මුජිබර් රහුමාන් මන්ත්‍රීවරයා ඉල්ලා අස්වීමෙන් පසු පුරප්පාඩු වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සඳහා ඒ.එච්.එම් ෆවුසි මහතාගේ නම ගැසට් කර තිබේ.
මෙවර පළාත් පාලන මැතිවරණය සඳහා කොළඹ පුරපති ධූරයට තරග කිරීමට සමගි ජන බලවේගයේ මුජිබර් රහුමාන් මහතා සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් පසුගිය 20 වනදා ඉල්ලා අස්වී තිබුණි.
මුජිබර් රහුමාන් මන්ත්‍රීවරයාගේ ඉල්ලා අස්වීමත් සමග හිටපු අමාත්‍යවරයෙකු වන ඒ.එච්.එම් ෆවුසි මහතාට පාර්ලිමේන්තුවට පිවිසීමේ අවස්ථාව උදාවී තිබේ.
ඒ අනුව පරප්පාඩු වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සඳහා ඒ.එච්.එම් ෆවුසි මහතාගේ නම මැතිවරණ කොමිසම විසින් ගැසට් කර ඇති බව සඳහන්ය.
පසුගිය මහ මැතිවරණයේදී සමගි ජනබලවේගයට කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසන 06ක් හිමිවූ ඒ.එච්.එම් ෆවුසි මහතාට මනාප 48,701ක් හිමිව තිබුණි.
ඒ අනුව ඔහු මනාප ලැයිස්තුවේ 07වන ස්ථානයට පත් වුණි.
කොළඹ හිටපු නගරාධිපතිරයෙකු ද වන ඒ.එච්.එම් ෆවුසි මහතා මේ වන විට 85 වියෙහි පසුවේ.