නාමයෝජනා කැඳවීම ඉකුත්(04) දැන්වීම නිකුත් කළ පළාත් පාලන ආයතන 340යේ ඡන්ද විමසීම සඳහා තැපෑලෙන් ඡන්දය දීමට සුදුසුකම් ලැබූවන්ගේ අයදුම්පත් භාර ගැනීමේ කාලසීමාව අද (05) සිට ලබන (23) මධ්‍යම රාත්‍රී 12.00 අවසන්වීමට නියමිත බවත් එම දිනය නැවත කිසිසේත් දීර්ඝ කරනු නොලබන බව මැතිවරණ කොමිෂන් සභාව ප්‍රකාශ කරයි.
මෙම ඡන්ද විමසීමේදී එම පළාත් පාලන ආයතන බල ප්‍රදේශයේ ඡන්දහිමියන් ලෙස ලියාපදිංචිව සිටින හා ඡන්ද විමසීම රාජකාරි සඳහා යෙදවීමට නියමිත සියලුම රාජ්‍ය නිලධාරීන්,සේවකයන්, විදුහල්පතිවරු,ගුරුවරු,එම පාළාත්වල සේවයේ නියුතු ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඬලයේ නිලධාරීන්,සේවකයන්,තැපෑල් දෙපාර්තමේන්තුවේ නිලධාරීන්, සේවකයින් සහ දුම්රිය සේවා පවත්වාගෙන යෑම පිණිස අත්‍යාවශ්‍යම වන දුම්රිය දෙපාර්තමේන්තුවේ නිලධාරීන්, සේවකයන්, සහ දිවයිනේ සියලුම ප්‍රදේශවල ආරක්ෂක කටයුතුවල නිරතවන ත්‍රිවිධ හමුදාවේ, පොලිස් දෙපාර්තමේන්තුවේ, සහ සක්‍රීය ආරක්ෂක සේවයේ යොදවා ඇති සිවිල් ආරක්ෂක බලකායේ සාමාජික සාමාජිකාවන්, අපේක්ෂකත්වය නිසා තමාට වෙන් කරන ලද ඡන්ද පොළේදී පෞද්ගලිකව ඡන්දය දීමට නොහැකි වන බව හෝ එසේ වීමට ඉඩඇති අපේක්ෂකයන් තැපෑලෙන් ඡන්දයදීම සඳහා ඉල්ලුම් කිරීමට සුදුසුකම් ලබන අතර තැපෑලෙන් ඡන්දය දීම සඳහා ඉල්ලුම්පත් ඉදිරිපත් කිරීමේ කාල සීමාව අවසන් වන තෙක් නොසිට නොපමාව ස්වකීය ඉල්ලුම් පත්‍රය ඉදිරිපත් කරන ලෙස තැපෑලෙන් ඡන්දය දීම සඳහා ඉල්ලුම් කිරීමට සුදුසුකම් ඇති සියලුම දෙනාගෙන් මැතිවරණ කොමිසම ඉල්ලා සිටියි. තවද මෙම ඡන්ද විමසීමේදි තැපෑලෙන් ඡන්දය දීම පිණිස ඉල්ලුම්පත්‍ර ඉදිරිපත් කිරීමේදි ඒ සඳහා වු තොරතුරු 2022 පළාත් පාලන ආයතන ඡන්දහිමි නාමලේඛනයෙන් නිවැරැදිව ලබාගත යුතු බවද එම කොමිෂන් සභාව කියා සිටියි.
එම ඡන්දහිමි නාමලේඛනය සියලුම දිස්ත්‍රික් ලේකම් කාර්යාල, දිස්ත්‍රික් මැතිවරණ කාර්යාල, ප්‍රාදේශීය ලේකම් කාර්යාල, ග්‍රාමනිලධාරි කාර්යාලවල ප්‍රදර්ශනය කෙරේ.
මැතිවරණ කොමිෂන් සභාවේ වෙබ්අඩවිය ඔස්සේ මාර්ගගත ක්‍රමයට තැපැල් ඡන්ද අයදුම්පත්‍ර සම්පූර්ණ කර ගැනීම සඳහා පහසුකම් සපයා ඇත.ඡන්දහිමි නාමලේඛනයේ ජාතික හැඳුනුම්පත් අංකය සඳහන් නොවන අයදුම්කරුවන් න්දහිමි නාමලේඛනය ප්‍රදර්ශනය කර තිබෙන ස්ථානයකින් ස්වකීය ලියාපදංචියට අදාළ තොරතුරු ලබාගෙන අයදුම්පත්‍ර සම්පූර්ණ කළ යුතුවේ.