ආසියාවේ මහා සිනමාකරුවකු මෙන්ම හෙළයේ මහා සිනමාකරුවා වශයෙන් හැඳින්වෙන, දිවංගත ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ බිරිඳ වූ ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂිකා ආචාර්ය සුමිත්‍රා පීරිස් මහත්මිය ඊයේ (19) පෙරවරුවේ අභාවප්‍රාප්තවිය.
මියයන විට ඒ මහත්මිය 88 වැනි වියේ පසුවූවා ය. ඇය අවිස්සාවේල්ලේදී මූලික අධ්‍යාපනය ලබා පසුව කොළඹ විශාකා විද්‍යාලයෙන් සිප් සතර හදාරා තිබේ. පසුව විදෙස්ගතව උසස් අධ්‍යාපනය හදාරා තිබේ.සුමිතා පීරිස් මහත්මිය ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් සමඟ විවාහ වුයේ 1964 ජුනි 19 වනදා ඕල් සේන්ට්ස් (All Saints) දේවස්ථානයේ දීය. ඇය ගැහැණු ළමයි, ගඟඅද්දර, යහළුයෙහෙළි, මායා, සාගර ජලය මදි හැඬුවා ඔබ හන්දා, ලොකුදුව, දුවට මවක මිස, සක්මන් මළුව, යහළුවෝද නිෂාපදක වරියක් ලෙස දෑස නිසා චිත්‍රපටද සංස්කරණයෙන් ගම්පෙරළිය,දෙලොවක් අතර, බක්මහාදීගේ, මඩොල්දුව, අහසින් පොළවට හා ගඟඅද්දර සිනමාපට සඳහා සිය දායකත්වය ලබාදී තිබේ. සුමිත්‍රා පීරිස් මහත්මිය අන්තර්ජාතික සම්මාන දොළහක්ද ජනාධිපති සම්මාන හයවාරයක්ද සරසවි සම්මාන පස් සැරයක්ද ඔ්.සි.අයි.සි. සම්මාන සිව්වතාවක්ද වෙනත් සම්මාන හිමිකරගෙන තිබේ.