ශ්‍රී ලංකා රේගුවේ ආදායම් අධීක්ෂණ අංශයේ නිලධාරීන් හට ලැබුණ බුද්ධි තොරතුරක් ඉන්දියානු ආදායම් බුද්ධි අංශයේ සහයෝගය ලබාගෙන විශ්ලේෂණය කිරීමෙන් අනතුරුව ඉන්දියාවේ චෙන්නායි නගරයේ සිට මෙරටට පැමිණි ශ්‍රී ලාංකික කාන්තාවක් පරීක්ෂා කරන ලැබු අතර එහිදි මෙම කාන්තාව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි නගරයෙන් ගුවන් ගමන ආරම්භ කර තිබුණු අතර ඉන්දියාවේ චෙන්නායි ජාත්‍යන්තර ගුවන් තොටුපලේ සිට අද පාන්දර 1.45 ට කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපල වෙත පැමිණි ඉන්දියන් ගුවන් සේවයේ AI273 ගුවන් යානයෙන් ශ්‍රී ලංකාවට පැමිණ තිබේ
ඇය වයස අවුරුදු 30 ක් වන ගම්පහ ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් බවට හඳුනාගෙන ඇත.
මෙම කාන්තාවගේ ගමන් මලු පරීක්ෂා කිරීමේ දී එහි තුල ඉතා සූක්ෂ්ම ලෙස සඟවා තිබුණ රත්තරන් තොගයක් සොයා ගන්නා ලද අතර එම රත්තරන් තොගය අතර කැරට් 24රේ මාල, මුදු සහ වළලු වලින් සමන්විත ස්වර්‍ණාභරණ තොගයක්, කැරට් 24රේ රත්තරන් තහඩු 27ක් සහ ද්‍රව රත්තරන් අඩංගු කැප්සුල් 8ක් සොයා ගනු ලැබුවා. මෙම ස්වර්‍ණාභරණ ඉතා සූක්ෂම ලෙස රිදී ආලේප කර තිබුණ අතර රන් තහඩු බැංකු කාඩ් පත් ලෙස සකස් කර රේගු නිලධාරීන් මුලා කිරීමට හැකි වන ලෙස සකස් කර තිබුණා. මෙම ස්වර්‍ණාභරණ සහ රන් තහඩුවල මුළු බර ග්‍රෑම් 4892ක් වූ අතර එහි වෙළඳපළ වටිනාකම රුපියල් 111,550,000කට තක්සේරු කරගෙන තිබේ. සොයා ගන්නා ලද කැප්සුල් 8ට තුල ද්‍රාවණයක් ලෙස සකස් කල රන් කුඩු ග්‍රෑම් 2222ක් අඩංගු වූ අතර එහි වටිනාකම තවමත් ගණන් බලමින් පවතිනවා.
ශ්‍රී ලංකා රේගුවේ ආදායම් අධීක්ෂණ අංශයේ නිලධාරීන් මේ පිළිබඳ වැඩිදුර විමර්ශන පවත්වන අතර විමර්ශන අවසානයේ රේගු පරීක්ෂණය පැවැත්වීමට නියමිතයි. මෙය (14) සිදුවි ඇත.