28.1 C
Sri Lanka
Sunday, May 11, 2025
Homeදේශීය පුවත්police newsප්‍රබල අපරාධකරුවෙකුවන හරක්කටාගේ සමීපමතයින් නීතිවිරෝධි මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට.

ප්‍රබල අපරාධකරුවෙකුවන හරක්කටාගේ සමීපමතයින් නීතිවිරෝධි මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට.

හෙරොයින් ජාවාරම් කරමින් සිටි පුද්ගලයන් තිදෙනෙකු රාජගිරියේ දී විශේෂ කාර්ය බලකාය නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබේ.

විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි මෙම සියලු වැටලීම් සහ අත්අඩංගුවට ගැනීම් සිදුකර තිබේ.
විශේෂ කාර්ය බලකාය ගෝනහේන කඳවුරේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව සහකාර පොලිස් අධිකාරී එච්.එම්. කිර්ති විජේසිංහ මහතාගේ අධීක්ෂණය මත ගෝනහේන කඳවුරේ පොලිස් පරික්ෂක‍ එස්.පි. ගුණතිලක ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (20) වැලිකඩ පොලිස් වසමේ රාජගිරිය මැක්ඩොනල්ඩ් ආයතනයේ රථගාල ඉදිරිපිට දී වැටලීමක් සිදුකර ඇත.
හෙරොයින් කිලෝ ග්‍රෑම් 01, ග්‍රෑම් 254 ක් හා ජාවාරමින් ලබාගත් මුදල් රුපියල් 147,000.00 ක් සන්තකයේ තබාගෙන වෑන් රථයක් මගින් ප්‍රවාහනය කරමින් සිටි වයස අවුරුදු 39, 48 පසුවන පුත්තලම හා මට්ටක්කුලිය යන ප්‍රදේශවල පදිංචි පුද්ගලයන් දෙදෙනෙකු හා ජාවාරම් කිරීමට අනුබල දුන් මහරගම පදිංච් වයස අවුරුදු 41 ක තවත් පුද්ගලයෙකු පන්නිපිටිය, ඇරව්වල දී අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය වෙත භාර දී ඇත.

හරක්කටාගේ ප්‍රධානම ගෝලයෙකු වන සම්පත් හේමන්ත රාමනායක හෙවත් රාමේ සුද්ධා හෙරොයින් සමඟ විශේෂ කාර්ය බලකාය නිලධාරීන්ගේ අත්අඩංගුවට
විශේෂ කාර්ය බලකාය සංවිධානාත්මක අපරාධ මර්ධන ඒකකය II හි නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව සහකාරපොලිස් අධිකාරි මෙහෙයුම්/ මත්ද්‍රව්‍ය නාශක හා සංවිධානාත්මක අපරාධ මර්ධන) සාගර කුලසේකර මහතාගේ අධීක්ෂණය යටතේ සංවිධානාත්මක අපරාධ 11හි නිලධාරීන් කණ්ඩායමක් (20) දික්වැල්ල පොලිස් වසමේ අංක 118/V/01, පරගහා වත්ත, හේනේගම, අකුරෑස්ස යන ලිපිනයේ දී වැටලීම සිදුකර හෙරොයින් ග්‍රෑම් 21, මිලි ග්‍රෑම් 230 ක් සන්තකයේ තබාගෙන සිටි වැලිගම ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 35 පසුවන සම්පත් හේමන්ත රාමනායක හෙවත් රාමේ සුද්ධා අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා දික්වැල්ල පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.

වැඩිදුර පරීක්ෂණ සිදු කිරීමේදී මෙම පුද්ගලයා නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක්කටා නැමැති සංවිධානාත්මක අපරාධකරුගේ මෙහෙය වීමෙන් සිදුකරන ලද එම්.ඩබ්. මදුර ලක්ෂිත නොහොත් මිදිගම හිච්චි මල්ලි යන අය ඝාතනය සඳහා අධාර අනුබල දුන් හරක්කටාගේ සමීපතමයෙකු වන පුද්ගලයකු බව අනාවරණය වී ඇත.

පොලිස් විශේෂ කාර්ය බලකායෙ අනදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස් පති නීතීඥ වරුණ ජයසුන්දර මහතා සේනාවිධායක ලෙස පත්වීමෙන් පසු නිරන්තරයෙන්ම මත්ද්‍රව්‍ය හා ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගැනීමට සුවිශේෂ අවධානයක් යොමු කල අතර ගතවු වසර දෙක හමාරක පමන කාලය තුල හෙරෝයින් කි.ග්‍රෑ. 234ක් පමන අත්අඩංගුවට ගෙන ඇති අතර පොලිස් විශේෂ කාර්ය බලකාය ජාත්‍යන්තරය දක්වා දිවෙන මත්ද්‍රව්‍ය ජාලය අඩපන කිරීමට නිරන්තරයෙන්ම වැටලීමි සිදු කරයි

හරක්කටාගේ අනියම් බිරිඳ (ටීනා) හෙරොයින් සමඟ විශේෂ කාර්ය බලකාය නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබේ.

විශේෂ කාර්ය බලකාය සංවිධානාත්මක අපරාධ මර්ධන ඒකකය II හි නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුවසහකාර පොලිස් අධිකාරි (බුද්ධි/විශේෂ මෙහෙයුම්/ මත්ද්‍රව්‍ය නාශක හා සංවිධානාත්මක අපරාධ මර්ධන) සාගර කුලසේකර මහතාගේ අධීක්ෂණය මත පොලිස් පරීක්ෂක පී.ඩබ්.ඒ.ජේ.පී.කේ. වන්නිආරච්චි ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (18) මහරගම පොලිස් වසමේ අංක 107/15 A1, උඩහේන පාර, මහරගම ලිපිනයේ දී වැටලීම සිදුකර හෙරොයින් ග්‍රෑම් 12, මිලි ග්‍රෑම් 800 ක් සන්තකයේ තබාගෙන සිටි මහරගම ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 31 ක කාන්තාවක් අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා තිහගොඩ පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.
මෙම කාන්තාවගේ ස්වාමිපුරුෂයා වන දිනේෂ් මදුසංඛ නොහොත් බුලා යන අය දැනට රක්ෂිත බණ්ධනාගාර ගතව සිටින අතර මෙම කාන්තාව ඝාතනයට ලක්වු එම්.ඩබ්. මදුර ලක්ෂිත නොහොත් මිදිගම හිච්චි මල්ලි යන අය සමග අනියම් සම්බන්ධතාවයක් පවත්වාගෙන ගොස් ඇති බවත්, තවද ඇය විසින් මහා පරිමාන මත්ද්‍රව්‍ය ජාවරම් කරුවකු හා සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක්කටා නැමැත්තා සමඟ ද අනියම් සම්බන්ධතාවයක් පවත්වාගෙන ගොස් ඇති බවට තොරතුරු අනාවරණය වු අතර, මැය විසින් හරක්කටා නැමැති සංවිධානාත්මක අපරාධ කරුගේ මෙරට මත්ද්‍රව්‍ය ජාවරම් කටයුතු මෙහෙයවා ඇත. හරක්කටාගේ උපදෙස් පරිදි ටීනා නැමැත්තිය විසින් එම්.ඩබ්. මදුර ලක්ෂිත නොහොත් මිදිගම හිච්චි මල්ලි ඝාතනය සැලසුම්කොට ඇති බවට තොරතුරු අනාවරණය විය.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments