මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු හා සංවිධානාත්මක අපරාධකරුවකු වන කන්ජිපානි ඉම්රාන්ගේ මත්ද්‍රව්‍ය හා අපරාධ ජාලය මෙහෙය වූ ප්‍රධාන ගෝලයකු විශේෂ කාර්ය බලකාය නිලධාරීන් අත්අඩංගුවට ගෙන ඇත.
විශේෂ කාර්ය බලකාය බුද්ධි කොට්ඨාශයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි මෙම සියලු අත්අඩංගුවට ගැනීම් වැටලීම් සිදුකර ඇත. ඒ් අනුව සහකාර පොලිස් අධිකාරි (බුද්ධි/විශේෂ මෙහෙයුම්/ මත්ද්‍රව්‍ය නාශක හා සංවිධානාත්මක අපරාධ මර්ධන) සාගර කුලසේකර මහතාගේ අධීක්ෂණය මත බුද්ධි කොට්ඨාශයේ උප පොලිස් පරීක්ෂක ඒ.ඩී.කේ. චින්තක ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (17) කෙසෙල්වත්ත පොලිස් වසමේ අක්බාර් පටුමගට හැරෙන හන්දිය අසල දී වැටලීම සිදුකර ඇත.
එහි දී හෙරොයින් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 06 මිලි ග්‍රෑම් 410 ක් සන්තකයේ තබාගෙන සිටි ශාන්ත සැබස්තියන් වීදිය, කොළඹ 12 ප්‍රදේශයේ වයස අවුරුදු 41 ක පුද්ගලයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කෙසෙල්වත්ත පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.
අත්අඩංගුවට ගත් මෙම සැකකරු මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු හා සංවිධානාත්මක අපරාධකරුවකු වන මොහොමඩ් නජීම් මොහොමඩ් ඉම්රාන් හෙවත් කන්ජිපානි ඉම්රාන්ගේ සමීපතමයකු වන අතර ඔහුගේ සෘජු මෙහෙයවීමෙන් කොළඹ ප්‍රදේශයේ සිදුකරන ලද විවිධ වෙඩිතැබීම් හා මනුෂ්‍ය ඝාතන වලට අදාල සැකකරුවකු වේ.
2018.02.20 දින බොරැල්ල ප්‍රදේශයේ දී අසිත යන අයට වෙඩිතබා ඝාතනය කිරීමට තැත්කිරීම,2018.08.30 ජුම්මා මස්ජිත් පාර ප්‍රදේශයේ දී අබ්දුල් රවුෆ් ඝාතනයට තැත් කිරීම,2018.09.12 දින ලක්ෂිත සෙවන මහල් නිවාස සංකීර්ණය අසලදී අජ්මීර් යන අය ඝාතනයට තැත් කිරීම.
2018.10.20 ජුම්මා මස්ජිත් පාර ප්‍රදේශයේ දී අජ්මීර් යන අයට වෙඩි තැබීම,2018.11.07 ග්‍රෑන්පාස් ප්‍රදේශයේ දී නිෆ්රාස් අහමඩ් යන අයට වෙඩිතබා ඝාතනයට තැත් කිරීම,2019.07.23 වන දින හෙරොයින් මිලි ග්‍රෑම් 6,150 ක් හා අත් බෝම්බයක් සන්තකයේ තබා ගැනීම.
බලපත්‍ර නොමැතිව මැණික් ගරමින් සිටි පුද්ගලයන් පස්දෙනෙකු ඇස්වත්ත වැලි තොටුපොලේ දී විශේෂ කාර්ය බලකාය නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබේ.
විශේෂ කාර්ය බලකාය ගෝනහේන කඳවුරේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජේ.ආර්. සේනාධීර මහතාගේ අධීක්ෂණය මත ගෝනහේන කඳවුරේ පොලිස් පරික්ෂක කේ.එම්.එස්. බංඩාර ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (17) කොස්ගම පොලිස් වසමේ ඇස්වත්ත වැලි තොටුපල අසල දී වැටලීමක් සිදුකර බලපත්‍ර නොමැතිව මැණික් ගරමින් සිටි වයස අවුරුදු 25 ත් 56 ත් අතර පුවක්පිටිය හා බොරලැස්ගමුව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයන් පස්දෙනෙකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ඇහැලියගොඩ ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය වෙත භාර දී ඇත.
එහිදි එන්ජිමක් සවිකරණ ලද ඇදුම් උපකරණයක්,වායු පීඩන යන්ත්‍රයක්,කිමිදුම් බටයක්, ඔක්ෂිජන් ටංකියක්, ගැරුම් වට්ටි හයක් අත්අඩංගුවට ගෙන ඇත.
විදෙස් ගතව සිටින සංවිධානාත්මක අපරාධ හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනෙකුගේ මෙරට මත්ද්‍රව්‍ය ජාලය හැසිර වූ ප්‍රධාන ගෝලයකු විශේෂ කාර්ය බලකාය නිලධාරීන්ගේ අත්අඩංගුවට
විශේෂ කාර්ය බලකාය දකුණු පලාත් විශේෂ මෙහෙයුම් ඒකකයෙහි නිලධාරීන්ට ල තොරතුරකට අනුවසහකාර පොලිස් අධිකාරි (බුද්ධි/විශේෂ මෙහෙයුම්/ මත්ද්‍රව්‍ය නාශක හා සංවිධානාත්මක අපරාධ මර්ධන) සාගර කුලසේකර මහතාගේ අධීක්ෂණය මත දකුණු පලාත් විශේෂ මෙහෙයුම් ඒකකයෙහි උප පොලිස් පරික්ෂක ඩී.එම්.එස්. හේමාල් ඇතුළු නිලධාරීන් කණ්ඩායමක්(16) අහුන්ගල්ල පොලිස් වසමේ බෝගහපිටිය, ලෝකන් වත්ත, අහුන්ගල්ල යන ලිපිනයේ දී වැටලීම සිදුකර හෙරොයින් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 05 මිලි ග්‍රෑම් 830 ක්, මුදල් රුපියල් 595,000 ක් සහ ජංගම දුරකථන 02 ක් සන්තකයේ තබාගෙන සිටි ලෝකන් වත්ත, අහුන්ගල්ල ප්‍රදේශයේ වයස අවුරුදු 33 ක පුද්ගලයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා අහුන්ගල්ල පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.
තවද සැකකරුගෙන් වැඩිදුර ප්‍රශ්න කිරීමේ දී දැනට විදෙස්ගතව සිටින නීති විරෝධී මත්‍ද්‍රව්‍ය හා සංවිධානත්මක අපරාධ කරුවන් වන මධුශාන් ආබෘ සහ නදීෂ් කුමාර නොහොත් බබා නැමැති අයවලුන්ගේ මෙරට මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවනු ලබන සමීපතම පුද්ගයකු බවට අනාවරණය වී ඇත.
මිලියන 15 කට අධික වටිනා එනසාල් තීරු බදු නොගෙවා ඉන්දියාවෙි සිට බෝට්ටු මගින් හොර පාරෙන් ලංකාවට ගෙන්වූ පුද්ගලයන් දෙදෙනෙකු විශේෂ කාර්ය බලකාය නිලධාරීන්ගේ අත්අඩංගුවට*
විශේෂ කාර්ය බලකාය පුත්තලම කඳවුරේ නිලධාරීන්ට ශ්‍රී ලංකා නාවික හමුදා නිලධාරීන්ගෙන් ලැබුණු තොරතුරකට අනුව කලාප අණදෙන නිලධාරී ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිෂේද ප්‍රනාන්දු මහතාගේ අධීක්ෂණය යටතේ පුත්තලම කඳවුරේ කඳවුර අණදෙන නිලධාරි ප්‍රධාන පොලිස් පරික්ෂක එන්.එල් ක්‍රිශාන්ත ඇතුළු කඳවුරේ නිලධාරීන් කණ්ඩායමක් (16) කල්පිටිය පොලිස් වසමේ ඒත්තාලේ ප්‍රදේශයේ දී වැටලීමක් සිදුකර පුත්තලම කඳවුරේ නිලධාරීන්ට නාවික හමුදා බුද්ධි අංශයෙ න් ලද තොරතුරකට අනුව වහා ක්‍රියාත්මක වූ නිලධාරීන් නීති විරෝධීව තීරු බදු නොගෙවා හොර රහසේ මුහුදු මාර්ගයෙන් මෙරටට ගෙන්වන ලද මිලියන 15 කට අධික වටිනාකමක් ඇති එනසාල් කිලෝ 1266 ක් අළුයම 0100 පමණ කැබ් රථ දෙකකින් ප්‍රවාහන සදහා සූදානම් කරමින් සිටි පුත්තලම සහ ඒත්තාලේ ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 33 සහ 40 වයසේ පසුවන පුද්ගලයන් දෙදෙනෙකු සමග එම එනසාල් තොගය සමග අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා නයිකන්ද රේගු කාර්යාලය වෙත භාර දී ඇත.
දීර්ඝ කාලයක සිට මෙලෙස ඉන්දියාවෙි කේරළ ප්‍රාන්තයේ සිට බෝට්ටු මගින් ගෙන්වන මෙම එනසාල් මගින් ලංකාවට විශාල බදු මුදලක් අහිමි කරමින් සිදුකර ගෙන ගොස්,ඇති අතර මෙලෙස ශ්‍රී ලංකා මුහුදු තීරය මගින් සිදුවන මෙවැනි ජාවාරමි මැඩලිම සදහා විශේෂ කාර්ය බලකාය නිරන්තරයෙන්ම මෙහෙයුම් කටයුතු සිදුකරනු ලබයි.