27.9 C
Sri Lanka
Wednesday, August 13, 2025
Homeදේශීය පුවත්පොදු රාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සංගමයේ මහ ලේකම්වරයා දිවයිනට පැමිණෙයි

පොදු රාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සංගමයේ මහ ලේකම් ස්ටීවන් ට්විග් මහතා නිල සංචාරයක් සඳහා (10) රාත්‍රී දිවයිනට පැමිණීයේය.

පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කාරක සභා සභාපති ගරු අංගජන් රාමනාදන් මහතා සහ සහකාර මහ‍ ලේකම් ටිකිරි ජයතිලක මහතා විසින් මහ ලේකම්වරයා ඇතුළු පිරිස පිළිගනු ලැබිණි. ට්විග් මහතාගේ ශ්‍රී ලංකා සංචාරයට ඒ මහතා සමග පොදු රාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සංගමයේ උපාය මාර්ගික සහ කාර්යය ප්‍රධානී එමිලී ඩේවීස් මෙනවියද පැමිණියාය.

පොදු රාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සංගමයේ මහ ලේකම් ස්ටීවන් ට්විග් මහතාගේ මෙරට සංචාරය අතරතුරදී ජනාධිපතිවරයා, අගමැතිවරයා, කථානායකවරයා,සභානායකවරයා, විපක්ෂ නායකවරයා, විදේශ අමාත්‍යවරයා ඇතුළු අමාත්‍යවරයන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් මෙන්ම සිවිල් සංවිධාන නියෝජිතයන්ද හමුවී සාකච්ඡා කිරීමට නියමිතව තිබේ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments