විශේෂ කාර්ය බලකාය බුත්තල කඳවුරේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි විශේෂ කාර්ය බලකාය බුත්තල කඳවුරේ දෙවන කඳවුර අණදෙන නිලධාරි පොලිස් පරික්ෂක කේ.ඒ.ඩි.එස්. චින්තක ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (24) වන දින කතරගම පොලිස් වසමේ සෙල්ලංගල ප්‍රදේශයේ දී වැටලීමක් සිදුකර ඇත.
එහි දී අක්කර 01 ක පමණ භූමි ප්‍රමාණයක නීති විරෝධී ලෙස වගා කර තිබු අඩි 08 ක් පමණ වු උස ගංජා ගස් 15,000 ක පමණ හේනක් සමග මිද්දෙනිය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 38, 63 ක් වන පුද්ගලයින් දෙදෙනෙකු ජංගම දුරකථනයක් සමඟ අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කතරගම පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.
අයිස් මත්ද්‍රව්‍ය සන්තකයේ තබාගෙන ජාවාරම් කළ පුද්ගලයකු පොලිස් විශේෂ කාර්ය බලකාය නිලධාරින් අත්අඩංගුවට ගෙන තිබේ.
විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි මෙම සියලු වැටලීම් සහ අත්අඩංගුවට ගැනීම් සිදුකර විශේෂ කාර්ය බලකාය ගෝනහේන කඳවුරේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව විශේෂ කාර්ය බලකාය ගෝනහේන කඳවුරේ ස්ථානාධිපති විශේෂ මෙහෙයුම් ඒකකය පොලිස් පරික්ෂක එස්.ඩි.පි.එන්. දේශප්‍රිය ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (23) පැලියගොඩ පොලිස් වසමේ අංක 319/6, දිප්පිටිගොඩ, කැළණිය යන ලිපිනයේ දී වැටලීමක් සිදුකර අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 02 සන්තකයේ තබාගෙන ජාවාරම් කළ වනවාසල, කැළණිය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 34 ක පුද්ගලයකු ජංගම දුරකථනයක් සමඟ අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා පැළියගොඩ පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.
PANAMA ලෙස සඳහන්කර ඇති නීති විරෝධී මත් පෙති 100 සන්තකයේ තබාගෙන ජාවාරම් කළ පුද්ගලයකු පොලිස් විශේෂ කාර්ය බලකාය නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබේ.
විශේෂ කාර්ය බලකාය ගෝනහේන කඳවුරේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව විශේෂ කාර්ය බලකාය ගෝනහේන කඳවුරේ ස්ථානාධිපති විශේෂ මෙහෙයුම් ඒකකය පොලිස් පරික්ෂක එස්.ඩි.පි.එන්. දේශප්‍රිය ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (23) කොටහේන පොලිස් වසමේ Hillneeds Plantation Engineers ආයතනය ඉදිරිපිට දී වැටලීමක් සිදුකර PANAMA ලෙස සදහන්කර ඇති නීති විරෝධී මත් පෙති 100 සන්තකයේ තබාගෙන ජාවාරම් කළ කොටහේන, කොළඹ 13 ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 50 ක පුද්ගලයකු ජංගම දුරකථනයක් සමඟ අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කොටහේන පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.
අක්කරයක පමණ භූමි ප්‍රමාණයක වගා කර තිබු ගංජා හේනක් සමග සැකකරුවන් දෙදෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගෙන තිබේ.
ඩුබායි හි සැගව සිට මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවන කොලොන්නාවෙ ධනුෂ්කගෙ මෙරට මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවන තේෂාන් තරෙන්ද නොහොත් යකඩ තරිදු අයිස් මත්ද්‍රව්‍ය සමග පොලිස් විශේෂ කාර්ය බලකායේ අත්අඩංගුවට
විශේෂ කාර්ය බලකාය බුද්ධි කොට්ඨාසයේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව සහකාර පොලිස් අධිකාරි (බුද්ධි/විශේෂ මෙහෙයුම්/ මත්ද්‍රව්‍ය නාශක හා සංවිධානාත්මක අපරාධ මර්දන) සාගර කුලසේකර මහතාගේ අධීක්ෂණය මත විශේෂ කාර්ය බලකාය බුද්ධි කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් (22) ගොතටුව ප්‍රදේශයේ දී වැටලීම සිදුකර ඩුබායිහි පදිංචිව සිටිමින් ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාලය මෙහෙය වන කුප්‍රකට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන කොළොන්නාවේ ධනුස්කගේ මෙරට මත්ද්‍රව්‍ය ජාලය මෙහෙය වන වන 28 හැවිරිදි තෙෂාන් තරෙන්ද නොහොත් යකඩ තරිදු අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 11, මිලි ග්‍රෑම් 650 ක් හා මත්ද්‍රව්‍ය ජාවාරමින් උපයාගන්නා ලද මුදල් රුපියල් 560,200.00 ක් සමඟ අත්අඩංගුවට ගැනීමට පොලිස් විශේෂ කාර්ය බලකායෙ බුද්ධි කොට්ඨාසයේ නිලධාරීන් සමත් විය.අත්අඩංගුවට ගත් සැකකරු සහ මත්ද්‍රව්‍ය ,මුදල් වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ගොතටුව පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.
අයිස් මත්ද්‍රව්‍ය සහ හෙරොයින් සන්තකයේ තබාගෙන ජාවාරම් කළ පුද්ගලයකු පොලිස් විශේෂ කාර්ය බලකායේ අත්අඩංගුවට*
විශේෂ කාර්ය බලකාය ගෝනහේන කඳවුරේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව විශේෂ කාර්ය බලකාය ගෝනහේන කඳවුරේ පොලිස් පරික්ෂක එස්.ඩි.පි.එන්. දේශප්‍රිය ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (23) සපුගස්කන්ද පොලිස් වසමේ අංක 306/බි/1, රන්කෙත්යාය, මාකොල දකුණ, මාකොල ලිපිනයේ දී වැටලීමක් සිදුකර අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 501 සහ හෙරොයින් ග්‍රෑම් 56 සන්තකයේ තබාගෙන ජාවාරම් කළ මට්ටක්කුලිය, කොළඹ 15 ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 33 ක පුද්ගලයකු මත්ද්‍රව්‍ය ජාවාරමින් උපයාගන්නා ලද මුදල් රුපියල් 95,000.00 ක් සහ ඩිජිටල් තරාදියක්, ජංගම දුරකථන 02 ක් සමඟ අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා සපුගස්කන්ද පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.
ඉංගිරිය මඩකඩ රක්ෂිතයේ කසිප්පු පෙරූ පුද්ගලයින් තිදෙනෙකු විශේෂ කාර්ය බලකායේ අත්අඩංගුවට
විශේෂ කාර්ය බලකාය හොරණ කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව (22) ඉංගිරිය පොලිස් වසමේ කුරණ, මඩකඩ රක්ෂිත ප්‍රදේශයේ දී වැටලීමක් සිදුකර මඩකඩ රක්ෂිත ප්‍රදේශයේ නීති විරෝධී මත්පැන් නිෂ්පාදනය කරමින් සිටි පුද්ගලයින් තිදෙනෙකු මත්පැන් ලීටර් 157.5, මත්පැන් නිෂ්පාදනයට යොදාගන්නා ගෝඩා ලීටර් 3,660, යකඩ බැරල් 20 ක් හා තඹ දඟර 03 ක් සමඟ අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ඉංගිරිය පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.
කලාප අණදෙන නිලධාරී ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අතුල රත්නායක මහතාගේ අධීක්ෂණය යටතේ සහකාර පොලිස් අධිකාරී රනසූරිය මහතාගේ මඟ පෙන්වීම මත විශේෂ කාර්ය බලකාය හොරණ කඳවුරේ උප පොලිස් පරීක්ෂක ආර්.පී.ඩී. අල්විස් ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම වැටලීම සිදු කර ඇත.
තහනම් දැල් යොදා මසුන් මැරෑ පුද්ගලයකු පොලිස් විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගෙන තිබේ.
විශේෂ කාර්ය බලකාය යාපනය කඳවුරේ නිලධාරීන්ට ශ්‍රී ලංකා නාවික හමුදා බුද්ධි අංශයෙන් ලැබුණු තොරතුරකට අනුව විශේෂ කාර්ය බලකාය යාපනය කඳවුරේ උප පොලිස් පරික්ෂක ටි.එම්.පි.බ්. තෙන්නකොන් ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (23) යාපනය පොලිස් වසමේ නො. 127, කන්කසන්තුරේ පාර, යාපනය ලිපිනයේ පිහිටි “කිරුබා ස්ටෝස්” නැමති වෙළදසැලේ දී අත්අඩංගුවට ගැනීමක් සිදුකර ඇත.
එහි දී නීති විරෝධී තහනම් තංගුස් වර්ගයේ මාළු දැල් 294 ක් සන්තකයේ තබාගෙන සිටි ඉයක්කච්චි ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 45 ක පුද්ගලයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා යාපනය ධීවර හා ජලජ සමිපත් දෙපාර්තමේන්තුවේ නිලධාරින් වෙත භාර දී ඇත.