29.1 C
Sri Lanka
Monday, May 12, 2025
Homeදේශීය පුවත්police newsනීතිවිරෝධි ගබ්සාවන්ට යොදාගන් පෙති හා ගංජා මිශ්‍ර මදනමෝදක ප්‍රවාහනය කළ අය එස්.ටී.එෆ්.දැලේ

නීතිවිරෝධි ගබ්සාවන්ට යොදාගන් පෙති හා ගංජා මිශ්‍ර මදනමෝදක ප්‍රවාහනය කළ අය එස්.ටී.එෆ්.දැලේ

නීති විරෝධී ගබ්සාවන් සිදු කිරිමට යොදාගන්නා ඹෟෂධ පෙති අලෙවි කිරීමට සූදානමින් සිටි පුද්ගලයන් දෙදෙනෙකු විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබේ.

විශේෂ කාර්ය බලකාය අනුරාධපුර කඳවුරේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව(18) අනුරාධපුර පොලිස් වසමේ අනුරාධපුර නව බස් නැවතුම්පල ඉදිරිපිට චමී ෆාමසිය පිටුපස අතුරු හරස් මාර්ගයේ දී වැටලීමක් සිදුකර නීති විරෝධී ගබ්සාවන් සිදු කිරිමට යොදාගන්නා “Combipack of Mifepristone & Misoprostol Tablets”හා Contrakit & Misoprostol Tablets 200mg වර්ගයේ ඖෂධ පෙති 55 ක් මුදලට අලෙවි කිරීම සඳහා සන්තකයේ තබාගෙන සිටි පොල්ගොල්ල හා කොළඹ 12 ප්‍රදේශයන් වල පදිංච් වයස අවුරුදු 37,38 පසුවන පුද්ගලයන් දෙදෙනෙකු ප්‍රවාහනයට යොදාගත් වෑන් රථය සමග අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා අනුරාධපුර දිස්ත්‍රීක් ආහාර හා ඔෘෂධ පරික්ෂක ආර්.එම්.පී.යූ. කුමාර මහතා වෙත භාර දී ඇත.
විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි කලාප අණදෙන නිලධාරී ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඩී.ඩී.ඩී.කේ. හෙට්ටිආරච්චි මහතාගේ අධීක්ෂණය යටතේ සහකාර පොලිස් අධිකාරී ඩබ්.වී.ආර්.එම්. අබේසේකර මහතාගේ මඟ පෙවන්වීම මත විශේෂ කාර්ය බලකාය අනුරාධපුර කඳවුරේ දෙවන කඳවුර අණදෙන නිලධාරී පොලිස් පරීක්ෂක ජි.ජි.වයි.ආර්. දායාරත්න ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම වැටලීම සිදු කර ඇත.

ගංජා මිශ්‍ර මදනමෝදක 1,750ක්යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු විශේෂ කාර්ය බලකාය නිලධාරීන්ගේ අත්අඩංගුවට

විශේෂ කාර්ය බලකාය තිරුක්කෝවිල් කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව (18) අක්කරපත්තුව පොලිස් වසමේ අස්රෆ් ප්‍රදේශයේ දී වැටලීමක් සිදුකර ඇත.
එහි දී ගංජා මිශ්‍ර මදනමෝදක 1,750 ක් සන්තකයේ තබාගෙන යතුරුපැදියක් මගින් ප්‍රවාහනය කරමින් සිටි පූගොඩ ප්‍රදේශයේ පදිංච් වයස අවුරුදු 27 ක පුද්ගලයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා අක්කරපත්තුව පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.
සහකාර පොලිස් අධිකාරී බන්දුසිරි මහතාගේ අධීක්ෂණය සහ මඟ පෙන්වීම මත තිරුක්කෝවිල් කඳවුරේ උප පොලිස් පරික්ෂක ඒ.එච්.එල්. දිල්ශාන් ඇතුළු කඳවුරේ නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම වැටලීම සිදුකර ඇත.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments