අනවසරයෙන් හංගමුව ගඟ තුල මැණික් ගැරූ පුද්ගලයින් 07 දෙනෙකු විශේෂ කාර්ය බලකාය නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබේ.
විශේෂ කාර්ය බලකාය කහවත්ත කඳවුරේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව (14) නිවිතිගල පොලිස් වසමේ හංගමුව ගඟ තුල දී වැටලීම් 03 ක් සිදුකර බලපත්‍ර නොමැතිව හංගමුව ගඟ තුල යන්ත්‍ර සූත්‍ර යොදා ගනිමින් මැණික් ගරමින් සිටි නිවිතිගල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 33 ත් 50 ත් අතර පුද්ගලයින් 07 දෙනෙකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා රත්නපුර මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය වෙත භාර දී ඇත.
අත්අඩංගුවට ගත් භාණ්ඩ අතර කොම්ප්‍රෙෂර් යන්ත්‍ර 02, මවුත් බට අඩි 170, යකඩ ප්ලේට් 04, හොයිස්ටර් 01 ක් හා තවත් භාණ්ඩ වේ.
විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි මෙම සියලුම වැටලීම් සහ අත්අඩංගුවට ගැනීම් සිදුකර ඇති අතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි හම්බන්තොට විදුර දිසානායක මහතාගේ අධීක්ෂණය මත කහවත්ත කඳවුරේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක එල්.එන්.ඩී. මොල්ලිගොඩ ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් මෙම වැටලීම සිදු කර ඇත.
ටී කටස් වර්ගයේ ගිනි අවියක් සමඟ පුද්ගලයකු විශේෂ කාර්ය බලකාය නිලධාරීන් අත්අඩංගුවට ගෙන ඇත.
විශේෂ කාර්ය බලකාය විශේෂ මෙහෙයුම් අංශ II හි නිලධාරීන්ට ලද තොරතුරකට (14) ඇල්පිටිය පොලිස් වසමේ තිබ්බොටුවාව, වතුරවෙල, කහදූව ලිපිනයේ පිහිටි නිවස තුල දී වැටලීමක් සිදුකර ඇත. බලපත්‍ර නොමැතිව ටී කටස් වර්ගයේ ගිනි අවියක් සන්තකයේ තබාගෙන සිටි කහදූව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 49 ක පුද්ගලයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ඇල්පිටිය පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.
විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි හා සහකාර පොලිස් අධිකාරි (බුද්ධි/විශේෂ මෙහෙයුම්/ මත්ද්‍රව්‍ය නාශක හා සංවිධානාත්මක අපරාධ මර්ධන) ඩී.එස්. කුලසේකර මහතාගේ අධීක්ෂණය මත විශේෂ මෙහෙයුම් අංශ II හි ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඩී.එල්.ඒ. කොළඹගේ ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම වැටලීම සිදු කර ඇත.
යතුරුපැදියකින් අයිස් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කල පුද්ගලයෙකු රාගම දී විශේෂ කාර්ය බලකාය නිලධාරීන්ගේ අත්අඩංගුවට
විශේෂ කාර්ය බලකාය ගෝනහේන කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව (13) රාගම පොලිස් වසමේ කිල්ස් සුපර් (Food City) ඉදිරිපිට දී වැටලීමක් සිදුකර අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑමි 10, මිලි ග්‍රෑම් 450 ක් සන්තකයේ තබාගෙන යතුරුපැදියක් මගින් ප්‍රවාහනය කරමින් සිටි වයස අවුරුදු 36 ක මීගමුව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා රාගම පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.
ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජේ.ආර්. සේනාධීර මහතාගේ අධීක්ෂණය මත ගෝනහේන කඳවුරේ පොලිස් පරික්ෂක එච්.පී.එම්.එස්.කේ. වීරක්කොඩි ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම වැටලීම සිදුකර ඇත.
යතුරුපැදියකින් හෙරොයින් ප්‍රවාහනය කල පුද්ගලයෙකු රාගම දී විශේෂ කාර්ය බලකාය නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබේ.
විශේෂ කාර්ය බලකාය ගෝනහේන කඳවුරේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව (13) රාගම පොලිස් වසමේ කිල්ස් සුපර් (Food City) ඉදිරිපිට දී වැටලීමක් සිදුකර හෙරොයින් ග්‍රෑම් 07 ක් හා ජාවාරමෙන් උපයාගත් යැයි සැක සහිත මුදල් රුපියල් 12,000.00 ක් ද සන්තකයේ තබාගෙන යතුරුපැදියක් මගින් ප්‍රවාහනය කරමින් සිටි වයස අවුරුදු 21 ක රාගම ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා රාගම පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.
විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි හා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජේ.ආර්. සේනාධීර මහතාගේ අධීක්ෂණය මත ගෝනහේන කඳවුරේ පොලිස් පරික්ෂක එච්.පී.එම්.එස්.කේ. වීරක්කොඩි ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම වැටලීම සිදුකර ඇත.
පානදුර කුඩු සලිඳු ගේ මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙය වූ කාන්තාවක් විශේෂ කාර්ය බලකාය නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබේ.
විශේෂ කාර්ය බලකාය විශේෂ මෙහෙයුම් අංශ III හි නිලධාරීන්ට ලද තොරතුරකට අනුව (13) මොරටුව පොලිස් වසමේ අංක 12/2, කිලෝවියස් මාවත, මොරටුවැල්ල, මොරටුව යන ලිපිනය පිහිටි නිවස ඉදිරිපිට දී වැටලීමක් සිදුකර විදේශගතව සිටින මහා පරිමාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු හා සංවිධානාත්මක අපරාධකරුවෙකු වන සලිඳු මල්ෂිත ගුණරත්න නොහොත් පානදුර කුඩු සලිඳු නැමැත්තාගේ පානදුර හා මොරටුව ප්‍රදේශවල මත්ද්‍රව්‍ය ජාවාරම හසුරවනු ලබන වයස අවුරුදු 38 පසුවන මොරටුව ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් හෙරොයින් ග්‍රෑම් 20, මිලි ග්‍රෑම් 600 ක් හා ජාවාරමෙන් උපයා ගන්නා බවට සැක සහිත රුපියල් 103,000.00 ක් හා ජංගම දුරකථනයක් සමග අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මොරටුව පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.