍රියාවට නැංවීම සඳහා දිවයින පුරා විසිරී සිටින දහසක් පමණ වූ සුරාබදු නිලධාරීන් සංඛ්‍යාවත්, සියයක් පමණ වූ ශාඛා කාර්යාල, සුරාබදු ස්ථාන හා ඒකක සංඛ්‍යාවත් මෙහෙයවීම නව සුරාබදු කොමසාරිස් ජනරාල්වරයාගේ මූලික රාජකාරිය වෙයි.  

ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුවේ රාජකාරි ඇරඹීමට පෙර ඒ මහතා මුදල් අමාත්‍යාංශයේ, රාජ්‍ය ව්‍යාපාර පිලිබඳ දෙපාර්තමේන්තුවේ, අතිරේක අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස සේවයේ යෙදී සිටියේය. ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය හා ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේ (SLIDA) උපාධි හා පශ්චාත් උපාධි ලාභියෙකු ද වෙයි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments