ගොවීන් හට නොමිලේ බෙදාා දීම සදහා නිකුත් කරනු ලැබු පොහොර තොගයක් සඟවාගෙන සිටි පුද්ගලයෙකු විශේෂ කාර්ය බලකාය නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබේ.
විශේෂ කාර්ය බලකාය සියඹලාණ්ඩුව කඳවුරේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි සියඹලාණ්ඩුව කඳවුරේ කඳවුරු අණදෙන නිලධාරී ප්‍රධාන පොලිස් පරික්ෂක ඩබ්.එම්.ටී. රත්නායක ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (11) මහකළුගොල් පොලිස් වසමේ හෙලමුල්ල, දෙමෝදර ප්‍රදේශයේ දී වැටලීම සිදුකර හෙලමුල්ල, දෙමෝදර ප්‍රදේශයේ අඩු ආදායම් ලාබී ගොවින් හට නොමිලේ බෙදාා දීම සදහා නිකුත් කරන ලද යුරියා කිලෝ ග්‍රෑම් 50 පොහොර මිටි 12 ක් සහ බයෝ ග්‍රීන් ෆාම් වර්ගයේ ලිටර් 01 ප්‍රමාණයේ දියර පොහොර කෑන් 536 ක් සන්තකයේ තබාගෙන සිටි තලපලකන්ද, බෙරලපනාතාර ප්‍රදේශයේ වයස අවුරුදු 57 ක පුද්ගලයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මහකළුගොල් පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.
ඉන්දියාවේ සිට හොර පාරෙන් මෙරටට ගෙන්වූ ලක්ෂ 33 කට අධික වටිනාකමක් ඇති කේරල ගංජා තොගයක් සමග පුද්ගලයකු විශේෂ කාර්ය බලකාය නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබේ.
විශේෂ කාර්ය බලකාය අම්බලන්තොට කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව කලාප අණදෙන නිලධාරී ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී විදුර දිසානායක මහතාගේ අධීක්ෂණය යටතේ සහකාර පොලිස් අධිකාරී සම්පත් මහතාගේ මඟ පෙවන්වීම මත අම්බලන්තොට කඳවුරේ උප පොලිස් පරික්ෂක එස්.ආර්.වයි.ජේ. විජේසිංහ ඇතුළු කඳවුරේ නිලධාරීන් කණ්ඩායමක් (11) තණමල්විල පොලිස් වසමේ සමාධි පටුමග, තිස්ස පාර, තණමල්විල ප්‍රදේශයේ දී වැටලීමක් සිදුකර ඉන්දියාවේ සිට මෙරටට හොර රහසේ මහා පරිමාණයෙන් ගෙන්වන ලද ලක්ෂ 33 කට අධික වටිනාකමක් ඇති කේරල ගංජා කිලෝ 38, ග්‍රෑම් 450 ක් සන්තකයේ තබාගෙන සිටි බලහරුව, ඌව කුඩාඔය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 24 ක පුද්ගලයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා තණමල්විල පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.
සංරක්ෂිත සත්වෙයෙකු ලෙස නමි කරන ලද මුවකුගේ මස් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයෙකු විශේෂ කාර්ය බලකායේ නිලධාරීන්ගේ අත්අඩංගුවට
විශේෂ කාර්ර්ය බලකාය සමන්තුරය කඳවුරේ නිලධාරීන්ට ලැබුණූ තොරතුරකට අනුව විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි ප්‍රාදේශීය අණදෙන නිලධාරී සහකාර පොලිස් අධිකාරී නලින් පෙරේරා මහතාගේ මගපෙන්වීම යටතේ විශේෂ කා¬¬ර්ය බලකාය සමන්තුරය කඳවුරේ කඳවුරු අණදෙන නිලධාරී පොලිස් පරීක්ෂක ආර්.අයි.බී.එස්.එම්. රත්නමලල ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (11) සමන්තුරය පොලිස් වසමේ වලතාපිටිය ප්‍රදේශයේ දී වැටලීමක් සිදුකර ඇත.
එහි දී සංරක්ෂිත සත්වෙයෙකු ලෙස නමි කරන ලද මුවෙකු මරා එම මස් කිලෝ 19, ග්‍රෑම් 500 ක් සන්තකයේ තබාගෙන සිටි පරන ග්‍රාමය, වලතාපිටිය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 30 පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා වලතාපිටිය වන අඩවි කාර්යාලය වෙත භාර දී ඇත.