මැතිවරණ කොමිෂන් සභාව පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් ව්‍යවස්ථාපිතව කටයුතු කරගෙන යන බව එම කොමිෂන් සභාවේ සභාපති නීතිඥ නිමල් ජී. පුංචිහේවා මහතා ප්‍රකාශ කරයි.
ඒ මහතා මේ බව සඳහන් කළේ ඊයේ(11) මැතිවරණ කොමිෂන් සභාවේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්ය. එහිදි වැඩිදුරටත් අදහස් දැක්වු සභාපතිවරයා කියා සිටියේ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්ට ඇප තැන්පත් භාරගන්න එපා කියලා තේරීම්භාර නිලධාරීන්ට නියෝග කිරීමේ හැකියවක් නැහැ. එම නිලධාරීන් ගැන තීරණයක් ගත හැක්කේ මැතිවරණ කොමිෂන් සභාවට පමණයි. මෙවැනි ක්‍රියා සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව අවශ්‍ය තීරණ ගන්න ඕනේ වේලාවට ගන්න බවද පැවසීය. පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් කොමිෂන් සභාව මේවනවිට එකඟත්වයෙන් යුතුව එය පැවැත්වීමට අවශ්‍ය කටයුතු සිදුකරගෙන යනවා.
මේ අතර ඊයේ(11) මැතිවරණ කොමිෂන් සභාව සහ දේශපාලන පක්ෂ ලේකම්වරු අතර පැවැති සාකච්ඡාවේදී ඉදිරියේ පැමිණෙන මැතිවරණ සිදුකරන ආකාරය සමග කාර්යාල පිහිටුවීම, ප්‍රචාරක කටයුතු සිදුකිරීම, බලයලත් නියෝජිතයින් පත් කරන්නේ කොහොමද,නිවැරැදිව නාමයෝජනා පත්‍ර සකස් කරගැනීම, සුදුසු අපේක්ෂකයෝ තෝරාගැනීමට අවශ්‍ය කරුණු පිළිබඳ අවධානය යොමු කිරීම. පළාත් පාලන මැතිවරණයකදී ඡන්දය පවත්වන දිනය ප්‍රකාශයට පත් කරන්නේ නාමයෝජනා භාරගැනිමෙන් පසුවයි.